ඔසප් දරිද්‍රතාවය යනු පාසලේ සිට කාර්යාලය දක්වා කාන්තා ප්‍රජාවටම බලපාන ගැටලුවක් ලෙස හැඳින්විය හැක. මෙය පිළිබඳ අවබෝධය නොමැතිකම අප දෛනික ජීවිතයේ ගැටළු වලට මුහුණ දෙන විට දැඩි ලෙස දැනේ. මෙය සනීපාරක්ෂක තුවා හෝ ඒවා ඉවත දැමීමේ පහසුකම් පමණක් සම්බන්ධයෙන් නොව, මාසික ඔසප් වීම ස්වාභාවික ජෛව ක්‍රියාවලියක් බව දැනුවත්කම හා අවබෝධය හිඟවීම සම්බන්ධ ගැටළුවකි.
මෙයින් මූලික කරුණක් ලෙස දෛනික ජීවිතයේ කාර්යාල තුල කාන්තාවන් හට මුහුණ දීමට සිදුවන ගැටළු රැසක් ඇති බව පෙන්වා දිය හැක. මාසික ඔසප් වීම යනු සාමාන්‍ය සෞඛ්‍යය තත්ත්වයක් බව තේරුම් ගැනීම, සුහඳ සේවක සබඳතා සහ සාර්ථකව වැඩ කිරීමේ පරිසරය සඳහා අත්‍යවශ්‍ය වේ.
කාර්යාල තුළ ඔසප් දරිද්‍රතාවය අවම කරගැනීමට කළ යුතු දේ
සේවක සුභසාධනය
මාසික ඔසප් දින සමඟ සම්බන්ධ ලැජ්ජාව සහ නිශ්ශබ්දතාව හේතුවෙන් සේවිකාවන් තනි වූ බවක් ඔවුන්ට දැනේ. මෙය ඔවුන්ගේ හැකියාව, කාර්ය සාධනය, මානසික සෞඛ්‍යය සහ වගකීම් ගැනීම සඳහා තදින් බලපායි.
වැඩ කිරීමේ හැකියාවට බලපායි
ඔසප් දරිද්‍රතාවය හේතුවෙන් සේවිකාවන්ට වැඩ අත්හැර දමන දින ඇති විය හැක. ඔවුන්ට මාසික ඔසප් දින තුළ අවශ්‍ය සහය ලබා දීම ඔවුන්ගේ උද්යෝගශීලීභාවය සහ කාර්ය සාධනය තහවුරු කරයි.
සමානාත්මතාවය සැපයීම
කාර්යාලය තුළ ඔසප් දරිද්‍රතාවය පිළිබඳ අවබෝධය වැඩි කිරීම, සේවිකාවන්ගේ සෞඛ්‍යය හා අවශ්‍යතා පිළිබඳ ගෞරවය දැක්වීමක් ලෙස පෙන්වා දිය හැකිය. මෙය අද නවීන කාර්යාලයකට අත්‍යවශ්‍ය ගුණාංගයකි.
අනෙකා ගැන හිතන සංස්කෘතියක් ගොඩනැගීම
මාසික ඔසප් දින පිළිබඳ සාකච්ඡාවන් සාමාන්‍ය කිරීම, විශ්වාසය ගොඩනගන අතර, සේවිකාවන්ගේ සෞඛ්‍ය ගැටළු සහ මානසික බර නැති කිරීමට සහය ලබා දෙයි.
නොමිලේ සනීපාරක්ෂක තුවා ලබාදීම
කාර්යාලය තුළ සහ විවේකාගාර තුළ සනීපාරක්ෂක තුවා ලබාදීම, මාසික ඔසප් දිනවල ඇතිවිය හැකි ගැටළුවලට මුහුණ දෙන සේවිකාවන්ට මහත් පුරුවහලක් වේ. මෙය ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳ තේරුම්ගැනීම තහවුරු කරයි.
වර්තමානයේ Fems වෙතින් මෙම සේවා ලබා දෙමින් පවති.
මේ පිළිබඳ සාකච්ඡාවන් සාමාන්‍ය කිරීම
මානව සම්පත් වැඩසටහන් හරහා, පිරිමි හා ගැහැණු සේවකයින් දෙපාර්ශවයම සම්බන්ධ කරගෙන, මාසික ඔසප් දින යනු ස්වාභාවික ජෛව ක්‍රියාවලියක් බව පිළිගැන්වීමට සැලැස්වීම ඉතා වැදගත් වේ.
නිසි නිවාඩු ප්‍රතිපත්ති ස්ථාපිත කිරීම
ඇතැම් සේවිකාවන්ට ඔසප් කාලය තුලදී දැඩි රුධිර වහනයක් මෙන්ම ශාරීරික අපහසුතා ඇතිවිය හැකි බැවින්, යෝග්‍ය සහන සහිත නිවාඩු ප්‍රතිපත්ති සකස් කළ යුතු වේ. මෙය ඔවුන්ට ලබා දෙන වැදගත් සේවාවක් ලෙස සැලකිය හැක.
මේ පිළිබඳව සමාජ සේවා ස්ථාපිත කිරීම
ආර්ථිකව පීඩා විදින ප්‍රජාවන්ට අවශ්‍ය සනීපාරක්ෂක තුවා සහ ඉවත දැමීමේ පහසුකම් ලබාදීමේ සමාජ වැඩසටහන් කාර්යාල හරහා පැවැත්විය හැක.
ඔසප් සෞඛ්‍යය යනු එක්සත් ජාතීන් සැපයූ සෞඛ්‍යය සහ සුභසාධන රීති මාලාව තුල වඩා වටිනාකමක් ලබාදෙන මාතෘකාවක්ය. ශ්‍රී ලංකාව සහ ලෝකය තුළ ඔසප් දරිද්‍රතාවය ජය ගැනීම සියලු දෙනාගේම වගකීමක් වේ.