ඔබ නොදන්න ගුණදායි සහල් වර්ග 10ක්

rice varieties | ඔබ නොදන්න ගුණදායි සහල් වර්ග 10ක්

ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල් වල විද්‍යාත්මක වර්ගීකරණය:

Rice varieties | ක්‍රිස්තු පූර්ව 800 කට පෙර සිටම ශ්‍රී ලංකාවේ වී ගොවිතැන පැවති බව ලේඛනගත සාධක වලට අනුව හෙළිවේ. මෙය වඩාත් තහවුරු වන්නේ ක්‍රිස්තු පූර්ව 300 සිට ඉදිකරන ලද අති විශාල වාරි මාර්ග, ජලාශ හා ඇළ මාර්ග පද්ධති වලිනි.මෙම වී ගොවිතැන ආර්ථික ක්‍රියාකාරිත්වයක් පමණක් නොව එය ජීවනෝපාය මාර්ගයක්ද විය.අතීතයේ මුතුන් මිත්තන් විසින් වී වල ප්‍රභේද හදුන්වා ඇත්තේ පාරම්පරික,ස්වදේශීය,පාරම්පරික වස්තු යන නම් වලිනි.

ආසියාවේ පෙරදිග ධාන්‍යාගාරය වශයෙන් ශ්‍රී ලංකාව ස්වදේශීය සහල් වර්ග 2000 කට අධික ප්‍රමාණයක් ලෝකයට හඳුන්වා දී ඇත.අතීතයේ පටන් ශ්‍රී ලංකාවේ වී ගොවිතැන පුජ්‍යත්වයෙන් සලකනු ලැබුවේ.16 සහ 18 වන ශත වර්ෂ අතරතුරදී සිදුවූ යුරොපීයන්ගේ සංක්‍රමණය ලංකාවේ
බෝග වගාව කෙරෙහි වැඩි අවධානයක් ලබා ඇත.පසු කාලිනව ජනගහණය වර්ධනය වීමත් එක්ක 1930 වර්ෂයේදී වී වර්ග සමඟ අස්වැන්න වැඩි කර ගත හැකි රසායනික පොහොර භාවිතය හඳුන්වා දී ඇත.

මෙහි ප්‍රතිඵලයක් වශයෙන් 1950 වර්ෂයේදී වී අස්වැන්නේ සාමාන්‍ය හෙක්ටයාර 0.65 සිට හෙක්ටයාර 1.73 දක්වා ඉහළ ගොස් ඇත.

මෙම ක්‍රියාවලියේදී බොහෝ ශ්‍රී ලාංකික සම්ප්‍රදායික සහල් ප්‍රභේදයන්හි අඩංගු වූ, විශාල ප්‍රමාණයක ග්ලුටැමික් අම්ලය (Glutamic acid), අධිසාන්ද්‍රිය විටමින් සහ අඩු සීනි සාන්ද්‍රණය (Glycemic index) යන ගුණාත්මකභාවයන් රසායනික පොහොර භාවිතය නිසා අහිමි විය . මන් දැන් මේ කියන සහල්, මිලෙන් අධික උනත් ගුණයෙන් ඉහල මේ සහල් කිලෝ දෙකක් මාසෙකට ගෙදරට ගේන්න! ගෙදර හැමෝටම නැතත් ගෙදර පොඩ්ඩන්ට හාල් මිටක් උයලා දෙමු!

වාර්තමානයේ අපගේ ප්‍රධාන අහාරය බත් නේද?

හැබැයි ඉස්සර අපේ මුතුන් මිත්තෝ

කෑවේ සුවදැල්,හීනටි සහ ඇල් හාල් වගේ බත් වලින්. දැන් අපි කන්නේ සම්බා, කෝරා,නාඩු.

