ශ්‍රී ලංකාව තුළ ළමා දිනය සමරන්නේ අදයි. ළමා දිනයේදී විතරක් නෙවෙයි සෑම දවසකදීම අපි දරුවන් ගැන හිතන්න ඕන. මූලික වශයෙන් දරුවාගේ ආරක්ෂාව ගැන අම්මලා විදියට ගොඩාක් හිතන්නට අවශ්‍යයි. අරක්ෂාව කියන්නෙ මොකක්ද? බොහෝ විට ජීවිතයේ හිතන්නෙ නැති පැතිවලින් දරුවන් විනාශ වී යනවා අපිට වර්තමාන ලෝකයේ දකින්නට ලැබෙනවා. දැන් සමාජයේ ජීවත්වන දරුවන් සියලු දෙනා අනාරක්ෂිතයි. නමුත් දරුවන්ට සිදුවිය හැකි අපචාර හෝ අනතුරු සියලු දේ ඉතා පහසුවෙන් වළකා ගත හැකි බව ඔබ දන්නවා?
මේ කාරණා පිළිබඳව ඔබ සිතා බලන්න.
1. එදිනෙදා ජීවිතයේ ඔබේ දරුවා සමඟ නිතර ගැටෙන මිනිසුන් ගැන ඔබ දන්නේ මොනවාද?
ඔවුන් ගැන අවබෝධයෙන් සිටින්න. ඔබ ඔවුන් ගැන හරියටම දන්නවද? ඔවුන් ගැන දන්න විස්තර මොනවාද? ඔබේ දරුවා සමඟ ගනුදෙනු කිරීමට තරම් ඒ මිනිසුන් විශ්වාසවන්තද? මේ පිළිඳව සොයා බැලීම අත්‍යාවශ්‍ය වේ.
2. ඔබේ දරුවන් ආශ්‍රය කරන්නා වූ මිතුරන් ගැන ඔබ දන්නේ මොනවාද?
ඔවුන් කවුද කියා සොයා බැලීම ඉතා වැදගත්ය. ආශ්‍රය නිසා දරුවන් විනාශ වීම බහුලව සිදු වේ. නරක ඇසුරකට දරුවා හසු නොවීමට ඔබේ දරුවන් ආශ්‍රය කරන්නාවූ මිතුරන් ගැන සැලකිලිමත් වෙන්න. ඔවුන්ගේ තොරතුරු ඔබ ලඟ තබාගන්න.
3. දරුවන්ගේ ක්‍රියාකාරකම් ගැන ඔබ දන්නේ මොනවාද?
ඔවුන් කරන දේවල් මොනවාද? ඔවුන් යන්නා වූ ස්ථාන මොනවාද? ඔවුන් කතාබහ කරන්නේ කා සමඟද? ගන්නා වූ ආහාරපාන මොනවාදා? මේ සියලු දේ ගැන ඔබ අම්මා කෙනෙක් ලෙස සැලකිලිමත් විය යුතුයි. මෙලෙස දරුවන්ගේ ක්‍රියාකාරකම් ගැන සෙවීම ඔත්තු බැලීමක් ලෙස සිතන්නට අවශ්‍ය නැහැ. අම්මා කෙනෙක්ට තමන්ගේ දරුවන් ගැන සෙවීමට අයිතියක් ඇත. නමුත් දරුවාගේ නිදහසට බාධාවක් නොවන ලෙස ඔවුන් ගැන සොයා බැලීමට වඟබලාගන්න.
4. ඔබේ දරුවන් යන එන ස්ථාන ගැන ඔබ දන්නේ මොනවද?
දරුවන් ගෙදරින් පිටතට යන විට ඔවුන් යන්නේ කොහෙටද? මොකටද යන්නේ? කීයටද එන්නෙ? යන්නාවූ කාරණාවන් ගැන අම්මා කෙනෙක් ලෙස ඔබ දැනගෙන සිටීම වැදගත් වේ. ඔබේ දරුවන් නිතරම ගැවසෙන්නට කැමති ස්ථාන ගැන සැලකිලිමත් වෙන්න. මන්ද දරුවන්ට නුසුදුසු ස්ථාන ඕන තරම් වර්තමාන ලෝකයේ තියනවා එවැනි ස්ථානවලට යාමෙන් දරුවන්ගේ ජීවිත මුලුමනින්ම විනාශ වීමට ඉඩ ඇත. එනිසා දරුවන් යන එන ස්ථන පිළිබඳ සොයා බලන්න.
5. ඔබ දරුවා කියන්නා වූ දේවල්වලට කන් දෙනවාද?
වර්තමානයේ බෝහෝ විට දෙමාපියන් තම කර්‍යබහුලත්වය නිසා දරුවන් කියන දේවල්වලට සවන් දෙන්නෙ නෑ. අම්මලා විදියට දරුවන්ට කන් දීම ඉතාමත් වැදගත් වේ. දරුවන් කතා කරන විට හොඳ අවබෝධයෙන් අහන් ඉන්නට අවශ්‍යයි. මන්ද ඔවුන් නිකන් දේවල් කතා කරන්නෙ නෑ. යම්කිසි දෙයක් වැදගත් නම් පමණයි ඔවුන් කතා කරන්නේ. එනිසා දරුවන් කතා කරන විට ඉතා උවමනාවෙන් සවන් දෙන්න. ඒවගේම දරුවන් අසන්නාවූ ප්‍රශ්නවලට සැලකිලිමත්ව උත්තර දෙන්න.
ඉතින් මේ ලෝක ළමා දිනයට පමණක් දරුවන්ව සීමා නොකර සැම විටම දරුවන් සමඟ හොඳ සම්බන්ධකමක් පවත්වාගන්න, දරුවන්ව තේරුම් ගන්න, දරුවන්ට ආදරයෙන් සලකන්න මතක තබාගන්න. ඒ වගේම ඔවුන්ගේ ක්‍රියාකාරකම් ගැන, ඔවුන් ආශ්‍රය කරන්නාවූ මිතුරන් ගැන, ඔවුන් යන එන ස්ථාන ගැන, ඔවුන් සමඟ නිතර ගැටෙන මිනිසුන් ගැන, ඔවුන් කතා කරන්නාවූ දේවල් ගැන සොයා බැලීම කළ යුතුය. මන්ද වර්තමාන ලෝකය තුළ දරුවන් අනාරක්ශිතයි. නමුත් මේ දේවල් ගැන සැලකිලිමත් වීමෙන් ඔබේ දරුවාට සිදුවිය හැකි අපයෝජන, අපචාර, අනතුරුවලින් ඔවුන්ව ගලවා ගත හැක.