අකලට හිසකෙස් සුදු වීම සහ වැටීම වළක්වා ගන්නේ මෙන්න මෙහෙමයි.

Here's how to prevent premature graying and hair loss.

අකලට හිසකෙස් සුදුවීම සහ වැටීම අද වන විට බාළ මහලු සියලු දෙනාට විශාල ගැටළුවක් බවට පත්ව ඇත. ඒ සදහා හේතුවන කරුණු සහ එයින් මිදෙන්නේ කොහොමද යන්න අද අපි ඔබට ගෙන එනවා. සරලව ඔබට කල හැකි සත්කාර ඇතුලත් කර ඇති අතර ඔබ අදික සෙම සහිත පුද්ගලයෙක්නම් මෙම ප්‍රතිකාර වලය යන්නට පෙර හොදින් ඒ ගැන සොයා බලන්න.

මෙහිදී ඔබට කරුණු වශයෙන් අදාල තොරතුරු ලබාදීමට කැමැත්තෙමු.

01. රාත්‍රී ස්නානය සම්පූර්ණයෙන්ම නවතා දමන්න.

02. සවසට උණුවතුරින් ඇඟ සෝදන්න. ස්නානය උදය 10 ත් සවස 02 ත් අතර සුදුසුම වේලාවයි.

03. කෘතීම ෂැම්පු වර්ග, සැර සබන් වර්ග භාවිතය හැකි තරම් අවම කරන්න.

04. ෂැම්පු වර්ග භාවිතා කරයි නම් ඒවා නිතර නිතර වෙනස් කිරීමෙන් වළකින්න.

05. ස්නානය කල විගස හිසේ තෙත තිබියදී තෙල් ආලේප නොකරන්න.

06. හිසේ තෙල් ආලේප කරන විට ස්නානයෙන් පැය 02 කට පෙර හෝ දහවල් ස්නානය කර හිස කෙස් හොඳින් වියලුනු විට තෙල් ආලේප කරන්න.

07. රාත්‍රී කාලයේදී තෙල් හිසේ ආලේප නොකරන්න.

08. පිරිසිදු පොල් තෙල් හෝ ඖෂධීය තෙලක් ඉහත් කී ආකාරයට හිස ගල් වන්න.

09. තෙල් ගැල්වීමේදී තදින් හිස සම්භාහනය නොකරන්න.මෘදුව කේෂ මූලය සම්බාහනය කරන්න.

10. ඉස්හොරි ඇති නම් නෙල්ලි, දෙහි ගෙඩි භාගයක්, උළුහාල් තම්බා හිස සෝදන්න.

11. වෙනත් චර්ම රෝග හිස ආශ්‍රිතව ඇතිනම් ප්‍රතිකාර ලබා ගන්න. (පොතුකබර, උඳු ගොව්වා කෑම)

12. නිතරම හිස් වැසුම් භාවිතා කිරීමෙන් වළකින්න. හෙල්මට් භාවිත කරන්නේ නම් හිසට කපු රෙදි කැබැල්ලක් තබා හෙල්මටය භාවිතා කරන්න.

13. පීනස හෝ වෙනත් සෙම් රෝග තිබේනම් ආසාත්මිකතා ඇතිකරන ආහාර වර්ග වලින් වලකින්න.

14. සිරුරේ උණුසුම වැඩි කරන උෂ්ණ ආහාර ගැනීමෙන් වලකින්න.

15. කතුරු මුරුංගා, මුරුංගා, ගොටුකොළ, සාරණ, නිවිති වැනි පලා වර්ගත් නෙල්ලි, පේර, අඹ, කෙසෙල් වැනි පලතුරුත් නිතරම ආහාරයට එක්කකර ගන්න.

16. කෘතීම ආහාර, ක්ෂණික ආහාර, රස කාරක යොදා සකස් කල ආහාර සහ සියලුම කෘතිම පාන වර්ග, රස කාරක වර්ග වලින් හැකි තරම් ඈත් වන්න.

17. කොළ කැඳ, බෙලිමල්, රණවරා, ඉරමුසු වැනි ස්වාභාවික පාන වර්ග නිතරම පානය කරන්න.

18. මුං ඇට, කඩල කව්පි, කුරක්කන්, තල ආහාරයට නිතරම එක්කරගන්න.

19. රාත්‍රී නිදිවැරීමෙන් වලකින්න. ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න.

20. නිතරම මානසික ආතතියෙන් පෙලේනම් ඒ සදහා උපදේශනයට හෝ ආගමික කටයුතු සඳහා යොමු වන්න.

අවසාන වශයෙන් සදහන් කල හැක්කේ මේ ආකාරයට තමන්ගේ චර්‍යා සහ ආහාර රටාව ක්‍රමවත් කර ගැනීමෙන් ඔබට කරදරයක්ව පවතින අකලට හිස කෙස් සුදු වීම සහ වැටීම බොහෝ දුරට අවම කර ගත හැකිවේවි.