Season එක ඉවර වෙද්දී බොහෝ දෙනාට අමුතු ආතතියක් දැනෙන්න පටන් ගන්නවා. ඒක හරිම සාමාන්‍ය දෙයක්. Celebrations, parties, family gatherings, outings—මේ හැමදේම එකපාර නවතිද්දී ඒක නිසා දැනෙන හිස්කම, කම්පනය සහ මූල්‍ය පීඩනය එකට එකතු වුනාම ඕනම කෙනෙක්ව ආතතියට ලක් වෙන්න පුලුවන්. Season එකේදී තිබුණු excitement එක හදිසියේම අඩුවෙලා, සාමාන්‍ය ජීවිතයට ආපසු යන්න සිද්ධ වෙද්දී, “දැන් මොනවද කර්න්නෙ?” කියන හැඟීම බොහෝ දෙනාට ඇති වෙනවා.
මෙම ලිපියෙන්, Season එක ඉවර වෙද්දී ආතතියක් ඇති වෙන්නෙ ඇයි, ඒ ආතතිය සාමාන්‍යයිද, ඒ ආතතිය handle කරගන්නේ කොහොමද, සහ ඉදිරියේදී—විශේෂයෙන් 2026 Season එකට—ආතතිය අඩු කරගෙන හොඳින් Season එක plan කරගන්න පුළුවන් ක්‍රම ගැන බලමු.

Season එක ඉවර වුණාම ඇයි මෙච්චර ආතතියක් දැනෙන්නේ?
Season එකක් කියන්නේ සරලව උත්සව කාලයක් විතරක් නෙමෙයි. ඒක emotional high එකක් ඇතිවෙන කාලයක්. Social interactions වැඩි වෙනවා, සාමාන්‍ය routine එක වෙනස් වෙනවා, Responsibilities ටිකක් relax ගන්නවා, Season එකේ spend කරන එක normal කියලා හිත හදාගෙන ඕනාවටත් වඩා spend කරනවා.
ඒත් Season එක ඉවර වුණාම,
- Parties නැති වෙනවා
- Invitations ලැබෙන එක නවතිනවා
- Social media buzz එක අඩුවෙනවා
- Bank balance එක 0 වෙනවා
මෙතැනදී මොලේ sudden shift එකකට මුහුණ දෙනවා. Dopamine levels අඩුවෙලා, එදිනෙදා වගකීම්වලට ආපහු මුහුන දෙන්න වෙනවා.
“හැමදේම හොඳට ඉවර වුණා” කියලා හිත හදාගන්න එක ආතතිය අඩු කරගන්න හොඳ විසඳුමක්
Season එක ඉවර වුණාම අපිට දැනෙන්නෙ “හොඳ දේවල් ඔක්කොම ඉවරයි” කියලා. ඒත් ඒක ඇත්තක් නෙමෙයි. ඒක එක mindset එකක් විතරයි.
Season එක හොඳට ඉවර වුණා කියන්නේ:
- Memories ගොඩක් build වුණා
- Relationships ශක්තිමත් වුණා
- විනෝද වෙන්න ඔයා time හොයාගත්තා
Season එක ඉවර වෙද්දි මේ දේවල් නැතිවෙන එක loss එකක් නෙමෙයි. Phase එකක් ඉවර වුණා විතරයි. ජීවිතේ කියන්නෙ විවිධාකාර phases වලින් පිරුණු එකක්. ඒ නිසා “ඉවර වුණා” කියන සිතුවිල්ල “හැමදේම හොඳට ඉවර වුණා” කියන සිතුවිල්ලට shift කරන්න පුළුවන් නම්, mental stress එක අඩු කරගන්න ලේසි වෙයි.
Season එකෙන් පස්සේ සාමාන්‍ය ජීවිතයට ආපහු හැඩගැහෙන්නේ කොහොමද?
Season එකෙන් පස්සේ එකපාරට full productivity බලාපොරොත්තු එක realistic දෙයක් නෙමෙයි. හිමීට adjust වෙන එක තමයි කරන්න පුලුවන් හොඳම වැඩේ.
- සාමාන්‍ය routine එක softly reset කරන්න
එකපාර පාන්දර නැඟිටලා, strict schedulesවලට වැඩ කරන්න හිතන්න එපා. නින්ද කෑම, work hours හිමීට සාමාන්‍ය routine එකට align කරගන්න.
- One-day-at-a-time method එක use කරන්න
“අලුත් අවුරුද්ද, අලුත් goals” කියලා එකපාර pressure එකක් ඔළුවට දාගන්න එපා. අද කරන්න තියෙන දේට අද focus කරන්න.
