ආර්තව දරිද්‍රතාවය රැකියා ස්ථානයට බලපාන්නේ කෙසේද ? මානව  සම්පත් දෘෂ්ටිකෝණයෙන් – දිල්ෂි සඳුනිකා – ඔමේගා ලයින් ලිමිටඩ් 

Menstrual poverty

රැකියා ස්ථානයේ ආර්තව දරිද්‍රතාවය යනු බොහෝ කාන්තාවන්ට මුහුණ දීමට සිදුවෙන යථාර්ථයකි .සෑම දිනකම කාන්තාවන් සිය ගණනක් මුහුණදෙන ගැටලුවකි. ඔසප් වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න වඩා හොඳින් අවබෝධ කර ගැනීම වැදගත්ය. ඒ පිළිබඳව කාර්යාල වල සහ සේවා ස්ථාන වල දැනුවත් කිරීමක් අත්‍යවශ්‍ය වනවා මෙන්ම මානව සම්පත් අංශයට ඒ පිළිබඳව සුවිශේෂ කාර්යභාරයක් තිබෙන බව අප දන්නෙමු.

රැකියා ස්ථානයේ ආර්තව දරිද්‍රතාවය පිළිබඳ දැනුවත්භාවය වෙනුවෙන් Fems සන්නාමය සමග කටයුතු කිරීම සදහා ඉදිරිපත් වුනු ආයතනයක් වන ඔමේගා ලයින් ලිමිටඩ් හි මානව සම්පත් නිලධාරිනියක් වන දිල්ෂි සඳුනිකා සමඟ අපි මේ සම්බන්ධව කතා බහකට එක්වුනෙමු. 

රැකියා ස්ථානයේ ආර්තව දරිද්‍රතාවය අවම කිරීම මෙන්ම කාන්තාවන් සඳහා සෞඛ්‍ය සම්පන්න සහ සහායක සේවා ස්ථාන පරිසරයක් නිර්මාණයකිරීම සඳහා බොහෝ දේ කළ යුතු බව ඇය විශ්වාස කරයි.

රැකියා ස්ථානයේ ආර්තව දරිද්‍රතාවය පිළිබඳ ඔබේ අදහස් මොනවාද?

රැකියා ස්ථානයේ ආර්තව දරිද්‍රතාවය නොවිසඳුන ගැටලුවක් බව අපි කවුරුත් දනිමු. අපි බොහෝ විට යහපැවැත්ම කෙරෙහි අවධානය යොමු කළත්, අත්‍යවශ්‍ය ආර්තව නිෂ්පාදන සඳහා කාන්තාවන්ට තිබෙන ප්‍රවේශය තවමත් සැම  තැනම සහතික කර නොමැත. එවන් කරුණු මුල් කර ගෙනරැකියාවට පැමිණීම මෙන්ම ඔසප් කාලය තුලදී සමහර කාන්තාවන්ට ඇතිවන රෝගී තත්වයන් හේතු කරගෙන කාර්යක්ෂමතාව හීන වී හැක. ඔසප්කාලය තුලදී තමන්ට අවශ්‍ය සනීපාරක්ෂ තුවා මෙන්ම ඔසප් රෝගී තත්වයකදී විවේක ගැනීමට අවශ්‍ය වටපිටාව සැකසීම  වැදගත් වේ. එලෙසලබාදෙන කාර්යාල පහසුකම් කාර්ය සාධනය සහ ආත්ම අභිමානයට බලපාන මූලික අවශ්‍යතාවයකි. 

ඔබ බෙදා ගැනීමට කැමති ඔසප් දරිද්‍රතාවය පිළිබඳ පෞද්ගලික හෝ වෘත්තීය අත්දැකීම් තිබේද?

ඔසප් කාලය වෙනුවෙන් අවශ්‍ය සනීපාරක්ෂ තුවා නොමැතිකම මෙන්ම අසනීප තත්වයන් හේතු කරන ගෙන කලින් යාමට සිදුවෙන අවස්තාවයන් රැසක් මම දැක තිබේ. මෙම අවස්ථා, ප්‍රසිද්ධියේ කලාතුරකින් කතා කළත්, බොහෝ අය ඒ පිළිබඳව නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරයි.

