විශ්මයට පත් කරන තරුණ බව රැකගන්න අවශ්‍ය මේ ආහාර වර්ග?

වයසට යාම කියන්නේ අපිට නතර කරගන්න පුලුවන් දෙයක් නෙමෙයි. නමුත් අපිට අපේ පෙනුම වයසට නොයා රැකගන්න පුලුවන් . අපි අපේ සෞඛ්‍ය ගැන , පිරිසිදුකම ගැන සැලකිලිමත් වෙනවා නම් තරුණ පෙනුම රැකගෙන හැමදාම ලස්සනට ඉන්න අපිට පුලුවන් .මේ ලිපියෙන් ඔබට කියන්නේ ඔබේ තරුණබව රැකදෙන ස්වභාවික ආහාර ගැනයි.

දෙළුම්

දෙළුම් කියන්නේ සෞඛ්‍ය සම්පන්න පළතුරක්. එහි අඩංගු ප්‍රතිඔක්සිකාරකවල ක්‍රියාකාරිත්වය වඩා ඉහළ මට්ටමක පවතිනවා. දෙළුම් ආහාරයට ගැනීමෙන් රුධිරයේ අධික සීනි මට්ටම වැඩිවීමෙන් සිදුවන හානිය වළක්වා ගන්නට පුලුවන් වෙනවා වගේම මහ බඩවැලේ පිළිකා සහිත රෝගීන්ගේ ප්‍රතිකාරවල ප්‍රතිඵල වැඩි දියුණු කිරීමට උපකාරී වේ.

These foods are necessary to maintain your youth

අලිගැටපේර

අලිගැටපේර කියන්නේ හෘදයට හිතකර මේදය, තන්තු සහ ශරීරයට අත්‍යවශ්‍ය විටමින් සහ ඛනිජ ලවණවලින් පොහොසත් පලතුරක් . ඔබේ සම හිරුකිරණවලින් ආරක්ෂා කිරීමටත්, හානියට පත් DNA අළුත්වැඩියා කිරීමටත් උපකාරී වෙන අලිගැටපේර බොහෝ රූපලාවණ්‍ය කටයුතු සඳහාත් යොදා ගන්නා පලතුරක්.

කුළුබඩු

කුළුබඩු වල කාර්‍යය ඔබේ ආහාරයට වැඩි රසයක් එක් කිරීමම පමණක් නෙමෙයි.ඔබේ සෞඛ්‍යයට හිතකර බලපෑම් ඇති කළ හැකි විවිධ ශාක සංයෝගත් ඒවායේ අඩංගු වෙනවා.කුරුඳු කොලජන් නිෂ්පාදනය වැඩි කරන බව පර්‍යේෂණ මගින් පෙන්වා දී ඇති අතර මිරිස්, ගම්මිරිස්වල අඩංගු කැප්සායිසින්, වයස්ගතවීමේදී සමේ සෛලවල සිදුවන වෙනස්කම් කිහිපයක් අඩු කළ හැකි බවත් පර්යේෂණවලින් පෙන්වා දී තිබෙනවා. ඒ වගේම ඉඟුරු වල අඩංගු ජින්ජරෝල් නම් සංයෝගයට ප්‍රති ප්‍රදාහ (anti-inflammatory) ගුණ ඇති අතර ඒවා හිරු එළියට නිරාවරණය වීම නිසා ඇතිවන ලප වළක්වා ගැනීමට උපකාරී වෙනවා.

These foods are necessary to maintain your youth

නැවුම් එළවලු

නැවුම්එළවළු අතිශයින්ම පෝෂ්‍යදායී වන අතර තරුණබව රැකදෙන ස්වභාවික ආහාර අතර මුල් තැනක් ගනී. ඒවායේ කැලරි ප්‍රමාණයද ඉතා අඩුය. හෘද රෝග, ඇසේ සුද සහ පිළිකා ඇතිවීමේ අවදානම අවම කිරීමට උපකාරී වන ප්‍රතිඔක්සිකාරක ඒවායේ අඩංගු වේ. බොහෝ එළවළු වල බීටා කැරොටින් වැනි කැරොටිනොයිඩ් (carotenoids) වලින්ද සමන්විත වෙනවා. බීටා කැරොටින් අඩංගු හොඳම එළවලු වන්නේ කැරට්, වට්ටක්කා සහ බතල ය.බොහෝ එළවළු වල විටමින් සී බහුල වන අතර එය සමේ කොලජන් නිෂ්පාදනයට වැදගත් වේ. විටමින් සී ඉහල ප්‍රමාණයක් අඩංගු එළවළු වන්නේ, කොළ බෙල් පෙපර්, තක්කාලි සහ මල් ගෝවා, සාරණ, කතුරු මුරුංගා සහ මුකුණුවැන්න යි.

