ඔබට රූපලාවන්‍ය නිෂ්පාදන වලින් හොදම ප්‍රතිඵල ලබාගන්නේ කොහොමද ?

අද වනවිට සියලුම දෙනා සම පැහැපත් කරගන්නට වෙළදපලේ තිබෙන නොයෙකුත් Beauty Brand භාවිතා කරනවා ,එහිදී ඔබ කරන වරදක් නම් කිසිදු සොයාබැලීමකින් තොරව භාවිතා කරන රූපලාවන්‍ය නිෂ්පාදනයි. එම නිෂ්පාදන මගින් සිදුවන්නේ ඔබගේ සම වයසට වඩා වයසක පෙනුමක් සහිත සමක් බවට පත්වීමයි . ඒ අනුව ඔබ හැමවිටම ලබාගැනීමට උත්සහ කල යුත්තේ තාවකාලික සුන්දරත්වයක් නොවේ දිගු කාලින සුන්දරත්වයකි . ඔබේ සුනදරත්වය හොදින් පවත්වාගන්න උසස් ප්‍රමිතියකින් නිමවා ඇති පිළිගත් හොද Brand එකක් භාවිතා කල යුතුය.

අපි මෙහිදී ඔබට කියන්නට යන්නේ ඔබගේ සැමට ගැලපෙන හොද නිෂ්පාදනයක් තෝරාගන්නේ කොහොමද යන්නයි.

ඔබේ සමට ගැලපෙන නිෂ්පාදනය තෝරාගන්නේ කොහොමද ?

ඔබ මෙහිදී අවධානය යොමු කල යුතු මුලිකම කරුණ වන්නේ ඔබ තෝරාගන්න නිෂ්පාදන ඔබේ සමෙහි වර්ගයට ගැලපෙනවාද? නොගැලපෙනවාද? යන්නයි ඒ අනුව ඔබට තිබෙන්නේ වියළි සමක්ද? තෙල්සහිත සමක්ද ? සාමාන්‍ය සමක්ද යන්න හදුනා ගැනීම ඉතා වැදගත් වේ.

සමට ආරක්ෂාකාරීව ආලේපන භාවිතා කල යුතු ආකාරය

ඔබ සම සදහා අලේපනයක් භාවිතයට පෙර කල යුතු දේවල් කිහිපයක් වේ ඒ අතර මුලින්ම ඔබ මුහුණ හොදින් සෝදා ගත යුතුය මේ සදහා පිරිසිදු කාමර උෂ්ණත්වයේ පවතින ජලය වඩාත් සුදුසු වේ, එහිදී ඔබට සබන් වෙනුවට හොද Face wash එකක් බවිතා කල හැකිය. එමෙන්ම ඔබේ මුහුණ cleanser කිරීමෙන් අනතුරුව Tanner එකක් භාවිතා කර සමෙහි විවර වූ කුහර වසාගන්න. ඉන් පසුව ඔබ භාවිතා කරන ආලේපන ගැල්වීම වඩාත් සුදුසු වේ.

පැහැපත් සමක් සදහා කල හැකි සත්කාර මොනවාද ?

බොහෝ දෙනා කැමති වෙලදපොලෙන් පහසුවෙන් මිලදී ගත හැකි ආලේපන භාවිතා කිරිමටයි උදාහරණයක් ලෙස විවිධ නිෂ්පාදන Cream ,Scrub , ආදිය ඒ අතර උදාහරණ වේ. නමුත් ඔබට නිවසේදී මේ කරන දේවල් වලට අමතරව කළහැකි සත්කාරද රාශියක් ඇත ඒ අතර කෝමාරිකා මදය සමග සදුන් කුඩු ස්පල්පයකට කහ කුඩු සවල්පයක් මිශ්‍ර කර තලපයක් ලෙස මුහුණෙහි මිනිත්තු පහලවක් තබා හොදින් සමට උරාගත් පසු සෝදාහැරිය හැකිය එමගින් මුහුණේ කුණු දුවිලි ඉවත්වනවා පමණක් නොව කහ මගින් මුනෙහි ඇති බැක්ටීරියා වලට එරෙහිව සටන් කරයි එමෙන්ම සුදු හදුන් කුඩු මගින් ඔබේ මැරුණු සම ඉවත් වේ මෙය තෙල් සහිත සමකට හොද ප්‍රතිකර්මයකි.

එමෙන්ම සාමාන්‍ය සමක් හා වියළි සමක් පවතින කෙනෙකුට මි කිරි හෝ යෝගට් ස්වල්පයකට කහ සවල්පයක් මිශ්‍රකර එයටම කෝමාරිකා මදයෙන් සවල්පයක් එකතු කර මුහුණේ සහ ඇගෙහි ගැල්වීමෙන් වියලි සමට නැවුම් බවක් ලබාදේ. එමෙන්ම එමගින් තෙතමනයක්ද ලබාදේ.

ලංකාව තුළ ඔබට මිලදී ගත හැකි හොද නිෂ්පාදන හදුනා ගන්නේ කොහොමද?

මේ සදහා ඔබ කලයුත්තේ ඔබ තෝරාගන්නා නිෂ්පාදන අයුර්වේධ දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතව හොද තත්ත්ව සහතික සහිතව උසස් නිමාවකින් නිමවා ඇත්ද යන්න හදුනා ගැනීමයි. ඊට අමතව කලින් එම නිෂ්පාදනය භාවිත කර එහි ප්‍රතිඵල විමසා අලේප කිරීම වඩාත් වැදගත් වේ.

ඔබට කිසිදු නිෂ්පාදනයක් භාවිතා කරත් හොද පරතිඵල නොමැති වන්නේ ඇයි ?

භාවිතා කරන මොන නිෂ්පාදනය උනත් එහි හොදම ප්‍රතිඵල ලබාගැනීමට හැකි හොදම විසදුම දිනකට අවශ්‍ය ප්‍රමාණයෙන් ජලය පානය කිරීමයි එයට හේතුව ඔබ ඔබගේ ශරීරයට අවශ්‍ය ජල ප්‍රමාණය නොගතගොත් ඔබගේ සිරුරේ ක්‍රියාවලියට එය බාධා ඇති කරයි එපමණක් නොවේ. ඔබ උෂ්ණාධික අහාර ගන්න කෙනෙකුනම් එයින් ඔබ මිදිය යුතුය , උෂ්ණාධික අහාර මගින් ඔබේ සමෙහි තෙතමනයට බාධා ඇති කරයි. එපමණක් නොව සමේ විවිධ රෝගද ඇතිකරයි.මෙලේද ඔබ භාවිත කරන රූපලාවන්‍ය නිෂ්පාදන වල නිසි ප්‍රතිඵල නොලැබෙන්නේ මෙවැනි ඔබ නොසිතා කරන ක්‍රියා නිසා විය හැකිය.එපමණක් නොව කෙනාගෙන් කෙනාට ඇති හෝර්මෝන වල බලපෑමද මෙහිදී බලපෑමක් ඇති කරයි..

අවසාන වශයෙන් ඔබ මතක තබා ගත යුත්තේ ක්ෂනිකව ඔබව පැහැපත් කරන නිෂ්පාදන නොව ඉතා උසස් තත්වයෙන් නිමවා ඇති නිෂ්පාදන භාවිතයට හුරුවන්න එසේ නොකරන්නේනම් ගෙදරදී කරන සත්කාර වලට යොමුවීම ඉතා වැදගත් වේ.