පොල් වතුර යනු ලොව ඇති වටිනාම ස්වාභාවික පානය යි.වර්තමානය වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් පවා ඒ බව පිළිගෙන ඇත.එසේම මෙහි ඇති ඖෂධීය ගුණය කෙතරම් ද යත් දෙවැනි ලෝක යුද්ධ සමයේ දී පොල් වතුර සේලයින් ලෙස යොදා ගැනීමෙන් පුද්ගලයින් රැසක් සුවපත් වී ඇති බවද සඳහන් වේ.
එපමණක් නොව ඖෂධීය ගුණ වලට අමතරව ඇමයිනෝ අම්ල, කාබනික අම්ල රසායන, ශාක හෝමෝන, විටමින් B , C, E , යකඩ, කැල්සියම් පොටෑසියම් මැග්නීසියම්, සින්ක් සිලේනියම්, අයඩින්, සල්ෆර් වැනි පෝෂක හා ප්‍රති ඔක්සිකාරක ගණනාවක් පොල් වතුරේ අඩංගුව ඇත.එබැවින් පොල් වතුර කියන්නේ අපේ සිරුරේ අභ්‍යන්තර හා බාහිරව ඇතිවන රෝග ගණනාවක් සුව කර ගත හැකි දිව්‍යමය ඖෂධීය පානයක් වශයෙන් හැඳින්වීමට පුළුවන.

එසේම පොල් වතුර ස්වභාවයෙන්ම මිහිරි හා ප්‍රබෝධමත් ය. එය ස්වාභාවික ශක්තිජනක පානයකි.එසේම එය ඔබේ ඇඟ නිවන ඔසුවකි. ඉතින් මෙතරම් වටිනා පානයකයට හිමිකම් කියන අපේ රටේ ජනතාව එහි ප්‍රතිලාභ නියමාකාරයෙන් භුක්ති විඳින බවක් නම් පෙනෙන්නට නැත.මන්දයත් වර්තමානයේදී බොහෝ දෙනෙක් පොල් ගෙඩියක් බිඳීමෙන් පසු එහි ඇති වතුර ඉවත් කරනු ලබයි. නමුත් එහි තිබෙන ගුණ ගැන දන්නවා නම් කිසි දිනක ඔබ පොල් වතුර ඉවත් නොකරනු ඇත.ඉතින් අද අපි ඔබට කියන්නේ පොල් වතුර පානය කිරීමෙන් සුව කර ගත හැකි රෝග කිහිපයක් පිළිබඳවයි.
1 .පොල් වතුරේ සේලයින් ගුණ තිබීම හේතුවෙන් එය කොලරාව රෝගයෙන් පෙළෙන පුද්ගලයින් සඳහා කදිම පානයකි.
2 .ළදරුවන්ගේ බඩවැල් ආශ්‍රිත රෝග සඳහා පොල් වතුර ඉතා ගුණදායකයි. එය බඩවැල් පණුවන් විනාශ කරයි.
3 .වසූරිය, පැපොල සහ සරම්ප ආදිය නිසා ඇති වන කුෂ්ඨ රෝග අඩු කිරීමට ද එය උපකාරී වේ.
4 .පොල් වතුර මල බද්ධය සමනය කිරීමට, බඩවැල් ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමට සහ ආහාර දිරවීමේ සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීමට ද උපකාරී වේ.එසේම උදරයේ ආම්ලිකතාවය සහ වණ වලින් පෙළෙන පුද්ගලයින් සඳහා ද පොල් වතුර යනු කදිම පානයකි.
5 .වෛරස් වලට එරෙහිව සටන් කිරීමට ශරීරයට උපකාරී වේ.
6 .පොල් වතුර ඔස්ටියෝපොරෝසිස් වැළැක්වීමට උපකාරී වේ.
7 .එය සෞඛ්‍ය සම්පන්න තයිරොයිඩ් ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරයි.
8 .පොල් වතුර පිළිකා ප්‍රතිකාර සඳහා භාවිතා කරයි.
9 .පොල් වතුර දියවැඩියාව පාලනය කරයි.
10 .පොල් වතුර බාහිරව යෙදීමෙන් ශරීරයේ තියුණු උණුසුම සහ ගිම්හාන තාපාංකය වළක්වයි.
11 .ශරීරය සිසිල්ව තබා ගැනීමට සහ නිසි උෂ්ණත්වයේ තබා ගැනීමට පොල් වතුර උපකාරී වේ.
12 .පොල් වතුර වල කාබනික සංයෝග අඩංගු වන අතර එය සතුව සෞඛ්‍ය සම්පන්න වර්ධන ප්‍රවර්ධන ගුණයක් ඇත.
13 .පොල් වතුර ඔබේ සිරුර සජලීයව තබා ගැනීමට සහාය වේ.

14 .පොල් වතුර ඖෂධ අවශෝෂණය කර ගැනීමට උපකාරී වේ.
15. දද ඉවත් කිරීමට පොල් වතුර උපකාරී වේ.එසේම ඔබේ සම මෘදු හා සිනිඳු කරයි.එපමණක් නොව පොල් වතුරෙන් නිතිපතා මුහුණ සේදීමෙන් කළු ලප සහ කුරුලෑ ඉවත්කර ගත හැකිය.
16 .ඝන සහ අර්ධ දියර ආහාර දිරවීමට පවා අපහසු වූ මහලු හා රෝගී පුද්ගලයින් සඳහා පොල් වතුර යනු කදිම ඔසුවකි.
17 .එය අග්න්‍යාශය හා ශරීරයේ එන්සයිම පද්ධති මත ඇති ආතතිය දුරු කරයි.
18 .පොල් වතුර යීස්ට් ආසාදන ඉවත් කිරීමට උපකාරී වේ.
පොල් වතුර පානය කිරීමෙන් සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් ලබා ගත හැකි බව දැන් ඔබට පැහැදිලිය.ඉතින් නිතර පොල් වතුර පානය කිරීමට කටයුතු කරන්න.