These foods are necessary to maintain your youth

මේද සහිත මාලු

මේද සහිත මාළු වල ඇති ඔමේගා-3 හෘද රෝග, දැවිල්ල සහ මහ බඩවැලේ තුවාල (ulcerative colitis) වැනි රෝග වලට එරෙහිව සටන් කරනවා. සැමන් වල ඇති astaxanthin ප්‍රතිඔක්සිකාරකය සමේ නම්‍යතාවය සහ සජලනය වැඩි දියුණු කරනවා. කෙලවල්ලා, බලයා, අලගොඩුවා හා ඇටවල්ලා යනු ඔබට පහසුවෙන්ම වෙළෙඳපොළෙන් මිලදී ගත හැකි මේද සහිත මාළු වර්ගයි.

These foods are necessary to maintain your youth

ඔලිව් තෙල්

පර්යේෂණවලින් පෙන්වා දී ඇති ආකාරයට ඔලිව් තෙල් මගින් වයස්ගත වීමත් සමඟම ඇතිවිය හැකි බොහෝ රෝගාබාධ වළක්වා ගත හැකි වෙනවා. ඔලිව් තෙල් රුධිර පීඩනය අඩු කරන අතර, හෘදයාබාධ ඇතිවීම වළක්වනවා. පරිවෘත්තීය දුර්වල කරන මැටබොලික් සින්ඩ්‍රෝමය (metabolic syndrome) වැළැක්වීමට උපකාරී වන අතර පිළිකා සමඟ සටන් කිරීමටද ඔලිව් තෙල් පරිභෝජනය උපකාරි වෙනවා.එහි ඇති ප්‍රති ප්‍රදාහ මගින් හිරු එළියෙන් සමට සිදුවන හානි වළක්වනවා. බොහෝ සම සත්කාරයන් සඳහාත් ඔලිව් තෙල් භාවිතයට ගනු ලබනවා.

These foods are necessary to maintain your youth

තක්කාලි

වයස්ගත වීම වළක්වන ආහාර අතරින් තක්කාලි කියන්නේ හොඳම ආහාරයක්.සම පැහැපත් කරමින් , සමට අවශ්‍ය කොලජන් නිශ්පාදනය වැඩි කරන තක්කාලි මගින් හිරු එළියෙන් සමට සිදුවන හානි අවම කරනවා.

These foods are necessary to maintain your youth

ආමන්ඩ්

නීරෝගි කෙස් කළඹක් සඳහා ඔබට විටමින් ඊ සපිරි ආමන්ඩ් කියන්නේ ඉතාම හොඳ ආහාරයක්.ඒ වගේම සම මෘදු කරමින් හිරු කිරණ වලින් සමට වන හානි අවම කරගන්නත් ආමන්ඩ් වලට පුලුවන් . එ වගේම සම පැහැපත් කරමින් සම වියපත් වීමත් මෙමගින් සිදු කෙරෙනවා

These foods are necessary to maintain your youth

ඔබේ දෛනික ආහාර අතරට මේ දේවල් එකතු කරගත්තොත් ඔබට පුලුවන් ඔබේ තරුණ පෙනුම හැමදාම රැකගන්න.ඒ වගේම ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීමට , ව්‍යායාම කිරීමට වගේම පිරිසිදුව ඉන්නත් ඔබ සැලකිලිමත් උනොත් ඔබට හැමදාම ලස්සනට ඉන්න පුලුවන්.

ඔබගේ තරුණ බව රැකගන්න අවශ්‍ය මේ ආහාර වර්ග ඔබේ ආහාර වට්ටෝරුවට

Other articles – https://liya.lk/category/%e0%b6%b8%e0%b7%8f%e0%b6%b1%e0%b7%83%e0%b7%92%e0%b6%9a/