එය සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනකින්ම ක්‍රියා කරන ආකාරයකින් නිර්මාණය කර තිබේ. තවද, මෙය නොමිලේ ලබා ගත හැකි යෙදුමක් වන අතර, එමගින් ඔබට ඔබේ ඔසප් ක්‍රියාවලිය නිසි ලෙස කළමනාකරණය කර ගත හැකිවේ.
ඔසප් චක්‍රය කළමනාකරණය කරගැනීමෙන් ඔබ්බට යමින් මෙම යෙදුම හරහා ඔබට සේවා රැසකට ඉඩකඩ ලබාදී තිබේ. මෙමගින් කාන්තා සෞඛ්‍යය කටයුතු සදහා වූ ප්‍රජාවක් සමග එක්වී දැනුම බෙදාගත හැකිවන අතර වෛද්‍ය උපදෙස් ද එය හරහා ලබා ගත හැකිවේ.
Fio by Fems යෙදුමේ විශේෂත්වය:
– ශ්‍රී ලංකාවේ පළමු ඔසප් චක්‍රය කළමනාකරණය සදහා වූ යෙදුම (Period Tracker App)
ශ්‍රී ලංකාවේ කාන්තාවන් සඳහා විශේෂයෙන් නිර්මාණය කළ මෙම යෙදුම, ඔසප් ක්‍රියාවලිය කළමනාකරණය වෙනුවෙන්ම දායකත්වයක් සපයන පළමු ලාංකික යෙදුම ලෙස සැලකිය හැක.
– සිංහල, දමිල සහ ඉංග්‍රීසි බසින් තමන්ට අවශ්‍ය ලෙස සේවාව ලබා ගත හැකි වන ලෙස නිපදවා ඇත.
– 100% නොමිලේ: විශේෂිත සේවා රැසක් නොමිලේ ලබා දීම විශේෂත්වයක් ලෙස සැලකිය හැක. බොහෝ මෙවන් යෙදුම් යම් කිසි මිල අයකිරීමක් කරයි Fio by Fems සියළු විශේෂාංග නොමිලේ ලබා දෙයි.
– iOS සහ Android භූමිකා දෙකම හරහා ලබා ගත හැකිය: ඔබ Apple භාවිතා කරන්නෙක් හෝ Android භාවිතා කරන්නෙක් වුවද, Fio by Fems යෙදුම පහසුවෙන් බා ගත හැක.
Fio by Fems මගින් ඔබට පිරිනමන අංග –
1. ඔබේ මාසික ඔසප් චක්‍රය නිසි ලෙස සිදුවෙනවා දැයි පරීක්ෂා කිරීම
2. වෛද්‍ය උපදෙස් අවශ්‍ය නම් වෛද්‍යවරයෙක් සමග සම්බන්ද වීම
3. කාන්තා සෞඛ්‍යය කටයුතු සදහා වූ ප්‍රජාවක් සමග එක්වී දැනුම බෙදා ගැනීම
4. ඔසප් ක්‍රියාවලිය ගැන නිසි ලෙස දැනුවත් වීම
මෙමගින් ඔබට ලබා ගත හැකි වන්නේ කුමන සේවාද ?
- ඔබේ ඔසප් චක්‍රයට සුවිශේෂවූ දින සහ අදාළ මතක් කිරීම් පහසුවෙන්ම ටැප් කිරීම මගින් එකතු කිරීම
– ඔබේ ඔසප් චක්‍ර දින සටහන් කර ගැනීම – ආරම්භය සහ අවසානය සටහන් කර, ඊළඟ මාසයට ඔසප් සිදුවිය යුතු දින මතක තබා ගැනීම පහසු කරයි. දිගටම භාවිතා කරන විට Fio by Fems යෙදුම ඔබේ ඔසප් ක්‍රියාවලිය පිළිබඳව මනා අවබෝධයක් ඇති කර ගනිමින් ඔබේ ඊළඟ ඔසප් දින පහසුවෙන්ම කළමනාකරණය කරගැනීමට උපකාරී වේ.
– ඔබගේ ඔසප් ලක්ෂණ සටහන් කර ගැනීම : ඔසප් කාලය තුලදී ඔබට ඇතිවන අතුරු ආබාධ තත්වයන් එනම් උදරාබාධ , මානසික බලපෑම් වැනි දේ පහසුවෙන්ම සටහන් කර ගත හැකිවේ. එමගින් ඔබට එවන් තත්වයන් ගැන විමසිල්ලෙන් සිටිමින් ඒවා කළමනාකරණය කර ගත හැකිය.
