ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් කොමර්ෂල් බැංකුව අනගි සමඟින් කාන්තා ව්‍යවසායකයින් සවිබල ගැන්වීමට  පවත්වයි.

On the occasion of International Women's Day

 කොමර්ෂල් බැංකුව පසුගියදා ඔවුන්ගේ කාන්තා ගිණුම Anagi සමග  කාන්තා ව්‍යවසායකයින් හා සම්බන්ධ වෙමින් ජාත්‍යන්තර කාන්තා දිනය සමරන ලදී. 2024 මාර්තු 12 වැනි දින වෝටර්ස් එජ් හිදී පවත්වන ලද කොමර්ෂල් බැංකුවේ අනගි කාන්තා ව්‍යවසායකයින් සඳහා වන “ඇය සවිබල ගැන්වීමේ” වැඩසටහන La Vivente සහ Dilchand හි නිර්මාතෘ/හිමිකරු ආචාර්ය දිලේෂා පෙරේරා විසින් ඉදිරිපත් කිරීමකින් සහ සම්භාවනීය කණ්ඩායමක් ඇතුළත් සංවාද සාකච්ඡාවකින් පවත්වන ලදී. 

 මෙම අවස්ථාවට කොමර්ෂල් බැංකුවේ M.D/CEO සනත් මනතුංග මහතා, කොමර්ෂල් බැංකුවේ COO/ විධායක අධ්‍යක්ෂ S. ප්‍රභාගර් මහතා, DGM – Retail Banking & Marketing – Hasrath Munasinghe මහතා සහ කොමර්ෂල් බැංකුවේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී විය. 

මෙම උත්සවය කාන්තා ව්‍යවසායකයින් සවිබල ගැන්වීම සහ ඔවුන්ගේ ව්‍යාපාරික සාර්ථකත්වය කරා ගෙන යාම කේන්ද්‍ර කර ගත් අතර – ආචාර්ය දිලේෂා පෙරේරා විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු කාන්තා ව්‍යවසායිකාවන්ට  ප්‍රයෝජනවත් වූ අතර ව්‍යාපාරික සාර්ථකත්වය සඳහා විශාල අවබෝධයක් ලබා දුන්නේය.

 කාන්තා ව්‍යවසායකයින් සඳහා ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) විසින් සපයනු ලබන ආධාරක සේවාවන් රාශියක් පිළිබඳ ඉදිරිපත් කිරීමක් IDB හි සභාපති වෛද්ය සාරංග අලහප්පෙරුම විසින් සිදු කරන ලදී. තම ව්‍යාපාරික හැකියාවන් දියුණු කර ගැනීම සඳහා වැදගත්වන  සේවාවන් පූර්ණ ලෙස භාවිතා කළ හැකි ක්‍රමවේදයන් පිළිබදව ඔහු අවධානය යොමු කළේය.

 අනතුරුව පැවති විද්වත් සාකච්ඡාවට La Vivente සහ Dilchand හි නිර්මාතෘ සහ හිමිකරු Dr Dilesha Perera, IDB සභාපති ආචාර්ය සාරංග අලහප්පෙරුම, අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රාදේශීය සංවර්ධන අධ්‍යක්ෂ සේපාලිකා ජයවර්ධන සහ  www.satynmag.com සහ www.liya.lk නිර්මාතෘ/කළමනාකාර කර්තෘ නයෝමිනි ආර් වීරසූරිය මහත්මිය සහභාගී විය.

 කොමර්ෂල් බැංකුවේ තිරසාරභාවය, කාන්තා බැංකුකරණය සහ ආයතනික සමාජ වගකීම් අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී කමලිනී එල්ලාවල මහත්මිය විසින් විද්වත් සාකච්ඡාව මෙහෙයවන ලදී.  අත්දැකීම් සහ ප්‍රවීණත්වය බෙදාහදා ගැනීම සම්බන්ධයෙන් ඔවුන් විශාල දායකත්වයක් ලබා දෙනලදී. ආචාර්ය දිලේෂා,  සේවා හා ව්‍යාපාර ජීවිත සමතුලිතතාවයක් ඇති කර ගැනීම සහ ව්‍යාපාරයක් කළමනාකරණය කිරීම වැනි මාතෘකා පිළිබඳව අවධානය යොමු කළ අතර, සේපාලිකා ජයවර්ධන මහත්මිය අපනයනය සලකා බැලීමට පැමිණ සිටි කාන්තා ව්‍යවසායකයින් දිරිමත් කර අපනයනය සදහා යොමුවීමට ඔවුන්ට ආරාධනා කළාය.

 ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කිරීමේ පහසුව ශක්තිමත්  කරන සහ වැඩිදියුණු කරන සේවාවන් සඳහා ප්‍රවේශය ලබා දෙමින් ව්‍යවසායකයින්ට ඔවුන්ගේ ව්‍යාපාර පුළුල් කිරීමට සහ වර්ධනය කිරීමට රජය ලබාදෙන අවස්ථා පිළිබදව වෛද්ය ආචාර්ය සාරංග අලහප්පෙරුම අවධාරණය කළේය.

 නයෝමිණි වීරසූරිය  මහත්මිය Satynmag.com සහ Liya.lk විසින් ව්‍යවසායකත්වය සහ ව්‍යාපාර සංවර්ධනය පිළිබඳ දැනුම සහ ප්‍රවීණත්වය බෙදා ගනිමින් කාන්තා ව්‍යවසායකයින් සවිබල ගන්වන ආකාරය පිළිබඳවත්, කාන්තා ව්‍යවසායකයින් ඔවුන්ගේ ඩිජිටල් පියසටහන් වැඩිදියුණු කිරීමට සහ ඔවුන්ගේ ව්‍යාපාර අන්තර්ජාලයට ගෙන යාමට දිරිමත් කරන ආකාරය පිළිබඳවත් කතා කළාය.

 මෙම වැඩසටහන පිළිබඳව අදහස් දැක්වූ එක් කාන්තා ව්‍යවසායිකාවක් වන තුවාල සත්කාර මධ්‍යස්ථානයක් කළමනාකරන ඉනෝකා විජයරත්න මහත්මිය පැවසුවේ මෙම වැඩසටහන කාන්තා ව්‍යවසායකයින්ට අතිශයින්ම ප්‍රයෝජනවත් සහ අදාළ වන බවයි. “අපි බොහෝ දේ ඉගෙන ගත් අතර එයින් වැඩි  අවබෝධයක් ලබා ගැනීමට හැකි විය,” ඇය පැවසුවාය.

 Butterbeans Cakes සහ Cuddly Crafts පවත්වාගෙන යන චිරන්ති අත්තනායක මහත්මිය කාන්තා ව්‍යවසායකයින් සඳහා ඉතා කාලෝචිත සහ දැනුවත් කිරීමේ මුළුවක් ලෙස ඇයගේ  ප්‍රශංසාවට ලක් විය. M.H Group Total Solutions පවත්වාගෙන යන ෂර්මිනා සරප් මහත්මිය ද තම දැනුම පුළුල් කර ගැනීමට මෙම වැඩසටහන ඇයට බෙහෙවින් ප්‍රයෝජනවත් වූ බව කියා සිටියාය. පැමිණ සිටි බොහෝ කාන්තා ව්‍යවසායකයින් ඔවුන්ට ලබාදුන්  තොරතුරු මගින් දිරිමත් වූ අතර ඔවුන් දැන  ගත් දේ තම ව්‍යාපාරවලට එක් කිරීමට ඔවුන්ට හැකි බව පවසා සිටියාය.

 ඔබ ඔබේ ව්‍යාපාරය ගොඩනඟා ගැනීමට හෝ ඔබේ ව්‍යාපාරය පුළුල් කිරීමට සැලසුම් කරන කාන්තා ව්‍යවසායිකාවක් නම්, ඔබට විශේෂ පොලී අනුපාත සහ විශේෂ පහසුකම් ඇති ඕනෑම කොමර්ෂල් බැංකු ශාඛාවකින් Anagi ගිණුමක් ආරම්භ කිරීමෙන් ප්‍රතිලාභ ලබාගත හැකිය.