“කිඹුලා කනව ඉවසන්න පුළුවන්. ඒත් කොහිල කටු ඇනෙනව ඉවසන්න බැහැ. වැනි ආප්තෝපදේශ කොහිල සම්බන්ධව අසා ඇත්තේ එහි කටුවල ඇති විස එතරම්ම ප්‍රබල නිසා විය හැකියි. නමුත් කොහිල කටු ඉවත් කර පිරිසුදු කර පසු ලැබෙන්නේ අපට හිතැහි හොඳ එළවළුවකි. කොහිල අලය මුල් අදින්නේ ළිඳ ළඟ, දොළ ළඟ පමණක් නොව ගමේ ගොඩේ ඕනෑම දියසීරාව ඇති තැන්වලය. නාගරිකව වෙසෙන ඔබගේ ගෙවත්තේ වුව පුංචි ඉඩකඩක කුඩා වතුර වලක් සාදා එහි කොහිල වගාව සාර්ථකව කර ගත හැකියි. වසක් විසක් නැතිව ඉබේම වගේ වැඩි වෙහෙසක් නොයොදා ආහාරයට ලබාගත හැකි එළවළුවක්, ඖෂධයක් ලෙස ලැබිය හැකි වාසි බොහෝ ඇත.
ඖෂධීය ගුණ
අර්ශස් රෝගය සඳහා යෝග්‍ය ඖෂධ්‍යක් ලෙස කොහිල ප්‍රසිද්ධියක් උසුලයි. මෙහි පවතින කෙඳි (dietry fibres) නිසා මළ බද්ධය වළකායි. ආහාර මාර්ගය ආශි‍්‍රත බොහෝමයක් රෝගවලට ගුණයි. අමාශගත තුවාල හා අන්ත්‍රගත පණුවන් සඳහා යෝග්‍ය වේ.
අක්මාවේ රෝගවලට ගුණදායක වේ. අජීර්ණ රෝග තත්ත්වයන් ඇති නොවේ. කොහිල අල ව්‍යංජනය ආහාරයට එක්කර ගැනීමෙන් පිෂ්ඨය ජීර්ණයෙන් ඇති සීනි අවශෝෂණය පාලනය වේ. මෙමඟින් දියවැඩියාව වැනි රෝග තත්ත්වයන් පාලනයටත් වළක්වා ගැනීමටත් ඉවහල් වේ.
එමෙන්ම ආහාරවල අඩංගු තෙල් අවශෝෂණය අඩු කරන නිසා රුධිරයේ කොලෙස්ටරෝල් අඩු කරයි. කොහිලවල ප්රතිඩක්සිකාරක ගුණය පවතී. ආහාරමය තන්තු (diatry fibre) අඩංගු වේ. එමනිසා crohns deseas යන රෝගී තත්ත්වයට ගුණදායක වේ.
කොහිල වර්ග
බොහෝවිට අපට හමුවන කොහිල කිරි කොහිලයි. ඊට අමතරව ගුරු කොහිල, වැල් කොහිල, කළු කොහිල, ගොඩ කොහිල යනුවෙන් ද කොහිල වර්ග ඇත.
කොළ හා අල විශාලව ඇත්තේ කළු කොහිල වලයි. කළු පැහැති ද වේ. එය රසයෙන් හා ගුණයෙන් ද ඉහළයි. මෙය ඉතාම දුර්ලභ වර්ගයකි. වැල් කොහිල කට කසන ගතියක් ඇත. ගැමියා ඊට කෙම් ක්‍රම උපයෝගී කරගෙන පිසින බැවින්, ඒ කට කහන ගතිය දුරු කරගනී. වැල් කොහිල වැල් වශයෙන් ගස් දිගේ වැට දිගේ වැවෙයි.
කොහිල හොඳ එළවළුවක්,
මිල අඩුවෙන් ලබාගත හැකි එළවළුවකි. වගා කිරීමේදී රසායනික පොහොර නොදෙයි. ඒ නිසා ශරීරයට හිතකරයි. වස විසෙන් තොර එළවළුවක් ලෙස සඳහන් කළ හැකියි. ජලය බැස යන ස්ථානවල හා ළිං අවට පහසුවෙන් වගා කළ හැකියි. දඬු, අල, මල්, කොළ සහ සියලුම කොටස් ප්‍රයෝජනයට ගනී. සම්බෝලයට, ව්‍යංජනයක් ලෙසට ද ඉතා රසවත්ව ආහාරයක් ලෙස සකසා ගත හැකියි. ඊට අමතරව කට්ලට් සෑදීම පිණිස කොහිල අල යොදා ගනී. කොහිල දළු අමුවෙන් ආහාරයට නොගත යුතුයි. නමුත් ව්‍යංජන ලෙස සුදුසුයි. මෙහිදී පෝල්කිරි ස්වල්පයක් එක් කිරීම වැදගත් වේ.
අර්ශස් රෝගීන්ට සුදුසුයි
රතුළූණු යොදා සාදාගත් කොහිල අල කැඳ යෝග්‍ය වේ.
ලේ වහනය වන අර්ශස් (රක්ත අර්ශස්)
කොහිල අල හෝ කරටි, ගොටු දඬු (ගොටු කොළ) රතුළූණු රත් කරල් හැබ සමව ගෙන කොටා වණ්ඩුවේ තම්බා මිරිකාගත් යුෂට දෙහි යුෂ බිංදු කිහිපයක් දමා බීමට දීම.
කොහිල අල කලං 2 මදටිය 8 බැගින් අළුකෙසෙල් අල වැටකෙයියා බඩ, උම්බලකඩ, කිතුල් හකුරු සමව ගෙන වතුර පත 8ක් දමා 1ට සිඳ පත 1/2 බැගින් උදේ සවස බොන්න. ගොටුකොළ, කොහිල අල රතුළූණු සමව ගෙන කසාය කර එළඟිතෙල් සමඟ බීමට දීම හොඳයි. දියවැඩියාවට කොහිල කරටි හිනැටි සහල් මිටක් දමා සාදන ලද කැඳ ගුණයි. ගර්භ වේදනාවට කොහිල අල තලා යුෂ මිරිකා පෙවිම හොඳයි. රත්පිතට කොහිල අල හා කොළ මේවායින් සැදූ කැඳ යෝග්‍යයි. නින්ද නොයෑමට
කළු කොහිල කැඳ සුදුසුයි.
කොහිල 100g ක අඩංගු පෝෂණීය අගයන්
ශක්තිය කිලෝ කැලරි 140
ප්‍රෝටීන් 15.42g
තෙල් (fat) 3.64g
කාබෝහයිඩ්රේට් 7.87g
කැල්සියම් 96.6mlg
පොස්පරස් 188.64mlg
යකඩ 2.12mlg
විටමින් ඒ 15.21mlg
මියැසින් 3.35mlg
විටමින් ඕ 28.72mlg