කුරුලෑ වදයෙන් සදහටම මිදෙමු.

Get rid of acne forever.

කුරුලෑවක්‌ යනු කුමක්‌ද?


සමෙහි ඇති ස්‌වේද ග්‍රන්ථි තුළ වැඩිපුර ස්‌වේදය (දහඩිය) නිපදවීම හේතුවෙන් එම ග්‍රන්ථය තුළ ඇති රෝමය (කෙස්‌ ගස) මිය යයි. එම නිසා ග්‍රන්ථිය තුළ සිරවන ස්‌වේදය නිසා සමෙහි අවට සෛල ආසාදනයට ලක්‌වේ. අවසානයේදී එය සැරව සහ බැක්‌ටීරියාවන්ගෙන් පිරි ගෙඩියක්‌ බවට පත්වේ. මෙය කඩා හෝ මිරිකා ඉවත් නොකළ හෝ ස්‌වභාවිකවම පුපුරා ගොස්‌ දින කිහිපයකින් සම යථා තත්ත්වයට පත්වේ. සමහර අවස්‌ථාවන්හිදී සමේ ගැඹුරින් පිහිටා ඇති ග්‍රන්ථියක කුරුලෑවක්‌ ඇතිවූ විට එය ස්‌වභාවිකවම පුපුරා නොගොස්‌ ඝන බවට පත්වී ගෙඩියක්‌ ලෙසින් එලෙසම පවතී.


වැඩි වශයෙන් ඇති විය හැකි පිරිස – ගැහැනු, පිරිමි භේදයකින් තොරව දෙපාර්ශ්වයටම කුරුළෑ එක ලෙසම හට ගත හැකිය. සමහර විට ගැහැනු ළමුන්ගේ ආර්ථවය සිදුවීම ලං වන විටම කුරුලෑ ඇති විය හැකිය.

Get rid of acne forever.


කුරුලෑ ඇති වීමට හේතු


මානසික අසහනය
අධික ලෙස නිදි මැරීම
නිතර නිතර තෙල් අධික ආහාර ගැනීම
ඔසප් චක්‍රයේ පවතින වෙනස්‌කම්
නිතරම අනවශ්‍ය ලෙස සබන් වර්ග හෝ වෙනත් දේ යොදා සම තදින් ඇතිල්ලීම හා සේදීම
රූපලාවන්‍ය කටයුතු සඳහා ගන්නා විවිධ ආලේපන වර්ග සහ දියර වර්ග
සිරුරේ හෝමෝනවල අසමතුලිතතාවය
අපිරිසිදුකම
ඉස්‌සොරි පැවතීම
හරක්‌මස්‌, ඌරු මස්‌ සහ සැර මාලු වර්ග අනුභවය
අධික ලෙස පැණි රස වර්ග අනුභවය (චොකලට්‌ සහ කේක්‌ වැනි)
අධික දූවිල්ල, දුම් සහ විෂ බීජ වලට මූණ නිතරම නිරාවරණය වීම
පාලනය කර ගත හැකි ක්‍රම
නිතරම පිරිසිදු වී සිටීම
සමබල ආහාර වේලක්‌ ගැනීම
නිතරම සම වියලිව තබා ගැනීම සහ අනවශ්‍ය ආලේපන වර්ග භාවිත නොකිරීම
අලුත් එළවලු, පලතුරු පළාවර්ග අනුභව කිරීම
පැණි රස වර්ග, තෙල් සහිත ආහාර, මස්‌ වර්ග අනුභවය අවම කිරීම ආදී කරුණු ඉතා වැදගත්වේ.
මුහුණ පිරිසිදු කර ගත හැකි ක්‍රම
දිනක හෝ දින දෙකකට වරක්‌වත් මුහුණ ස්‌ටීම් (Sඑeaප) කිරීම මගින් සමෙහි අනවශ්‍ය මේද කොටස්‌ ඉවත්වී රෝම කූප ඉතා හොඳීන් පිරිසිදු කර ගත හැකිය. උදෑසන සහ රාත්‍රි නින්දට යැමට පෙර සබන් යොදා මෘදු ලෙස උණුසුම් ජලය යොදාගෙන මුහුණ සේදිය යුතුය. එමගින් සමෙහි තෙල් සහ විෂබීජ කොටස්‌ ඉවත් කර රාත්‍රි කාලය පුරා විෂබීජ රඳවා තබා ගැනීමේ හැකියාව අඩු කරයි. සම පිරිසිදුව වියළීව තබයි.
කුරුලෑ සුව කරන අත් බෙහෙත්
පිපිඤ්ඤා ඇට හා බාර්ලි එළ කිරෙන් තම්බා අඹරා කුරුලෑවල ආලේප කිරීම.

Get rid of acne forever.
  • කැරැට් අල තම්බා අඹරා ආලේප කිරීම.
  • ‍ෙදාඩම් ලෙල්ල ඇල් ජලයෙන් අඹරා ආලේප කිරීම.
  • කොත්තමල්ලි කොළ යුෂ තේ හැඳි 1කට කහ කුඩු ස්වල්පයක් මිශ්‍ර කර මුහුණේ ආලේප කිරීම.
  • අමු අර්තාපල් අල යුෂ හමේ පිරිසුදු කිරීමට ඉතා සුදුසු දෙයකි. අර්තාපල් අල යුෂ ආලේප කිරීමෙන් සමට අවශ්‍ය පොටෑසියම්, සල්ෆර්, පොස්පරස් හා ක්ලෝරීන් ආදිය ලැබේ.
  • දෙළුම් ලෙලි රෝස වතුරින් අඹරා ආලේප කළ විට කුරුලෑ සුව වී හම දීප්තිමත් වේ.
  • අමු නෙල්ලි යුෂට කහ කුඩු ස්වල්පයක් මිශ්‍ර කර ආලේප කිරීමෙන් මුහුණේ හම පැහැපත් වේ, සියුමැලි වේ.
  • නෙල්ලි ඉස්මට මී පැණි ස්වල්පයක් මිශ්‍ර කර මුහුණේ ආලේප කිරීමෙන් කුරුලෑ සුව වී සම පැහැපත් වේ.
    අළු පුහුල් කැබැලි අඹරා මුහුණේ ආලේප කළ විට තෙල් ගතිය ඉවත් වේ. කළු ලප ඉවත් වී හම පැහැපත් වේ.
    මේ අනුව කුරුලෑවලට ප්‍රතිකාර කිරීම යනු හුදෙක් මුහුණේ ආලේප තැවරීමෙන් පමණක් නොව ශරීරය සමස්තයක් ලෙස සලකා ප්‍රතිකාර කිරීම අවශ්‍ය බව පෙනී යනු ඇත.
    අත් බෙහෙත් කිරීමෙන් සුව වීම ප්‍රමාද නම් මේ සදහා ශරීර අභ්‍යන්තර ඔෂධ ලබා ගත යුතුය. සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍ය වරයෙක් හමුවී ප්‍රතිකාර ගැනීම මගින් නිට්ටාවට සුව කරගත හැක.
    ප්‍රමිතියානුකූලව නිෂ්පාදනය කරන ආයුර්වේද ඖෂධ භාවිතයෙන් කුරුලෑ පූර්ණ වශයෙන් සුවවී සමට ඉතාමත් ගුණදායක පෝෂණයක්‌ ලබාදෙන අතර සම තවදුරටත් පැහැපත්ව තබයි.