ඔබත් නිතරම Screen එක ඉදිරියේ කණ්ණාඩි පැළඳීමෙන් තොරව වැඩ කරනවා ද ?

ඔබත් නිතරම Screen එක ඉදිරියේ කණ්ණාඩි පැළඳීමෙන් තොරව වැඩ කරනවා ද ?

එහෙනම් මේ ලිපිය නොවරදවාම කියවන්න… මේ ඔබට වැදගත්ම ලිපියයි

බිල්පත් ගෙවීම, භාණ්ඩ මිලදී ගැනීම, රැකියාවේ නිරත වීම සහ අධ්‍යාපන කටයුතු වල නිරත වීම වගේ බොහෝ දේවල් අද වෙද්දී මාර්ගගත (online) ක්‍රමයට සිදු කරන්න අපි පෙළඹිලා තියෙනව.

ඇත්තටම එදිනෙදා වැඩකටයුතු පහසු කරගන්න වගේම කාලය සහ මුදල් ඉතුරු කරගන්නත් මේ ක්‍රමය වර්තමානයේදී ගොඩක් ප්‍රයෝජවත් වෙලා තියෙන බව අපි හැමෝම දන්නවා.

නමුත් ඕනෑම කාරණාවක පැති කීපයක් තියෙනවනෙ.

මේ මාර්ගගත ක්‍රමයෙත් එහෙමයි. මාර්ගගත ක්‍රමය එක්ක නිරතුරුව ගණුදෙණු කරද්දි අපිට ඒ සඳහා ඩිජිටල් තිර (digital screen) භාවිත කල යුතු වෙනවා.

නිරතුරුවම ඩිජිටල් තිර (digital screen) භාවිතා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අද වෙද්දි ඇස්වල ඇතිවෙන විවිධ ගැටළුකාරී තත්වයන් හඳුනා ගන්න පර්යේෂකයන් සමත් වෙලා තියෙනවා.

ඔබත් නිතරම Screen එක ඉදිරියේ කණ්ණාඩි පැළඳීමෙන් තොරව වැඩ කරනවා ද ?

මෙය කුඩා දරුවන්ගේ ඉදල වැඩිහිටියන් දක්වාම පොඩුවේ පවතින ගැටළුවක්.

ඉතිං මේ සඳහා හොඳම විසඳුම ලෙස පිළිගන්නේ ඩිජිටල් තිර භාවිතා කරන අවස්ථාවල ඒ සඳහාම නිර්මාණය කරන ලද කණ්ණාඩි පැළඳීමයි.

කණ්ණාඩි පැළැඳීම අවශ්‍යමද ?
සාමාන්‍යයෙන් ඩිජිටල් තිර ඉදිරියේ වැඩකරන විට පළඳින කණ්ණාඩියක් (computer glasses) තෝරගනිද්දි ඔබට ගැටළු රාශියකට මුහුණ දෙන්න සිදුවෙනවා.

ඒ අතර,

මේ වර්ගයේ කණ්ණාඩි මිලෙන් තරමක් වැඩිවීම,

හොඳ වර්ගයේ කණ්ණාඩියක් තෝරා ගැනීමට අපහසු වීම

කණ්ණාඩි පිරිසිදු කරගැනීම අපහසු වීම

වගේ කාරණා ප්‍රධානයි. ඒ නිසාම මෙහෙම ප්‍රශ්නයක් ඔබට ඇතිවීම සාධාරණයි.

නමුත් ඒ හැමදේටම වඩා ඔබේ ඇස් දෙක පරිස්සම් කරගැනීමනෙ කලයුතු වෙන්නෙ.

ඉතිං ඩිජිටල් තිර එක්ක ගණුදෙණු කරද්දි ලැබෙන වාසි මොනවද කියලත් බලලම ඔබටම මේ ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න පුළුවන්.

ඩිජිටල් තිර ඉදිරිපිට කණ්ණාඩි පැළඳීමේ වාසි
ඇස්වල පීඩනය සහ තෙහෙට්ටුව අඩු කරයි
සාමාන්‍යයෙන් ඔබේ ඇස් වලට අඟල් 25 ක් පමණ ඈතින් ඩිජිටල් තිරය තබාගත යුතු බවයි වෛද්‍යවරුන් නිර්දේශ කරන්නෙ.

කියවන විට පළඳින කණ්ණාඩි වලට වගේම ඩිජිටල් තිර භාවිත කරන විට පළඳින කණ්ණාඩි (computer glasses) වලටත් වස්තූන් විශාල කර පෙන්වීමේ හැකියාවක් තියෙනව.

මේ විශාල කර පෙන්වීමේ හැකියාව නිසාම ඩිජිටල් තිරවල කුඩා අකුරු හඳුනා ගැනීමට උත්සහ කරන විට ඇසෙන් පිටත මාංශපේෂී වල ඇතිවන පීඩනය අවම කරනව.

එමඟින් හිසරදය ඇතිවීම වළක්වා ඇස්වල වෙහසකාරී පෙනුම සහ තෙහෙට්ටු බව සමනය කරමින් ඇස්වල ප්‍රාණවත් බව රැකගන්නත් ඔබට උපකාරී වෙනව.

