ඔබේ ජීවිතය වෙනස් කරගැනීමට, ආරක්ෂා කරගැනීමට මෙන්න ඔබ කළ යුතු දේවල්.
සත්‍ය කතාවක් ඇසුරෙන්
අවුරුදු 14ක පාසල් යන සිසුවියකගේ තාත්තා මියයනවා. තාත්තාගෙ අහිමිවීමත් සමඟ, ඔවුන්ගේ පවුලේ ආර්ථිකයත්, ආරක්ෂාවත් සම්පූර්ණයෙන්ම වෙනස්විය. එක මිනිත්තුවකින් ඔවුන්ගේ මුළු ලෝකයම කණපිට පෙරලුනේය. මේ දියණිය කම්පනයට පත්විය. මාසයක් යන්නත් කලින් ඇය මානසික ආතතියෙන් හා මානසික පීඩනයෙන් දුක් විඳින්නට පටන් ගත්තේය.
එම අවස්ථාවෙ, මානසික ප්‍රතිකාරවලට හෝ වෘත්තීය උපදේශනයකට යාමට මවගේ සිත යොමු නොවී, සම්පූර්ණයෙන්ම වැරදි මඟක් ඇය තෝරාගත්තේය. ඇය දියණියට සුවයක් ලැබෙනු ඇතැයි සිතමින් ගත් තීරණය වූයේ දරුවාව මන්ත්‍රණ ගුරුකම් කරන්නා වූ “කට්ටඩියෙක්” ලඟට රැගෙන යාමයි. එහිදී, එම කට්ටඩියා ඔහු වතාවත් කරන ස්ථානයෙන් මවට පිටතට යන්න කියා දරුවා සමඟ තනිවම කතා කිරීම ආරම්භ කළේය. දුර්වල වී, තනිකමින් පීඩාවට පත් මේ ගැහැණු ළමයා, නිරුත්තරව සිටියාය.
නමුත් කාලය ගතවූ විගස, ඔහුගේ සැගවූ අරමුණ අනාවරණය විය. ඔහු දරුවාව ලිංගිකව අපයෝජනය කිරීමට පටන් ගෙන තිබුණි. ඒ සෑම දේටත් අමතරව, ඔහු දරුවාගේ ලේ, නියපොතු, හිසකෙස් රැගෙන යම්කිසි “බන්ධනයක්” ඇයට සිදු කළේය. එය සිදුකර ඇත්තේ දරුවාව ඔහුගේ වසඟයට පත්කරගැනීමටයි.
මෙවන් සිදුවීම් ලොව සෑම තැනකම වෙමින් පවතිනවා. දුක් විඳින, දුර්වල මිනිසුන්ගේ දුෂ්කර අවස්ථාවන් පාවිච්චි කරමින් මන්ත්‍රණ ගුරුකම් කරන්නා වූ “කට්ටඩියෝ” මෙවන් බොහෝ අපරාධයන් සිදුකරනවා.
එනිසා ඔබේ ප්‍රශ්නයට විසඳුම මන්ත්‍රණ ගුරුකම්වලින් සොයන්නට එපා. ඔබේ ප්‍රශ්නයට පිළිතුරු ඔබ තුළම තිබේ.
ඔබ කළ යුත්තේ මොනවාද?
තමා ගැන ධනාත්මක දැක්මක් ඇති කරගන්න.
ජීවිතයට අරුතක් ගෙන දෙන දේ ගැන හිතන්න. සෑම විටම “මට බැහැ” කියන ඍණ අදහස් තියෙන වචන පාවිච්චි නොකර තමා ගැන ධනාත්මකව සිතන්නට සිත පුහුණු කර ගත යුතුය.
අන් අය සමඟ සම්බන්ධ වන්න
මිතුරන් හා ඔබේ ආදරණීයයන් සමඟ කාලය ගත කරන්න. ඔවුන් සමඟ කතා කරන්න, කෑමට යන්න, චිත්‍රපයක් නැරඹීමට යන්න. සමාජ සබඳතා ඇති කරගැනීමෙන් ඔබගේ සිතට තනිකමක් නොදැනී, ඔබේ ආතතිය අඩු වේ. විශේෂයෙන් ඔබට විශ්වාසවන්ත කෙනෙකු සමඟ කතා කිරීමෙන් ඔබට සහනයක් ලබා ගත හැක.
ව්‍යායාමවල නිරත වන්න
දිවීම, යෝගා කිරීම, නැටීම, හෝ සරල ව්‍යායාම කිරීමෙන් Dopamine, Endorphins, Oxytocin, Adrenaline වැනි හෝර්මෝන නිකුත් වේ. මෙමඟින් ඔබේ මානසික පීඩනය ඉතා වේගයෙන් අඩුවේ.
නිතරම සිනාමුසු මුහුණින් සිටින්නට උත්සහ කරන්න.
සිනහවෙන් සිටීම ඔබේ සිතට අලුත් ශක්තියක් ලබාදේ. හාස්‍යජන චිත්‍රපට නරඹන්න, ඔබට සහනයක් ගෙන දෙන සිංදුවලට සවන් දෙන්න. ඔබට සතුටක් ගෙනෙන දේ වෙත අවධානය යොමු කිරීමෙන් ඔබේ ආතතිය අඩුවේ.
අධ්‍යාත්මික සුවය සොයන්න
ආගමික වතාවත්, ගීතිකා, පොත්පත්, පුණ්‍යකර්ම—මේවා මගින් සිතට ගැඹුරු නිදහසක් ලැබේ. ඔබ විශ්වාසකරන්නාවූ දෙයින් සහනය සොයාගැනීමට උත්සාහ කරන්න.
මානසික උපදෙස් ලබාගන්න
මානසික උපදේශකයෙකු හෝ වෛද්‍යවරයෙකු මගින් උපදෙස් ලබාගැනීම ඔබේ ජීවිතය වෙනස් කරයි. ඒ මගින් ඔබේ ගැටළු පිළිබඳ සෘජු පිළිතුරු සහ නිවැරදි මඟක් සොයාගත හැක.
අපි හැමෝමටම මේ ජීවිතයේ දුෂ්කර අවස්ථා තුළින් යන්නට සිදු වෙනවා. නමුත් ඒවාට විසඳුම මන්ත්‍රණ ගුරුකම් නොවේ. ඒවා ඔබේ ජීවිතය තවත් අඳුරු මඟට යොමු කරනවා. ඔබේ ප්‍රශ්වලට විසඳුම ඔබ තුළම තියෙනවා—ඔබේ සිත, ඔබේ සෞඛ්‍යය, ඔබේ සබඳතා තුළ.
ඔබ සතුටින්, නිදහසින්, ආරක්ෂිතව ජීවත් විය යුතු පුද්ගලයෙක්. ඔබගේ ජීවිතය ගොඩනඟා ගැනීමට නිවැරදි මාර්ග තෝරාගන්න.