සිරුරේ හැඩයට Fashion තෝරාගන්නේ කෙසේද?

Fashion | How to choose fashion for her shape

ගොඩක් අය Fashion තෝරා ගන්නකොට හිතන්නේ නෑ. තව කෙනෙක්ට ගැලපෙන Fashion එක ඔයාට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන් කියන එක. සමහර Fashion ගැලපෙන්නේ උස අයට. සමහර Fashion ගැලපෙන්නේ සිහින් සිරුරක් ඇති අයට. විශේෂයෙන්ම එය වැදගත් වන්නේ අපේ රටේ බහුතරය සාමාන්‍ය උසක් තිබෙන කාන්තාවන් බැවින්ය. සෑම විටම තමන්ගේ ශරීරයේ හැඩය සහ උස පිලිබදව මනා ලෙස අධ්‍යනය කරන්න. ඔබගේ සිරුරේ හැඩයට සහ ඔබේ වයසට ගැලපෙන Fashion පමණක් තෝරා ගන්න. එවිට ඔබගේ ලස්සන අන් අයට මනා ලෙස පෙනේවි.

කාලෙන් කාලෙට එන Fashion වලට වඩා ඔබට ගැලපෙන හා පවත්වාගෙන යා හැකි Fashion තෝරා ගන්න. එවිට ඔබට පසු කාලෙකදී ඇදුම් අයින් කිරීමට හෝ ඇදුම් යලි මිලදී ගැනීමට අවශ්‍ය වන්නේ නැත. හැම විටම මතක තබා ගත යුත්තේ Fashion යනු හැමදාම කල හැකි දෙයක් බවය.

ඔබගේ පෞර්ෂය තීරණය කිරීමට ඔබ තෝරාගන්නා Fashion වලින් යම්කිසි බලපෑමක් ඇති කල හැකිය. කෙනෙක්ගෙන් කෙනෙක්ට සිරුරේ හැඩය, පැහැය, සිරුරේ උස, මහත වෙනස්වනවා.
සිරුරේ හැඩය ජාත්‍යන්තරව පිළිගත් මිනුම් තුනක් යටතේ හදුනාගන්න හැකි වේ. ඒවා නම්: Apple, Pear, Hourglass ලෙස සැලකේ. මෙම හැඩයන්ට අමතර තවත් හැඩයන් සහිත සිරුරවල්ද තිබෙනවා.

සිරුරේ උස සහ බර මානාව පවත්වා ගැනිම Fashion කිරීමේදී ඉතාමත් වැදගත් වෙනවා. එහිදී ඔබට ඔබගේ සිරුරේ හැඩය මනාව හදුනා ගැනීම Fashion කිරීමේ දී පහසුවක් වේ. ශ්‍රී ලංකාවේ බොහෝදෙනෙකු උසින් අඩුවන අතර ඔවුන් සදහා විශාල මෝස්තර සහිත දිග ගවුම් ගැලපෙන්නේ නැත. එවැනි විලාසිතා සදහා ඔබ උසින් වැඩි පුද්ගලයෙකු විය යුතුය. සාමාන්‍ය උසක් ඇති පුදගලයන් සදහා Faded colors මෙන්ම කුඩා මෝස්තර සහිත ඇදුම් මනා හැඩයක් ලබාදේ.

Fashion සිරුරේ හැඩයට පමණක් නොව සිරුරේ පැහැය ගැන සිතා තෝරාගැනීමද වැදගත් වේ .

ප්‍රථමයෙන් ඔබගේ සිරුර පැහැපත් සමක්ද පැහැයෙන් අඩු සමක්ද යන්න හදුනා ගන්න. ඔබට ඇත්තේ තලෙළු සමක් නම් ලා වර්ණ හැම විටම තෝරා ගන්න. එවිට එය ඔබේ සිරුරට දීප්තිමත් සහ පැහැපත් පැහැයක් ගෙන දෙයි. ඔබට ඇත්තේ සුදු පැහැති සමක් හෝ පැහැපත් සමක් නම් ඔබට වර්ණ රැසක් ගැලපුනද තද වර්ණයන්ගෙන් Fashion කිරීමෙන් වැලකී සිටින්න. (රතු, කොළ, කළු, දුබුරු) මෙන්ම දීප්තියක් නොමැති වර්ණ සහිත ඇදුම් ඇදීමට හැකි උනත් සම පැහැයෙන් අඩු පුද්ගලයන් සදහා වඩා දීප්තිමත් වර්ණයන් ගැලපෙන්නේ නැත. එහිදී ඔබ ලාපැහැති වර්ණයන් තෝරාගන්න.

කොටට ඇදීම Fashion එකක් වුවත් ඔබේ සිරුරේ හැඩය අනුව ඒ ගැන සැලකිලිමත් විය යුතුයි. ඔබට ඇත්තේ සිහින් සිරුරක් නම් ඔබට කොටට ඇදීමට හැකි වෙනවා. නමුත් ඔබ තරබාරු කෙනෙක් නම් ගොඩාක් කොටට අදින Fashion ගැලපෙන්නේ නැති බව මතක තබා ගන්න. එයින් සිදු වන්නේ ඔබේ තරබාරු බව තවත් ඉස්මතු වීම පමණි.

ඒ වගේම මතක තබා ගත යුත්තේ දහවල් හෝ උදේ වරුවේ පැවැත්වෙන උත්සව වලට මෙන්ම දහවල් වරුවේ පිටතට යන විට සමට සුවදායි වර්ණ එනම් ලා වර්ණ වලින් සැරසෙන්න. ඔබේ සමට එයින් සිසිලක් ගෙන දෙනවා මෙන්ම දවසේ අවස්ථාවට සහ වේලාවට එය ගැලපේ. ඒ වගේම රාත්‍රියේ හෝ සවස අවස්ථාවකට ඔබට තද වර්ණ තෝරා ගත හැක. සාමාන්‍යයෙන් Fashion කරනකොට තද වර්ණ තෝරා ගන්නේ සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ය. කළු මෙන්ම රතු පැහැය රාත්‍රී කාලයට සුදුසු උවත් එය මද්‍යාහන කාලය සදහා සුදුසු නොවේ. දහවලට සිසිල් වර්ණ ලෙස හදුන්වන නිල්, කොළ, මෙන්ම සුදු පැහැය, රෝස පැහැය, peach පැහැය සුදුසු වේ.

මනා අවබෝදයක් සහිතව වර්ණයන් ඔබගේ පැහැයට හා හැඩයට ගැලපුවේ නැති උවහොත් එය ඔබගේ පෞර්ෂයට දැඩිලෙස බලපෑම් කරනු ඇත.