ඔබත් නිතරම Screen එක ඉදිරියේ කණ්ණාඩි පැළඳීමෙන් තොරව වැඩ කරනවා ද ?

ඔබේ පෙනීම වැඩිදියුණු කරයි
ඩිජිටල් තිර දෙස ටික වේලාවක් බලාගෙන සිටින විට ඇස්වලින් කඳුළු ඒම හෝ බොඳවී පෙනීම ඔබත් අත්දැකල තියෙනවද?

එහෙම නම් ඔබේ පෙනීම ඔබ හිතනවාට වඩා දුර්වල වෙන්න පුළුවන්.

(ඩිජිටල් තිර භාවිතය පෙනීමේ දුර්වලතා පහසුවෙන් අඳුරගන්නත් උපකාරී වෙනව.)

අපි කලින් සඳහන් කරපු විශාලන බලය නිසාම කුඩා දේවල් හඳුනාගැනීමට අනවශ්‍ය ලෙස ඇසේ මාශපේෂී වෙහෙසවීමට අවශ්‍ය වෙන්නෙ නෑ.

ඇසට වැඩි වෙහෙසක් නොදැනෙන නිසාම ඩිජිටල් තිර භාවිත කරන විට පළඳින කණ්ණාඩි (computer glasses) පැළඳීම ආරම්භ කර ටික දිනකින් ඔබේ පෙනීම ටික ටික වැඩි දියුණු වන බව ඔබටම දැනෙන්න පටන් ගනීවි.

නිල් ආලෝකයෙන් ඔබව ආරක්ෂා කරයි
රාත්‍රී නින්දට ටික වේලාවකට පෙර දුරකථනය සහ පරිඝනකය වැනි ඩිජිටල් තිර වලින් ඈත්ව සිටීම හොඳ නින්දක් ලබාගන්න ඔබට උදව් වෙන බව වෛද්‍යවරුන් පවසනවා ඔබ අසා ඇති.

ඇත්තටම මේ ඩිජිටල් තිරවල නිල් ආලෝකය ඔබේ ඇස් වලට පීඩනයක් ඇති කරනවා වගේම නිදා ගැනීම අපහසු කරනවා.

හොඳ තත්වයේ පවතින ඩිජිටල් තිර භාවිත කරන විට පළඳින කණ්ණාඩි (computer glasses) වලට මේ නිල් ආලෝකය අවශෝෂණය කිරීමේ හැකියාවක් තියෙන නිසා කණ්ණාඩි පළඳින විට ඔබේ ඇස් වලට නිල් ආලෝකයේ බලපෑමක් ඇතිවෙන්නෙ නෑ.

ඔබත් නිතරම Screen එක ඉදිරියේ කණ්ණාඩි පැළඳීමෙන් තොරව වැඩ කරනවා ද ?

ඒ නිසා වෙහෙසකාරී දවසක් අවසානයේ සුව නින්දක් ලබා ගන්න ඔබට පුළුවන්.

ඩිජිටල් තිර දිළිසීම සහ පරිවර්තන නිසා ඇසට සිදුවන හානි අවම කරයි
ඩිජිටල් තිරවල දිළිසීමක් සහ ආලෝකය පරාවර්තනය වීමක් සිදුවෙනව.

හොඳ වර්ගයේ කණ්ණාඩි වල මේ පරාවර්තනය වෙන ආලෝකය ඇසට ඇතුළුවීම වැළැක්වීමේ හැකියාව ආවරණයක් ලෙස ක්‍රියාකරන ස්ථරයක් තිබෙනවා.

ඒ නිසාම ආලෝකය පරාවර්තනය සහ දිළිසීම අවම වෙලා තිරය දෙස බැලීම ඔබට පහසුවෙනව.

වැඩිවෙලාවක් මේ ඩිජිටල් තිර දෙස බලාසිටීමේදී ඇතිවෙන හිසරදය සහ ඇස්වලට වෙහෙසක් දැනීම මේ නිසා අවම කරගන්න පුළුවන්.

ඔන්න දැන් ඔබටම මේ කරුණු හරහා ඩිජිටල් තිර ඉදිරියේ වැඩකරන විට කණ්නාඩි පැළඳීම කොතරම් අවශ්‍යද කියල තීරණයක් ගන්න පුළුවන්.

ඔබත් නිතරම Screen එක ඉදිරියේ කණ්ණාඩි පැළඳීමෙන් තොරව වැඩ කරනවා ද ?

මේ වර්ගයේ කණ්ණාඩි සාමානයයෙන් මිලෙන් වැඩි නිසා කණ්ණාඩි මිලදී ගැනීමට පෙර වෛද්‍ය උපදෙස් ලබාගන්න වගේම වගකීමක් ලබාදෙන ආයතනයකින් කණ්ණාඩි මිලදී ගන්න කියලත් අපි ඔබට මතක් කරනවා.

එහෙමනම් මෙවැනි වැදගත් ලිපියකින් අපි නැවත හමුවෙමු.

Read more – https://liya.lk/get-rid-of-acne-forever/