– ඔසප් චක්‍ර පිළිබඳව සාරාංශයක් එසැනින්ම ලබාදීම – ඔබේ ඔසප් චක්‍රයේ වෙනස්කම් වැනි විස්තර රැසක් ස්ථාන ගත කරමින් එකවර ලබාදේ . එබැවින් ඔබට ඔබේ ඔසප් කාලය කොපමණ කාලයක් පවතින්නේද, ඔබේ සාමාන්‍ය චක්‍රය පවතින කාලය සහ ඔබේ ඊළඟ ඔසප් වීම අපේක්ෂා කළ යුත්තේ කවදාද යන්න ඇතුළුව සියල්ල එකවර දැක ගත හැකිය.
– ඔබ ගත යුතු පෙති වර්ග පිළිබඳව මතක් කිරීම – ඔබ ගත යුතු උපත් පාලන හෝ වෙනත් පෙති වර්ගයන් එක වරක් පමණක් යැදුමට ඇතුලත් කල විට එය ඔබට ඒවා ගැනීමට මෙන්ම පෙති නම, මාත්‍රා උපදෙස් සහ එය ගත යුත්තේ කවදාද යන්න මතක් කරනු ඇත.
Fio by Fems ඔසප් චක්‍ර සහ ඔබේ ඩිම්බ මෝචනය පිළිබඳව ඔබ දැනුවත් කිරීම සිදු කරන්නේ ඔබ අදාළ දත්ත ඇතුලත් කර විටය.




වෛද්‍යවරයෙක් ගෙන් විමසීම් කිරීම –
මාසික ඔසප් චක්‍ර සෞඛ්‍යය පිළිබඳ ගැටළු ඇතිවුවහොත්, Fio by Fems වෙතින් වෛද්‍යවරයෙක් සමග සම්බන්දවී ඔබේ ගැටළු නිරාකරණය කරගත හැකිවේ.
ඔසප් කාලය තුලදී විවිධ ගැටළු කාර තත්වයන් ඇතිවිය හැක . ඒනිසාම යෙදුම හරහා වෛද්‍යවරයෙක් සමග සම්බන්දවී ඔබේ ප්‍රශ්නයට පිළිතුරු ලබාගත හැකිය
ඔබේ ඔසප් ගැටළු වෛද්‍යවරයාට Fio by Fems යෙදුම හරහා යොමු කිරීමෙන් පසුව පැය 48 තුලදී ඔබට පිළිතුරක් ලබාගත හැකි ලෙස එය සකසා ඇත. එය පහසුවෙන්ම යෙදුම හරහා ඔබට යොමු කල හැකිය.
සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා තුනෙන්ම ප්‍රතිචාර ලබා ගත හැක.
කාන්තා සෞඛ්‍යය කටයුතු සදහා වූ ප්‍රජාවක් සමග එක්වී දැනුම බෙදා ගැනීම –
ඔබ වගේම ඔසප් කාලය තුලදී ගැටළු වලට හෝ ප්‍රශ්න වලට මුහුණ දෙන වෙනත් කාන්තාවන් ගෙන් උපදෙස් මෙන්ම ඔබ විසින් අත්විඳින තත්වයන් සමනය කර ගත හැකි ක්‍රම වේදයන් ගැන දැනුම බෙදා ගැනීම ඔබට මෙම ප්‍රජාව තුලින් කල හැක.
ඔසප් චක්‍රය පිළබඳව දැනුම් සම්භාරයක් ලබාදීම –
Fio by Fems වෙතින් ඔසප් චක්‍රය පිළබඳව විවිධ ලිපි සහ උපදෙස් සපයන “Insights” විශේෂාංගය මගින් ඔසප් සෞඛ්‍යය පිළිබඳ පුළුල් පරාසයක ලිපි මෙන්ම උපදෙස් රැසක් සපයයි.
– ඔසප් සෞඛ්‍ය මාතෘකා ගැන කියවන්න: මෙම කාලය තුලදී ඇති විය හැකි වේදනාකාරි තත්වයන් සහ මානසික පීඩනය ගැන දැනුවත් වෙන්න මෙම ලිපි කියවන්න.
– ඔසප් කාලය තුල ඇතිවන විවධ අවස්ථා ගැන දැනුවත් වෙන්න – නව ප්‍රතිකාර, ස්වභාවික ප්‍රතිකර්ම වැනි ඔසප් කාලය වඩාත් යහපත්ව කළමනාකරණය කර ගැනීමට උපකාර වන විවිධ ක්‍රම ගැන දැන ගන්න.
මෙම යෙදුම දැන් භාවිතා කර බලන්න –
Apple App Store හෝ Google Play Store තුළ “Fio by Fems” සොයා ගෙන බාගන්න.

