මිත්‍යා මතවලින් බැහැරව ඔසප් සමයේ පිරිසිදුව සිටීමේ වැදගත්කම. 

The Importance of Cleanliness During Menstruation Dispel Myths.

ඔසප් කාලය තුළදී නිසි සෞඛ්‍යමය ක්‍රමවේදයන් මිත්‍යා මත වලින් බැහැලව අනුගමනය කිරීම ඉතා වැදගත් –  හෙඳ නිලධාරිනී ඉනෝකා විජේරත්න මහත්මිය. 

ඔසප් සමගේ (menstruation) පිරිසිදුකම ගැන කතාකිරීමේදී මුලින්ම කිව යුතු දෙයක් තමයි අප මිත්‍යා(myths) මතවලින් බැහැරව ඉන්න අවශ්‍යයි.මෙම කාලයේදී ඔබ කල යුතු අනිවාර්යය අංගයක් ලෙස හොඳන් අතසේදීම පෙන්වාදිය හැකිය. සනීපාරක්ෂක තුවා  මාරුකරන විට නිතරම අත සේදීම කල යුතුය.ඒ වගේම හුඟක් දෙනෙක් මෙම කාල සීමාව තුල කරන වරදක් වන්නේ ස්නානය නොකර සිටීමයි. සමහර පැරණි විශ්වාස නිසා කාන්තාවන් ස්නානය කිරීමෙන් වැලකී සිටී. නමුත් විය යුත්තේ මෙම කාල සීමාව තුල හොඳින් ස්නානය කිරීම හා පුළුවන් තරම් පිරිසිදු ඇදුම් ඇදීමයි. ස්නානයට  අමතරව ඇග සේදීම මෙන්ම මුත්‍රා කිරීමෙන් පසුවද එම ප්‍රදේශය හොදින් සේදීමත්,  අලුත් සැනිටරි නැප්කින් එකක් ඇදීමත් කල යුතුය. එමගින් ඔබට වඩාත් හොද සුවපහසු, පිරිසිදු හා වියලි බවක් පවත්වාගත හැකිය. 

It has adversely affected their mental health, lost educational opportunities and overall well-being.

“ඔබගේ රහස්‍ය ප්‍රදේශයන් පිරිසිදු කිරීමේදී පිරිසිදු ජලය භාවිත කරන්න. කුමන හෝ සබන් වර්ගයක් යොඳනවානම්. ඒ සදහා ඉතා මෘදු සබන් වර්ගයක් හෝ පිරිසිදු කාරකයක් භාවිතා කල යුතුය. එමගින් ඔබට යෝනි මාර්ගයේ PH අගය නියතව තබාගැනීමට හැකියාව ලැබේ. එසේ නොමැති වුවහොත් සිදුවන්නේ යෝනි මාර්ගය ආරක්ෂා වී තිබෙන ස්වභාවික PH අගය නිසි ආකාරව පවත්වාගැනීමට නොහැකි වීමයි. ඊට අමතරව සුවඳකාරක යොදන ලද අතපිස්නා (Toilet Papers)  භාවිතය, හෝ සුවඳකාරක යොදනලද සනීපාරක්ෂක තුවා භාවිතය සුදුසු නොවේ. එතුලින්ද සිදුවන්නේ එම ප්‍රදේශයේ PH අගය වෙනස්වීමයි . එවිට සිදුවන්නේ එම ප්‍රදේශය අවට සම උත්තේජනය වී,  කැසීමට හා අධික ලෙස වියළීමට ලක්වීමයි. එය ඔසප් සමයේ ඉතාමත් කරදරකාරී තත්ත්වයක් වේ.” 

සනීපාරක්ෂක තුවා නිවැරදිව භාවිත කරන්නේ කෙසේද?  

