AB Mauri Lanka සමාගම  නව්‍යතාවයෙන් යුත්  බේකින්  අමුද්‍රව්‍ය  නිෂ්පාදන 3ක් එළිදක්වයි.

baking ingredient products.

එක්සත් රාජධානියේ පිහිටි Associated British Foods PLC සමාගමට අයත් වන  AB Mauri Lanka සමාගම  ඔවුන්ගේ නිෂ්පාදන කලඹට නව්‍යතාවයෙන් යුත් තවත් නිෂ්පාදන 3ක්  CAFE  2024 Culinary Art Food Expo හිදී  වෙළෙඳපොළට හඳුන්වා දීමට නියමිතය.  ජුනි මස 7-9 දක්වා BMICH පරිශ්‍රයේ පැවැත්වෙන  මෙම ප්‍රදර්ශනය පෙ.ව.10.00 – රාත්‍රී 7.00 දක්වා විවෘතව තිබෙන අතර  ශ්‍රී ලාංකීය සුපවේදීන්ට සහ බේකරි හිමියන්හට, බේකරි ක්ෂේත්‍රයේ නවතම අත්දැකීම් ලබා  ගැනීමට ප්‍රදර්ශන කුටි අංක 66-68 වෙත පැමිණෙන ලෙස AB Mauri Lanka සමාගම ආරාධනා කරයි. 

FOVO vegan and egg replacement, Aromaferm cereal fermentation, සහ Vega bun resilience යනුවෙන් හඳුන්වාදෙන මෙම  නව නිෂ්පාදන කළඹ වාණිජ සහ ශිල්පීය බේකරි හිමියන්ට පහසු සහ ප්‍රයෝජනවත් ලෙස නිපදවා තිබේ. මේ පිළිබඳව අදහස් දක්වන AB Mauri Lanka සමාගමේ දේශීය අධ්‍යක්ෂ සුරාජ්ඩීන් සෙය්යඩ් මහතා පවසා සිටියේ “අපගේ නවතම තාක්‍ෂණය හඳුනා ගැනීමට  සහ මෙම  නව නිෂ්පාදන භාවිතා කර  උසස් තත්වයේ  බේකරි නිෂ්පාදන සකස් කිරීමට අවශ්‍ය දැනුම ලබා දීමට සියලුම බේකරි හිමියන්ට සහ සූපවේදීන්ට ආරාධනා කිරීමට හැකිවීම  පිළිබඳව සතුටු වන බවයි. ”  එමෙන්ම  ඔවුන්ට අපගේ  ප්‍රවීණ ශිල්පීන් සමඟ  කටයුතු කිරීමටත්, නවතම බේකින් ශිල්පීය ක්‍රම හඳුනා ගැනීමටත්  ලැබෙන සුවිශේෂී අවස්ථාවක් බවද ඒ මහතා පවසයි.

බිත්තර වෙනුවට ආදේශකයක් ලෙස හඳුන්වා දෙන  FOVO  Egg Replacer  නිෂ්පාදනය මඟින්  බිත්තර සම්පුර්ණයෙන්ම භාවිතා නොකර  හෝ බිත්තර අවම වශයෙන් යොදාගෙන  රසවත් හා කෑමට ප්‍රියමනාප බේකරි නිෂ්පාදන පිළියෙළ කල හැකිවේ.  එමෙන්ම    එය සත්ව සුභසාධනය, පාරිසරික තිරසාරභාවය සහ කාබන් පියසටහන් (carbon footprint)  අවම කිරීමටද දායකවේ.  FOVO නිෂ්පාදනයක් වන FOVO Cake Concentrate, බේකින් powder රහිතව වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලැබේ.   FOVO  Egg Replacer ආහාර වට්ටෝරු වල සඳහන් කර තිබෙන බිත්තර ප්‍රමාණය  100% දක්වාම  අඩු  කිරීමටද හැකිය. 

baking ingredient products.

නව Aromaferm නිෂ්පාදනය, wheatgerm, durum සහ rye ferments යනුවෙන්  නිෂ්පාදන  3කින් සමන්විතවේ. මේ මඟින් විශාල හා කුඩා බේකරිහිමියන්ට ස්වභාවික Ferment කිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා දෙයි.  Ferment කරන ලද  මෙම ස්වාභාවික ඇඹුල් නිෂ්පාදන artisanal, sandwich සහ Mediterranean-style breads, baguettes, pizza crusts ඇතුළු බොහෝ බේකරි නිෂ්පාදන සෑදීමට ඉතා සුදුසු වේ.  එමෙන්ම මෙම නිෂ්පාදන රසය , මෘදු භාවය සහ නැවුම් බව  වැඩි දියුණු කිරීමට ද උපකාරවේ. 

බනිස් වර්ග වල නිෂ්පාදන තත්වය ඉහළ නැංවීම සඳහා හඳුන්වා දෙන Vega  bun resilience නිෂ්පාදනය නව පරපුරේ  රුචි අරුචිකම් සපුරාලනු ලබයි. සියුම් සහ මෘදු,  එමෙන්ම  ප්‍රනීත රසයක් සමග නැවුම් බවක්ද  ප්‍රිය වර්ණයක්ද  ලබා දෙන  Vega තාක්ෂණයෙන් නිම කරන බේකරි නිෂ්පාදනයන් පාරිභෝගිකයින් බොහෝ ප්‍රිය කරන බව AB Mauri සමාගම විශ්වාස කරයි.

AB Mauri Lanka යනු – 

බේකරි ක්ෂේත්‍රය සඳහා අමුද්‍රව්‍ය සපයන  ලොව ප්‍රමුඛතම   සමාගමක් වන එක්සත් රාජධානියේ පිහිටි Associated British Foods PLC, සමාගම, AB Mauri Lanka සමාගමේ මව් සමාගමවේ.   Associated British Foods PLC, ලොව පුරා රටවල් 32කට වඩා වැඩි ප්‍රමාණයක කර්මාන්තශාලා 52ක් ක්‍රියාත්මක කරමින්  ප්‍රබල ජාත්‍යන්තර ස්ථාවරයක්  සහිතව ලොව  පුරා  නවතම තාක්ෂණයෙන් යුත් උසස් තත්ත්වයේ බේකරි අමුද්‍රව්‍ය ලොවපුරා සපයනු ලැබේ. AB Mauri Lanka සමාගම ශ්‍රී ලංකාවේ බේකරි  ක්ෂේත්‍රය  බලගැන්වීම උදෙසා ගෝලීය විශ්වාසයත් සමඟ උසස් සහ නව්‍යතාවයෙන්  යුතු වූ අමුද්‍රව්‍ය සැපයීම සඳහා කැපවීමෙන් කටයුතු කරනු ලැබේ.

 වැඩි විස්තර සඳහා https://www.abmauri.lk