  1. රත් ඇල් හාල්
    ගුණාත්මක බාවය – මුත්‍රාශයේ හා පිත්තාශයේ රෝග සදහා වැදගත් වෙයි. තවද ලිංගික ශක්තිය වැඩි කරයි. දියවැඩියාව පාලනය කරයි.
  2. කළු හීනටි හාල්
    ගුණාත්මක බාවය – ශරීරයේ ඇති ඔනෑම විසක් ඉවත් කිරිමට විශේෂිතම වු සහල් වර්ගයකි. පිළිකා නාශක ගුණයෙන්ද යුතුය.ඉන්සියුලින් හෝර්මෝන සෑදීමට අවශ්‍ය ක්‍රියාවලිය උත්තේජනය කරයි.එබැවින් දියවැඩියාව රෝගීන්ට විශේශිතම වූ සහලකි.
  3. කහමාල හාල
    ගුණාත්මක බාවය – මළබද්ධය සදහා වඩාත් ගුණදායි, කහමාල සහලේ තන්තු ස්වභාවය හේතුවෙන් ආහාර ජීරණය හා අවශෝෂණය පහසු කරා ආහාර මාර්ගයෙහි ඇති ආබාධ දුරු කරයි.
  4. කුරුළුතුඩ හාල
    ගුණාත්මක බාවය – ඇට මිදිළු වල ක්‍රියාකාරීත්වය වැඩි කරනා අතර හන්දි රෝග සදහා බෙහෙවින් යෝග්‍ය වන අතර මෙම සහල් ආහාරයට ගැනීමෙන් ශරීරයේ උණුසුමද පාලනය වේ.
  5. මඩතවාලු හාල්
    ගුණාත්මක බාවය- ශරීරයේ ස්වාභාවික ප්‍රතිශක්තිය වැඩි කරවා ප්‍රජනන හැකියාව වර්ධනය කරන අතර ශරීරයේ උශ්ණත්වය ඉහල යාම පාලනය කරනු ලැබේ.
  6. පච්චපෙරුමාල් හාල්
    ගුණාත්මක බාවය – මුත්‍රා රෝග සමනය කරමින් ශරීරය මනා ලෙස පවත්වාගෙන යාමට සදහා සහය වන ශක්තිජනකයකි.සර්ප විශෙන් මත්වූ රෝගීන්ට සුදුසුම සහලකි.
  7. රත් දැල් හාල්
    ගුණාත්මක බාවය – සීරෝසිස් රෝගයෙන් පීඩා රෝගින් සදහා සහනයක් ගෙන දෙන ඉතා රසවත් රතු සහලකි.රත්දැල් වලින් සාදනු ලබන තලප සහ හොද්ද වෛරස් උණ රෝගීන් සදහා ඉතා යෝග්‍ය වේ.මේවා මානසික ආතතියෙන් පීඩා විදින රෝගින්ට සහ ශරිරයේ හට ගන්න කුෂ්ඨ සාදහා නිර්දේශිත සහලකි.
  8. ඕළු හාල්
    ගුණාත්මක බාවය – අර්ශස් අමාරු අඩු කරයි.
    ශරීරයේ ස්වාභාවික ප්‍රතිශක්තිය ඇති කරති. වකුගඩු හා පිත්තාශය තුල ගල් ඇති වීම වලකයි.ඇස් පෙනීම වැඩි කරයි. සෙම් රෝග පාලනය කරන අතර රුධිර කැටි ගැසීම් හෘදයාබාධ රෝගවලට සුවිශේෂී ගුණයක් ලබා දෙයි.
  9. දික් වී හාල්
    ගුණාත්මක බාවය- හදවතේ කපාට ආශ්‍රිත රෝග වලට ශල්‍යකර්ම නොකර සුව කිරීමේ හැකියාව ඇත. ශරීරයේ තෙල් මේද තැන්පත් වීම් විසුරුවා හැරීමේ බලය ඇත.
  10. මසුරං හාල්
    ගුණාත්මක් බාවය – කපුරුමල් සුවදින් යුත් බතකි. අස්ථි වර්ධනයට වැදගත් වන අතර කුඩා ලමින්ට ඉතාමත් යෝග්‍ය වේ.බෝ වන රෝග වලට ගොදුරු වීමේ ප්‍රවනතාව අවම කරනු ලැබේ.

රස ගුණ සපිරි දස බෝග

දස බෝග විදියට කුරක්කන්, බඩඉරිඟු, මුංඇට, අමු මෙනේරි සහ මෑ විශේෂ සඳහන් වී ඇත. මෙම බෝග රටාව ප‍්රදේශයෙන් ප‍්‍දේශයට සුළු වශයෙන් වෙනස් වී තිබ ඇත.දස බෝග වලින් අපි බලමු ගුණාතමක බාවය තිබෙන එක රස ගුණ සපිරි ආහාරයක් :

“සිංහල ගැමිවෙරළේ රන් මණික” – කුරක්කන්දියවැඩියා රෝගීන්ට ඉතා ගුණදායක ආහාරයක් ලෙස සැලකෙන කුරහන් හෙවත් කුරක්කන් ගැමි ජීවිතයට අයත් විශාල සම්පතකි.

අද අපි කුරහන් පිටි වෙළදපොලෙන් මිලට ගන්නවා නේද?අතීතයේදී කුරහන් කියන්නේ නිවසේදීම පිටි කර ගන්න පුළුවන් එකට අවශ්‍ය කුරහන්ගලක් හැම නිවසකම එදා තිබුණා.වාර්තමානයේ නම් අපිට සැකයක් එනවා නේද පිටි කඩෙන් ගද්දී මෙකට මොනවා කලවම් කරලා ඇති ද කියලා.? අපේ රටේ විතරක් නෙවෙයි විවිධ රටවලත් කුරහන් ඖෂධීය ප්‍රතිකාර වෙනුවෙන් භාවිතා කරනවා. දකුණු අප්‍රිකානුවන් ලාදුරු රෝගය වෙනුවෙන් කුරහන් යොදා ගෙන ඇත.