“ඔබ තෝරාගන්නා සනීපාරක්ෂක තුවා හොඳින් උරාගැනීමේ හැකියාවක් සහිත මෙන්ම පිටතට කාන්දු නොවෙන හැකියාවක් සහිත විය යුතුය. නැතහොත් අපේ ශරීරයේ බරට මෙන්ම ඇවිදින විට රුධිරය පිටතට ඒම සිදුවිය හැකිය. එමගින් නැවත එම ඔසප් රුධිරය යෝනි මාර්ගය ඇතුලට ගමන් කිරීමක් සිදු වුවහොත් බැක්ටීරියා වර්ධනය වී ආසාත්මිකතා ඇතිවිය හැකිය. රුධිරය තුලින්  බැක්ටීරියා හොඳින් වර්ධනය වන බැවින්  මේ සම්බන්ධව මනා අවබෝධයෙන් සිටිය යුතුය. එසේ නොකළහොත් ඔබගේ රහස්‍යය ප්‍රදේශයේ විවිධ ආසාත්මිකතා ඇතිවී එය දිගු කාලීන බලපෑමක් කල හැකිය”  

“එමෙන්ම ඔබගේ රුධිරය පිටවීම අඩු වුවත්, වැඩි වුවත් අවම පැය හයකට (6)කට සැරයක් සනීපාරක්ෂක තුවා මාරු කිරීම කල යුතුය”  

“එසේ නොකළහොත් මුත්‍රා මාර්ගය ආශ්‍රිතව බැක්ටීරියා පැතිරී යෝනි මාර්ගය ආශ්‍රිත විවිධ ආසාදන ඇති කරයි. කලින් සඳහන් කල ලෙස සනීපාරක්ෂක තුවා භාවිත කිරීමට පෙර මෙන්ම  භාවිත කිරීමෙන් පසුවද අත හොඳින් සේදීම මෙහිදී ඉතා වැදගත් වේ.” 

“අපි දන්නවා එම දිනයන්වලදී  පිටවන්නේ ගර්භාෂ බිත්තිවල රුධිරයයි. එනම් ගර්භාෂ බිත්ති අලුත්වැඩියා වීමයි. ඒ කාලයේදී අධික ලෙස  රුධිරය පිට වේ. එම රුධිරයත් සමග පිටවන විවිධ බැක්ටීරියා සනීපාරක්ෂක තුවා මාරු කරන අවස්ථාවල ඔබගේ අත්වල තැවරීමට ඉඩ ඇති බැවින්, එය අවදානම් සහගත තත්ත්වයක් ඇති කිරීමට හේතුවිය හැකිය. එම තත්වයන්ගෙන් වැළකීමට අත් සේදීම නිතරම සිදු කරන්න.”

ඔබ භාවිතා කරන සනීපාරක්ෂක තුවා නිවැරදිව බැහැර කරන්නේ කෙසේද?

“සනීපාරක්ෂක තුවා භාවිතා කිරීම මෙන්ම එය නිසි ආකාරව බැහැර කිරීම සම්බන්දවද ඔබ දැනුමක් ලබාගත යුතුය. ඔබ භාවිතා කරන සනීපාරක්ෂක තුවා බැහැර කිරීමේදී කඩදාසියක ඔතා කුණු බදුනකට දැමීම කල යුතුය. එය වැසිකිලි කටට දැමීම හෝ පාරේ විසිකිරීම නොකළ යුතුය.”

ඔසප් සමයේදී කපු (cotton) ඇදුම් ඇදීමේ වැදගත්කම.

“ඔසප් සමයේදී භාවිතා කරන යට ඇදුම් කපු යට ඇදුම් වීම ඉතාමත් වැදගත් වේ. එමගින් ඔබට තෙතමනය අවම වෙන ලෙස එම ප්‍රදේශය වියලිව පවත්වාගැනීමට උදව් වේ. මෙමගින් බැක්ටීරියා වර්ධනය අවම කරගැනීමට හැකිය. තෙතමනය නොරැදෙන පරිදි සැහැල්ලු(Breathable) මෙන්ම ඉතාමත් පිරිසිදු ලෙස හොඳින් වේලාගන්නා යට ඇදුම් ඇදීම ඉතා වැදගත් වේ. තවද හිර නැති යට ඇදුම් ඇදීමටද ඔබ වගබලා ගත යුතුවේ. එමගින් ඔබගේ යෝනි මාර්ගය ආශ්‍රිත හොද වියළි  බවක් මෙන්ම පිරිසිදු සැහැල්ලු බවත් පවත්වා ගැනීමට උදව් වේ.”  

