අද කාලේ සමාජ මාධ්‍ය කියන්නේ අපේ දෛනික ජීවිතයේ අත්‍යවශ්‍යම කොටසක්. Facebook, Instagram හෝ Tiktok හරහා අපේ ඡායාරූපයක්, අදහසක් නැත්නම් නිර්මාණයක් බෙදාගන්න එක හරිම සාමාන්‍ය දෙයක්. නමුත් ඒ අතරතුර අපිට මුහුණ දෙන්න වෙන ලොකුම අභියෝගයක් තමයි අන් අයගෙන් ලැබෙන ඍණාත්මක කතා, සෘණාත්මක Comment සහ විවේචන. කිසිම හේතුවක් නැතුව අනුන්ව විවේචනය කරන අය නිසා සිතට දැනෙන පීඩනය Hate එකක් විදිහට මානසික සෞඛ්‍යයට බරපතල ලෙස බලපාන්න පුළුවන්.
පසුගිය දවස්වල අපේ රටේ ප්‍රසිද්ධ ගායන ශිල්පිනී උමාරියා සිංහවංශ මුහුණ දුන් සිදුවීම ඔබටත් මතක ඇති. සමාජ මාධ්‍ය හරහා ඇයට එල්ල වුණු අධික ඍණාත්මක ප්‍රහාර සහ විවේචන හමුවේ ඇය ඉතාමත් පරිණත ලෙස, තමන්ගේ වෘත්තීයගරුත්වය සහ ආත්මගෞරවය රැකගනිමින් ක්‍රියා කළ ආකාරය අප සැමටම ලොකු ආදර්ශයක්. ලැබෙන හැම ඍණාත්මක කතාවක්ම හදවතට අරන් ලතැවෙන්න ගියොත් අපේ මානසික සුවය වගේම ආත්ම විශ්වාසයත් විනාශ වී යනවා. Social Media හරහා ලැබෙන Hate Comments සහ ඍණාත්මක බලපෑම් මානසිකව බාරනොගෙන, ඔබේ සිතේ සැනසීම රැකගන්නේ කොහොමද කියලා අද Liya.lk තුළින් අපි කතා කරමු.
Read more on Liya.lk 👇🏼
මිනිසුන් සමාජ මාධ්‍ය තුළ Hate පතුරවන්නේ ඇයි?
අප මුලින්ම තේරුම් ගත යුතු වැදගත් කරුණක් තිබෙනවා. ඒ තමයි සමාජ මාධ්‍ය තුළ කෙනෙකු ඔබට පළකරන ඍණාත්මක අදහසකින් හෝ Hate Commentsවලින් කියවෙන්නේ ඔබ ගැන නොව, ඒ අදහස පළකළ පුද්ගලයාගේ ඇතුළාන්තය ගැන බවයි.
තමන්ගේ ජීවිතයේ පවතින අතෘප්තිමත් බව, ඊර්ෂ්‍යාව, මානසික අසහනය හෝ තමන්ගේ අඩුපාඩු වසා ගැනීමට බොහෝ දෙනා කරන්නේ සමාජ මාධ්‍ය තුළ අන් අය වෙත Hate පිට කිරීමයි. තිරයක් පිටුපස සැඟවී ඕනෑම කෙනෙකුට බැණ වැදීම පහසු නිසා ඔවුන් මෙම පහත් ක්‍රියාව තෝරාගනී. එම නිසා, එම විවේචන ඔබේ වටිනාකම මැනීමට යොදා නොගත යුතුය.
සමාජ මාධ්‍යවල Hate බාරනොගෙන සිටීමට ප්‍රායෝගික පියවර
අන්තර්ජාලය තුළින් එන මෙම Hate Comments සහ ඍණාත්මක සිතුවිලි ඔබේ ඔළුවට නොගෙන සිටීමට අනුගමනය කළ හැකි සරල පියවර කිහිපයක් මෙන්න:
1. ක්ෂණිකව React කිරීමෙන් වළකින්න (උමාරියාගේ ආදර්ශය)
කෙනෙක් නරක කතාවක් කී විට සිතට කේන්තියක් හෝ කණගාටුවක් ඇතිවීම සාමාන්‍ය දෙයක්. නමුත් උමාරියා කළා වගේ, ඒ වෙලාවෙම ඒ අයට නැවත බැණ වැදීමට හෝ උත්තර දීමට (React) යන්න එපා. ඔබ නැවත උත්තර දෙන තරමට සිදුවන්නේ ඔවුන්ගේ Hate Comments ගින්නට තවත් තෙල් වත් කිරීම පමණි. මඳක් ඉවසන්න, නිහඬතාවයෙන් සහ සංසුන්කමෙන් පිළිතුරු දෙන්න.
