හරිත තේවල අඩංගු ප්‍රතිඔක්සිකාර (Antioxidants ) ගුණාංග. 

Antioxidant properties of green tea.

ඉතා කාර්යබහුල ජීවන රටාවක් ගත කරන අපි වෙනදාටත්   වඩා  ශරීර සෞඛ්‍ය පිළබඳව අවධානය යොමු කිරීම  වැදගත් වේ. අප ගන්නා ආහාර පාන වල අඩංගු නොයෙකුත් සංයෝග  බොහෝ විට අපගේ ශරීර සෞඛ්‍යට හිතකර මෙන්ම අහිතකර බලපෑම් ඇතිකළ හැකි බැවින් අපි ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුවේ.   විවිධ අහාරපානයන්  වල  අඩංගු  ප්‍රබල සංයෝගයක්  වන ප්‍රතිඔක්සිකාරක, අපගේ නීරෝගී  පැවැත්මට වැදගත් වන්නේ කෙසේද යන්න අපි විමසා බලමු.

  ප්‍රතිඔක්සිකාරක ගුණය,   හානි කර අනු වලින් ( free radicals ) අපගේ සිරුරේ සෛල වලට සිදුවන හානිය  වැලැක්වීමට හෝ මන්දගාමී කිරීමට උපකාරීවේ . මෙම ප්‍රතිඔක්සිකාරක ගුණය ස්වභාවික පානයක් වන හරිත තේ වල බහුලව තිබෙන අතර එය සෞඛ්‍ය ප්‍රතිලාභ රාශියක් ලබාදීමට දායකවේ.

ප්රතිඔක්සිකාරක ගුණය අඩංගු හරිත  තේ- 

වඩා හොඳ සෞඛ්‍යය තත්ත්වයක් පවත්වා ගැනීම සඳහා  ප්‍රතිඔක්සිකාරක ගුණය පිළිබඳව දැනගැනීම වැදගත්වේ.  මෙම ප්‍රබල සංයෝගය  අපව නිරෝගීව හා ප්‍රබෝධමත්ව තබා ගැනීමට උපකාරීවේ. ප්‍රතිඔක්සිකාරක අපගේ සිරුරේ ආරක්ෂකයින් ලෙස ක්‍රියා කරන අතර  අපගේ සෛල වලට හානි කරන  සහ විවිධ සෞඛ්‍ය ගැටළු වලට තුඩු දිය හැකි  අපගේ ශරීරයට එදිනෙදා එකතුවන විෂ වලට එරෙහිව සටන් කරයි.  විශේෂයෙන්ම  හරිත තේ වල මෙම ප්‍රතිඔක්සිකාරක ගුණය බහුලව පවතියි. ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් බහුල ලිප්ටන් ග්‍රීන් ටී සෞඛ්‍ය සම්පන්න පානයකි .  

හරිත තේ වල සෞඛ්යමය ප්රතිලාභ

සියවස් ගණනාවක් ලොව  පුරා බොහෝ දෙනා, පානය කරන හරිත තේ  වල  ප්‍රසන්න රසය  පමණක් නොව, එහි සෞඛ්‍ය ප්‍රතිලාභ  අගය කරනු ලබයි .   හරිත තේ වල බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාබ ලබාදෙන විවිධ වර්ගයේ ප්‍රතිඔක්සිකාරක තිබේ.   මේවාට epigallocatechin gallate (EGCG), ෆ්ලේවනොයිඩ් සහ පොලිෆෙනෝල් වැනි කැටචින් ඇතුළත් වේ.  මෙම සංයෝග ශරීරයට එකතුවන විෂ වර්ගයන්  සහ ප්‍රතිඔක්සිකාරක අතර අසමතුලිතතාවයක් පවතින විට  ඇතිවන ඔක්සිකාරක  වලට එරෙහිව සටන් කරයි.

ප්‍රතිඔක්සිකාරක ගුණය ,  ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට ,  හෘද වාහිනී වල නිරෝගී පැවැත්මට, පිළිකා ඇතුළු විවිධ නිදන්ගත රෝග වලට සම්බන්ධ ඔක්සිකාරක වලට මෙන්ම  ආතතියට එරෙහිවද  සටන් කරයි .

හරිත තේ වල අඩංගු ප්‍රතිඔක්සිකාරක ගුණය අපට නිරෝගී මෙන්ම පැහැපත් සමක් ලබා දීමටද උපකාරවේ.      පාරජම්බුල කිරණ සහ පරිසරයේ තිබෙන විෂ වලට එරෙහිව  ප්‍රතිඔක්සිකාරක ගුණයට සටන් කිරීමට හැකියාව තිබෙන නිසා  වයසට යාමේ ක්‍රියාවලියද ප්‍රමාද කර  තරුණ පෙනුමක් ලබා දෙයි.  

මීට අමතරව, හරිත තේ වල ඇති ප්‍රතිඔක්සිකාරක, පරිවෘත්තීය වැඩි දියුණු කිරීමෙන් සහ මේද ඔක්සිකරණය  කිරීමෙන් බර කළමනාකරණයට සහාය විය හැක, සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගැනීමට උත්සාහ කරන අයට එය වැදගත් තේරීමක් වනු ඇත. මේ අනුව ප්‍රතිඔක්සිකාර සමස්ත සිරුරේම නිරෝගී පැවැත්ම සඳහා උපකාරීවේ. 

ප්‍රතිඔක්සිකාරක ගුනයෙන්  අනුන සෞඛ්‍යයට හිතකර Lipton Green Tea රසවත් පානයක් ලෙස ඔබගේ  දෛනික චර්යාවට ඇතුළත් කරන්න.  එය ඔබගේ සිරුර ප්‍රබෝධමත් කරනවා පමණක් නොව  ශරීරය ඇතුළතින්ද  පෝෂණය කරයි.
සෑම Lipton හරිත තේ කෝප්පයක්ම ප්‍රබෝධමත් ස්වභාවයක් මෙන්ම නැවුම් අත්දැකීමක් ලබා දෙන බව සහතික කරයි.  Lipton හරිත තේ වල  ගුණාත්මකභාවය ආරක්ෂා කිරීමට තේ දළු නෙලීමේ සිට සිට  නිෂ්පාදන ක්‍රියාවලීන් දක්වා,  ඉහළම ප්‍රමිතීන් පවත්වාගෙන යාමට එම සමාගම කැපවීමෙන් කටයුතු කරයි .