It has adversely affected their mental health, lost educational opportunities and overall well-being.

සෞඛ්‍යයවේදීන් ලෙස ඔසප් සමයේදී අනුගමනය කිරීමට දිය හැකි ඔවදන් මොනවාද?

 “ මෙම කාලයේදී  හොඳින් වතුර බොන්න. එමගින් මුත්‍රා මාර්ගයේ ආසාදනයන් අවම කරගන්න පුළුවන්, මුත්‍රා මාර්ගය පිරිසිදුව තබාගන්නටද එය උපකාරී වෙනවා. එමෙන්ම ඇතිවන මානසික ආතතිය , හිසරදය  වැනි අපහසුතා බොහොමයක් අවම කර ගත හැකිය.”

“ඒ වගේම තවත් වැදගත් කරුණක් වෙන්නේ පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීම – විශේෂයෙන්ම මිත්‍යා මත තියෙනවා මස් මාළු කන්න හොද නෑ බිත්තර කන්න හොඳ නෑ කියන එක. එත් සත්‍ය කාරනාව වන්නේ ඒ දිනවල හොඳින් ප්‍රෝටීන් බහුල ආහාර මෙන්ම ක්ෂුද්‍ර පෝෂක එනම් සින්ක් යකඩ බහුල ආහාර ලබා ගැනීමයි. “

“මේ දිනයන් වලදී පුළුවන් තරම් සීනි, කෝපි, ලුණු වගේ දේවල් අඩු කරනවානම් වඩාත් හොඳයි. ඒවා ඔබ ශරීරයට ගත හොත් එමගින් උත්තේජනයක් ඇති වේ. එනම් ආතතිය හිසරදය වැඩිවීමට එය හේතුවක් විය හැකිය. තවත් පවතින මතයක් තමයි ඔසප් දිනයන් වලදී ව්‍යායාම වල නිරත වීම සුදුසු නැති බව, නමුත් කල යුතුවන්නේ ඔබ දිනපතා ව්‍යායාම කිරීමයි. එනම් ඔබගේ ඔසප් සමයේදීද ඔබ ව්‍යායාම වල නිරතවීම ඉතා වැඳගත්වේ. විශේෂයෙන් යෝගා, භාවනා ඉතාමත් යෝග්‍ය වනවා.”

ඔබගේ ඔසප් චක්‍රය (menstruation) හරියට ගණනය කර තබාගැනීමේ වැදගත්කම.

“කාන්තාවන්ගේ ඔසප් චක්‍රය දින 28කට මෙන්ම දින 25කට සැරයක් අඛණ්ඩව සෑම මසකම සිදුවන ක්‍රියාවලියකි.  නමුත් මෙය එක් කාන්තාවකගෙන් තවත් කාන්තාවකට වෙනස් වේ. මෙලෙස ඔබගේ ඔසප් චක්‍රය නිවරදිව ගණනය කිරීම මගින් ඔබට ඔබගේ ඔසප් ක්‍රියාවලියේ යම් ගැටළු තත්ත්වයන් පවතිනවානම් ඒ සම්බන්දයෙන් අවබෝදයක්ද ලබගත හැකිය. ඒ අනුව ඔබට අක්‍රමවත් ඔසප් චක්‍රයක් පවතිනවානම් අපි ඒ සම්බන්දයෙන් සොයාබැලිය යුතුය. එනම් දියවැඩියාව , තයිරොයිඩ් වැනි තත්ත්වයන් නිසා ගොඩක් වෙලාවට  ඔබගේ ඔසප් චක්‍රය අක්‍රමවත් වෙන්න පුළුවන්. ඒ වගේම අවරුදු 40ට වඩා වැඩි කාන්තාවක් නම් යෝනි මාර්ගය ආශ්‍රිත පරීක්ෂාවක්  වසරකට සැරයක්වත් සිදුකල යුතුය.”


Enoka Wijeratne
Registered Enterostomal Therapy Nurse
(RN-05110,RETN-J/0003)
076-6360129
Care & Cure Healthcare Services

    

Leave a Comment

Your email address will not be published. Required fields are marked *