රැකියාවේදී ඔසප් දරිද්‍රතාවය පිළිබඳ දැනුවත්භාවය ඇති කිරීම වැදගත් වන්නේ ඇයි?

දැනුවත්භාවය ඇති කිරීම අපකීර්තිය බිඳ දැමීමට උපකාරී වන අතර එමගින් කාර්යාල පරිසරයේ සැමට කාන්තාවන්ට ඇති විශේෂ අවශ්‍යතාවයන් ගැන කතිකාවක් ඉස්මතු  කරයි. තවද ඔසප් වීම සාමාන්‍ය ක්‍රියාවලියක් යයි දැනුවත් වීම තුලින් නව පරිසරයක් ගොඩ නගයි.

මෙම මාතෘකාව පිළිබඳව ඔබ එකතු කිරීමට කැමති වෙනත් යමක් තිබේද?

ඔසප් දරිද්‍රතාවයට මුහුණ දීම යනු නිෂ්පාදන බෙදා හැරීම පමණක් නොවේ – එය මානසිකත්වයන් වෙනස් කිරීමය. එය සාමාන්‍ය ශරීර කටයුත්තක් ලෙස පිළිගැනීම, විවෘත සංවාදයක් නිර්මාණය කිරීම සහ තහනම් මාතෘකාවක් වෙනුවට සෞඛ්‍ය තත්වයක් ලෙස ඔසප් වීම සාමාන්‍යකරණය කිරීම ප්‍රධාන පියවර වේ. ආර්තව දරිද්‍රතාවය ට ආමන්ත්‍රණය කිරීම නිසි අවබෝධයත් සමග සිදුවියයුතු මෙන්ම සෑම කෙනාටම අවශ්‍ය  සහයෝගය දක්වන සේවා ස්ථානයක් වීම වැදගත් බව ඇය පවසා සිටියි. 

අපි මෙම සංවාදය ඉදිරියට ගෙන යන විට, රැකියා ස්ථාන වල මෙන්ම සමාජයේද ඔසප් වීම සාමන්‍ය ශරීර කර්තාවයක් ලෙස පිලි ගැනීම අත්‍යවශ්‍ය වේ. මෙම ක්ෂේත්‍රය තුළ තවත් බොහෝ දේ කළ යුතු බව ඇය විශ්වාස කරන අතර සෑම සේවා ස්ථානයක්ම ආර්තව දරිද්‍රතාවය සහ එය තුරන් කිරීම පිළිබඳ සංවාදයකට විවෘත විය යුතු බව නැවත අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවේ සේවා ස්ථානයේ ආර්තව දරිද්‍රතාවය පිළිබඳව දැනුවත්භාවය නොමැතිකම හේතුවෙන් දැවැන්ත අභියෝගවලට මුහුණ දීමට සිදු වූ බොහෝ කාන්තාවන්ගේ අදහස් දිල්ෂි ප්‍රතිරාවය කරයි. මෙම ගැටළු තේරුම් කර දීම තුලින් පිරිමි සගයන්ට ඇත්ත වශයෙන්ම රැකියාවේදී පිරිමි පාර්ශවය මෙම දැනුවත් කිරීම තුලින් කාන්තාවන් ගේ අවශ්‍යතා තේරුම් ගත හැකි මෙන්ම දැනුවත් වීමේ ක්‍රියාවලියේ පාර්ශවකරුවන් ලෙස පිළිගත හැකි වේ 

ඔසප් වීමේ ක්‍රියාවලිය ඉතා සාමාන්‍ය මෙන්ම වගකීමෙන් පිළිගතයුතු සහ සහයෝගය ලබා දිය යුතු ක්‍රියාවලියක් ලෙස බහුතර සමාජය දකින තාක් කල් අපිට එය අභියෝගයක් වනු ඇත. නමුත් එය අපි සැමටම  දායකවී සාමාන්‍ය කළ හැකි දෙයක් ලෙස අපි දැකිය යුතුවේ.