කුරහන් ඉන්දුනීසියාවේ එළවලුවක් විදියටද, ඉන්දියාවේ ගෝව ප්‍රාන්තයේදී කුරහන් පිටි පපුවේ රෝග වෙනුවෙන්ද, වියට්නාම ජාතිකයන් මුත්‍රාකාරක ඔසුවක් ලෙසින් සහ සුමාත්‍රා වැසියන් පණු රෝග සඳහා කුරහන් යොදා ගනු ඇත.

කුරහන් යොදා ගෙන පිලියෙල වෙන විවිධ ආහාර වර්ග තියෙනවා!

වාර්තමානයේ කුරහන් කැඳ වෙනුවෙන් විශාල ඉල්ලුමක් ගොඩ නැගෙමින් පවතී. කුරහන් පිටි ස්වල්පයක් ගෙන වතුර සමග හොදින් දියකර ලුණු ස්වල්පයක් දමා ලිප තබන්න. මෙහි පිටි භාජනයේ අඩියේ නොඇල්ලෙන සේ හැදි ගාමින් පිසින්න. අවශ්‍ය නම් පොල් කිරි ස්වල්පයක් එක් කර එය පැසෙන විට බිමට ගන්න. ඔබගේ රුචිය අනුව අවශ්‍ය නම් සීනි හෝ හකුරු සමග පානය කරන්න. කුරහන් කැද ඉතාමත් රස පානයකි. ඉතාමත් රසයෙන් යුත් පානයකි.

රසකාරක බීම ජාති පානයට හුරු වෙනවාට වඩා සතියට සැරයක්වත් කුරහන් කැද විදුරුවක් පානය කිරිම වැදගත් වේ. කුරහන් රොටි, තලප , කුරහන් පිට්ටු, ඉදිආප්ප, හැලප වගේ ආහාර රැසක් කුරහන් පිටි මගින් සදාගන්න පුළුවන්.දියවැඩියා රෝගීන්ට කුරහන් ඉතා ගුණදායක වේ. බඩගින්න අඩු කරන රළු ආහාරයකි.සාම්ප‍්‍රදායික හේන් ගොවිතැනින් ජීවත් වූ අපේ රටේ ගොවියන්ගේ දෛනික ආහාර වේල සඳහා වෙළඳපොළෙන් ලබා ගත්තේ දිය ලුණු පමණි. ඔවුන්ට ඔවුන්ගේ නිවැස් වල කිසිදු රසකාරකයක් අඩංගු නැති ආහාර තිබුණා. වාර්තමානයේත් ගම්පාලාත්වල ජනයා තවම අතීතයේ විදියට ආහාර ලබා ගන්නවා.

භූමියෙන් ලබා දෙන රජකීය අලය ඔබ දන්නවා ද ?

රජ අල පහසුවෙන් වගා කරන්න පුළුවන්.සීනි පාලනයට සහ ශරිරයට පෝෂණය සපයන්නට හැකියාවක් ඇති මෙම රජ අල දැනට ලොවම පිළිගත් සුපිරි ආහාරයකි.තමන්ගේ හැඩට පවත්වාගෙන යෑමට ඉතා වාසි දායක අලයකි. කොළඹ සහ මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලෙස්ලි මහතා මට කියපු පොඩි කතාවක් මන් කියන්නම්.

” ඉස්සර කාලේ ගොවිතැන් කරද්දි. ගොවියන්ට වගා කිරිමට නිසි කාලය කියන සතෙක් ඉදියා ඔයා දන්නවා ද ? ඉස්සර ගොවියෝන්ට උදව් වුනේ කොට්ටොරුවා. ඒ සතා නියන් කාලයක් අත ලග එනවානම් එයගේ කුඩුව හදන්නේ ගහේ පල්ලේහටම වෙන්න. එතකොට ගොවියෝ දන්නවා මොන වී ද වගා කරන්න ඔනේ කියලා. ඒ සතා ගහේ උඩින්ම කුඩුව හදනවා කියන්නේ ගංවතුර තත්වයක් එන්න…”ඔයලාත් හිතලා බලන්න කාලයත් එක්ක පැමිණි දියුණුව සහ වේගවත් ජිවිත ගමන නිසා අපි අමතක කරපු මෙම ආහාර නැවත අපේ ගෙදර අයගේ බදුනට ගෙන්න ඔනේ නැති ද ?වාර්තමාන දැනුම මගින් වගාව සහ නව සොයාගැනීම් එකට ගැලපූවහොත්, අපේ පාරම්පරික ආහාර අපේ අනාගත සෞඛ්‍යයට තිළිණයක් වේ.