- ශරීර සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙන්න අමතක කරන්න එපා
Season එකෙන් පස්සේ ශරීරයට තෙහෙට්ටුවක් තියෙනවා. ඒ නිසාම hydrate වෙන එක, සරල ව්‍යායාම කිරීම, සමබල ආහාර ලබා ගැනීම ගොඩාක් වැදගත්.
- සංසන්දනය කරන එක නවත්වන්න
“අනිත් අය already productive” කියන සිතුවිල්ල stress වැඩි කරනවා. හැම මනුස්සයෙක්ම එකම විදියකට reset වෙන්නෙ නෑ.
Season එකෙන් පස්සේ මූල්‍ය ආතතිය handle කරගන්නේ කොහොමද?
Season එකේදී වියදම් කලේ intentionaly ද, impulsively ද කියන එකෙන් පස්සේ guilt එක එනවා. ඒ දැනෙන guilt එක long-term anxiety එකක් වෙන්න දෙන්න එපා.
Step 1: ඇත්තට මුහුණ දෙන්න
- Balance check කරන එක නවත්තන්න එපා. Balance numbers දැනගන්න එක වැදගත්.
Step 2: තමන් තමන්ට blame කරගන්න එක නවත්වන්න
- Season එකේ විනෝද වෙන එක අපරාධයක් නෙමෙයි. Spend කළා කියලා ලැජ්ජ වෙන්න ඕනෑ නෑ.
Step 3: Short-term recovery plan එකක් හදන්න
- ඊළඟ මාස 1–2 තුල අත්‍යවශ්‍ය වියදම්වලට සීමා වෙන්න
- Non-urgent purchasesවලින් ඈත් වෙන්න
- පොඩි පොඩි saving habits නැවත පටන් ගන්න
මෙහෙම micro planning කරන එකෙන් financial anxiety කළමනාකරණය කරගන්න ලේසි වෙනවා.
අලුත් අවුරුද්දට මූල්‍ය කළමනාකරණයක් තියාගන්න දැන්ම plan කරන්න
අලුත් අවුරුද්ද කියන්නේ magically හැමදේම fix වෙන point එකක් නෙමෙයි. ඒක planning opportunity එකක්.
Annual overview එකක් ලියන්න
Income sources, fixed expenses ඇතුලත් simple list එකක් හදාගන්න.
Seasonal වියදම් හඳුනාගන්න
ඊළඟ season එක එද්දී, “අපි හැම වසරෙම මෙච්චර spend කරනවා” කියලා කල්තියා අවබෝධ කරගත්තොත් season එක ඉවර වෙද්දි ඇතිවෙන shock එක අඩුයි.
2026 Season එකට දැන්ම plan කරන එක ඇයි වැදගත්?
ගොඩක් මිනිස්සු season planning කරන්නෙ season එක පටන් එද්දී. ඒ හේතුව නිසාම තමයි season එකෙන් පස්සෙ stress වෙන්නෙ.
2026 Season එකට දැන් plan කරනවා කියන්නේ:
තෑගි ගන්න යන වියදම්, යනඑන වියදම්, උත්සවවලට යන වියදම් ගැන rough estimate එකක් ඔලුවෙ තියාගන්න.
“Last minute වියදම්” avoid කරන්න.
Season-end stress එක දුර්වලකමක් නෙමෙයි
Season එක ඉවර වෙද්දී stress දැනෙන්නේ ඔබ weak නිසා නෙමෙයි. ඒක මිනිසුන්ගේ nervous system එකේ ඇතිවෙන sudden shift එකකට response කරන විදිහ.
Joy → normality
Abundance → responsibility
Connection → routine
මේ transitions smooth කරගන්න පුළුවන්. Self-awareness, gentle planning, and realistic expectations තියෙනවා නම්, season-end stress එක crisis එකක් නොවී reset point එකක් කරන්න මේ නිසා පුලුවන් වෙනවා.
Season එක ඉවර වෙද්දී ඕනෑම කෙනෙක්ට ආතතියක් දැනෙනවා. ඒක හංගගන්නවත්, ignore කරන්නවත් ඕනෑ නෑ. Accept කරන්න, තේරුම් ගන්න, හිතලා බලලා වැඩ කරන්න.
දැන්ම plan කරන්න පුළුවන් නම්:
- මේ ආතතිය manageable වෙනවා
- අලුත් අවුරුද්ද නැවුම් හැඟීමකින් පටන් ගන්න පුළුවන් වෙනවා
- ඊළඟ seasons stress වෙන්නෙ නැතුව සතුටින් ගත කරන්න පුළුවන් වෙනවා
Season එක ඉවර වුණා කියන්නේ හොඳ දේවල් ඉවරයි කියන එක නෙමෙයි. ඒක අලුත් rhythm එකකට life එක set වෙන moment එකක්.