2. Block සහ Mute බටන් භාවිත කරන්න
ඔබේ මානසික සුවතාවයට වඩා වෙන කිසිවක් වටින්නේ නැත. ඔබට නිතරම ඍණාත්මක බව හෝ Hate එකතු කරන පුද්ගලයන්ගේ ගිණුම් “Block” හෝ “Unfollow” කිරීමට කිසිවිටෙකත් පසුබට නොවන්න. එය ඔබේ සයිබර් අවකාශය නිරෝගීව තබාගැනීමට ගන්නා හොඳම පියවරයි.
3. නිර්මාණාත්මක විවේචන සහ Hate වෙන්කර හඳුනාගන්න
ලැබෙන හැම අදහසක්ම එක හා සමාන නැත. යම් කෙනෙකු ඔබේ වර්ධනය වෙනුවෙන් ආදරයෙන් දෙන උපදෙසක් (Constructive criticism) සහ අහේතුකව කරන Hate ප්‍රහාරයක් අතර වෙනස වටහාගන්න. ඔබට දියුණු වීමට ලැබෙන හොඳ උපදෙස් අගය කරන්න, නමුත් හුදෙක් පහත් කිරීමට කරන කතා පසෙක ලන්න.
4. Social Media Detox එකකට යන්න
සමාජ මාධ්‍ය භාවිතය නිසා ඔබේ මනස අධික ලෙස වෙහෙසට පත්වී ඇත්නම්, සතියකට දින කිහිපයක් හෝ Phone එක පසෙක තබා සමාජ මාධ්‍යවලින් ඈත් වන්න. ස්වාභාවික පරිසරය සමඟ කාලය ගත කිරීම, පොතක් කියවීම හෝ ප්‍රියතම විනෝදාංශයක නිරත වීම මඟින් Hate නිසා ඇතිවූ මානසික පීඩනය නැති කරගත හැක.
ඔබේ ආත්ම විශ්වාසය (Self-Confidence) රැකගන්නා හැටි
සමාජ මාධ්‍යවල සිටින නොදන්නා මිනිසුන්ගේ අදහස් මත ඔබේ ජීවිතයේ වටිනාකම තීරණය කිරීමට ඉඩ දෙන්න එපා.
- ඔබේ සාර්ථකත්වයන් අගය කරන්න: ඔබ ලබා ඇති ප්‍රගතිය සහ ඔබේ ශක්තීන් ගැන නිතරම සිහිපත් කරන්න.
- සැබෑ ලෝකයේ සබඳතාවලට මුල් තැන දෙන්න: ඔබට සැබවින්ම ආදරය කරන පවුලේ අය සහ හොඳම මිතුරන් සමඟ කාලය ගත කරන්න. ඔවුන්ගේ ආදරය සහ සපෝට් එක හමුවේ අන්තර්ජාලයේ Hate කිසිසේත්ම බලපාන්නේ නැත.
අන් අය කියන සෑම ඍණාත්මක කතාවක්ම බාරගැනීමට ඔබට කිසිදු අවශ්‍යතාවයක් නැත. සමාජ මාධ්‍ය යනු ජීවිතයේ කුඩා කොටසක් පමණි. අනවශ්‍ය Hate සහ විවේචන පසෙක ලා, ඔබේ මානසික සුවතාවයට මුල් තැන දෙන්න. ඔබේ සතුට සහ සාර්ථකත්වය රඳා පවතින්නේ ඔබ තමන් ගැන හිතන විදිහ මත මිස අන් අයගේ කමෙන්ට්ස් මත නොවන බව සැමවිටම මතක තබාගන්න.
Read more 👇🏼



