අපේ ජීවිතවල ඉන්න සමහර හිතවතුන්, යාළුවන් නැත්නම් නෑදෑයන් ඉන්නවා නේද? ඔවුන් අපිට කතා කරන්නේම තමන්ගේ ප්‍රශ්නයක්, දුකක් නැත්නම් කා ගැන හරි තියෙන කේන්තියක් කියන්න විතරමයි. හිතවතෙකුට ප්‍රශ්නයක් වුණ වෙලාවක සවන් දෙන එක සහ උදව් කරන එක හොඳ ගුණාංගයක් වුණත්, සමහර අය කරන්නේ තමන්ගේ හිතේ තියෙන හැම ඍණාත්මක කුණු ගොඩක්ම දිගින් දිගටම ඔබේ ඔළුවට අතහරින එකයි. මනෝවිද්‍යාවේදී මේකට කියන්නේ Dumping හෙවත් ‘Emotional dumping’ කියලා.
Read more on Liya.lk 👇🏼
ඔබත් නිතරම මේ වගේ Dumping ක්‍රියාවලියකට ලක්වෙනවා නම්, ටික දවසක් යද්දී ඔබට පුදුමාකාර මානසික වෙහෙසක් (Mental exhaustion) දැනෙන්න පටන් ගනීවි. අන් අයගේ ප්‍රශ්න ඔබේ ඔළුවට දාගෙන විඳවන මේ පුරුද්ද පාලනය කරගෙන, ඔබේම මානසික සුවය රැකගන්නේ කොහොමද කියලා අද Liya.lk තුළින් අපි කතා කරමු.
මොකක්ද මේ Emotional Dumping කියන්නේ?
අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ “Healthy Venting” (නිරෝගී ලෙස දුක පැවසීම) සහ Emotional dumping අතර තියෙන වෙනස.
- Healthy Venting: යාළුවෙක් තමන්ගේ ප්‍රශ්නයක් කියලා, ඒකට විසඳුමක් සොයන්න උත්සාහ කරනවා. එතැනදී ඔබේ පැත්ත ගැනත් ඔවුන් හිතනවා.
- Emotional Dumping: කිසිම අවසරයකින් තොරව, එක දිගට තමන්ගේ ඍණාත්මක හැඟීම් (Negative emotions) සහ පැමිණිලි ඔබේ ඔළුවට පටවනවා. ඔවුන්ට විසඳුම් අවශ්‍ය නැහැ, ඔවුන් කරන්නේ තමන්ගේ හිතේ බර ඔබ පිට පටවා නිදහස් වීම විතරයි.
මේ වගේ Dumping නිසා ඔබ නොදැනුවත්වම අන් අයගේ Stress එක, කේන්තිය සහ බිය ඔබේ ශරීරයට උරා ගන්නවා. අවසානයේදී ඔවුන් සැහැල්ලු වෙලා යද්දී, ඔබ ඉතිරි වෙන්නේ දැඩි මානසික පීඩනයක් සහ හිස් බවක් එක්කයි.
ඔබේ මානසික සුවය වෙනුවෙන් සීමාවන් (Boundaries) පනවා ගන්නේ කොහොමද?
අනුන්ට උදව් කරන්න කලින් තමන්ගේ මනස නිරෝගීව තබාගැනීම ආත්මාර්ථකාමීත්වයක් නෙවෙයි. ඒ සඳහා ඔබට කළ හැකි සරල පියවර කිහිපයක් මෙන්න:
1. කතා කිරීමට පෙර සූදානම පරීක්ෂා කරන්න
යාළුවෙක් කතා කරලා එක පාරටම ප්‍රශ්න වැලක් කියවන්න ලෑස්ති වෙද්දී, ඔබට ඒ වෙලාවේ ඒක අහන්න මානසික නිදහසක් නැත්නම් එය ආදරයෙන් පවසන්න. “මම ඔයාට ආදරෙයි, ඒත් මම මේ වෙලාවේ පොඩි ඔෆිස් ප්‍රශ්නයක ඉන්නේ. අපිට රෑ වෙලා මේ ගැන කතා කරමුද?” වගේ දෙයක් පැවසීමෙන් ඔබට අනවශ්‍ය Dumping වලින් බේරෙන්න පුළුවන්.
