ළමා සංවර්ධන අවධි මොනවාද?

What are the Stages of child development

ළමා සංවර්ධන අවධි මනෝ විද්‍යාත්මකව කොටස් හයකට බෙදන අතර මෙවර ලිපිය මගින් කතා කිරීමට යන්නේ උපතේ සිට මස 21 දක්වා දරුවාගේ මානසික මට්ටම හා කතාව ඇතිවන ආකාරයයි

ඉන්ද්‍රිය චාලක අවධිය උපතේ සිට මස 18-21ත් දක්වා  මේ කාලය දරුවාගේ අත පය  ක්‍රියා කිරීම හා  ශරීරය ක්‍රියා  කිරීම සම්බන්ධව කරන ක්‍රියාකාරකම් වේ.

මෙහිදී අත පය ගැසීම සෙලවීම පෙරලීම අතින් යමක් ගැනීම බඩ  දණ ගෑම ඇවිදීම දිවීම අදිය කරයි.

එසේම විවිධ ශබ්ධ නැගීම හැඩීම ආදිය සිදු කරයි මෙහිදී බුද්ධිම ක්‍රියා පවා සිදු කරන්නනේ ශාරීරික ඉන්ද්‍රියන් මගිනි  මුලදී දරුවා තමාට කන්ට ඇසෙන ශබ්ධ නැවත නැවත උච්චාරණය කිරීමට පටන ගනී මෙහිදී නවතම සිය ගැනීම නම්  බිළින්දා මවගේ කුස  සිටම  ශබ්ධ වලට ඇහුම්කන් දෙන බවයි.

 මාස හය පසුවන විට ඒ ඒ ජාතීන්ට හා එම ජාතීන්ගේ පරිසර ක්‍රියා කාරකම් අනුව ශබ්ධ වෙන් වෙන් වශයෙන් උච්චාරණය ආරම්භ කරයි.

මස දොළහෙන් පසුව හැගීම් සහිතව කතාව අරඹයි. මෙලෙස ළමයාගේ භාෂා වර්ධනය වන්නේ දරුවාගේ කායික ක්‍රියා මගිනි.

 ඔබ දරුවාගේ වර්ධනය සදහා කටයුතු කල යුතු අකාරය

දරුවට නිවසේ කුඩා වැඩ කිරීමට අවස්ථාව දෙන්න එසේම නිවසේ වැඩ සදහා දරුවා එකතු   කර ගැනීම නිසා ඔහුගේ නිර්මාණ ශීලිබව හා සිතීමේ ශක්තිය වැඩිවේ

අන් දරුවන් සමග එකට වැඩකිරීමට අවස්තාවක් දිය  යුතුය. එහිදී කතා කිරීමේ හැකියාව හා එකමුතුකම වර්ධනය වේ

තම ශරීරය පිළිබව අවබෝධ  කරදීමට නිරතුරුව  අත කකුල  ඔලුව කට කන  ආදී  සම්බන්ධ වචන  දරුවාගෙන් ඇසිය යුතුය