2. කාලය සීමා කරන්න (Time Limits)
සමහර අය පැය ගණන් එකම ප්රශ්නය කියවමින් ඔබේ කාලය සහ ශක්තිය කා දමනවා. ඒ වගේ වෙලාවට සංවාදය ආරම්භයේදීම, “මට විනාඩි 15කින් වෙන වැඩක් තියෙනවා, ඒ නිසා අපි ඉක්මනින් කතා කරමු” කියලා සීමාවක් දාන්න. කාලය සීමා කරද්දී ඔවුන් අනවශ්‍ය දේවල් කියවන්නේ නැතුව ප්‍රධාන ප්රශ්නය විතරක් කතා කරන්න පෙළඹෙනවා.
3. විසඳුම් කරා ඔවුන්ව යොමු කරන්න
නිතරම පැමිණිලි කරන කෙනෙක්ගෙන්, “ඉතින් ඔයා මේ ප්රශ්නය විසඳගන්න මොකක්ද කරන්න හිතන් ඉන්නේ?” කියලා කෙළින්ම අහන්න. ඔවුන් කරන්නේ හුදෙක් Dumping එකක් නම්, ඔබ විසඳුම් අහන කොට ඔවුන් කතාව නතර කරන්න හෝ වෙනස් කරන්න උත්සාහ කරාවි. මොකද ඔවුන්ට අවශ්‍ය ප්රශ්නය විසඳගන්න නෙවෙයි, වැලපෙන්න විතරයි.
අනුන්ගේ ප්‍රශ්න උරා ගැනීමෙන් මනස නිදහස් කරගන්නා ක්‍රම
ඔබ දැනටමත් කාගේ හරි ප්‍රශ්නයක් අහලා ඔළුව අවුල් කරගෙන නම් ඉන්නේ, ඒ Dumping ශක්තිය (Energy) ශරීරයෙන් ඉවත් කරන්න මේ දේවල් කරන්න:
- Physical Movement: විනාඩි 5ක් එළිමහනේ ඇවිදින්න, නැත්නම් ඇඟ හොල්ලලා පොඩි Stretching එකක් කරන්න. ශාරීරික චලනයන් මඟින් මනසේ තියෙන බර ගතිය ඉක්මනින් අඩු වෙනවා.
- Water Therapy: මූණ කට සෝදාගන්න, නැත්නම් වතුර වීදුරුවක් සෙමින් පානය කරන්න. වතුර කියන්නේ අපේ ශරීරය වගේම මනසත් ක්ෂණිකව සන්සුන් (Calm) කරන සුපිරිම මෙවලමක්.
- Digital Detox: ප්‍රශ්න කියන යාළුවන්ගේ මැසේජ් සහ කෝල්ස් නිතරම එනවා නම්, දවසේ නිශ්චිත වෙලාවක ෆෝන් එක “Do Not Disturb” මෝඩ් එකට දාලා තියන්න.
ඔබ “Emotional Sponge” කෙනෙක්ද කියලා හඳුනාගන්න
සමහර අය ඉන්නවා අන් අයගේ හැඟීම් මාරම විදිහට තමන්ගේ ඇඟට ගන්නා අය. ඔවුන්ට කියන්නේ “Empath” නැත්නම් Emotional Sponge කියලා. ඔබත් ඒ වගේ කෙනෙක් නම්, කාගේ හරි අඬවැඩියාවක් ඇහුවට පස්සේ ඔබට බඩේ කොරවීම්, හිසරදය හෝ අධික කම්මැලි කමක් දැනෙන්න පුළුවන්.
බාහිරින් එන මේ වගේ Dumping ප්‍රහාරවලින් බේරෙන්න නම්, “මේ ප්රශ්නය මගේ නෙවෙයි, මට මේක විසඳන්න බැහැ, මම යාළුවෙක් විදිහට අහගෙන හිටියා විතරයි” කියලා මනසට නිතරම මතක් කරලා දෙන්න. අනුන් වෙනුවෙන් කණගාටු වීම සාමාන්‍ය වුණත්, ඔවුන්ගේ ප්‍රශ්න අස්සේ ඔබ ගිලී යා යුතු නැහැ.
හොඳ හිතවතෙක් වීම කියන්නේ අනුන්ගේ හැම ඍණාත්මක කුණු ගොඩක්ම තමන්ගේ ඔළුවට දාගන්නා කුණු කූඩයක් වීම නෙවෙයි. ජීවිතයේ සීමාවන් පනවා ගැනීම (Setting boundaries) කියන්නේ ආත්මාර්ථකාමීත්වයක් නොව, ඔබේ මානසික සෞඛ්‍යය රැකගන්න කරන අත්‍යවශ්‍යම දේකටයි. අන් අයට උදව් කරන අතරතුර, මේ පීඩාකාරී Dumping තත්ත්වයෙන් ඔබේ මනස බේරාගන්න අද සිටම පියවර ගන්න.
Read more 👇🏼



