තරු ලස්සන කරන ඔවුන් නොකියන රූ රහස්.

alia bhatt

බොලිවුඩ් සිනමාවේ ඉන්න නළු නිළියන් ඔබට කවදා හරි සජීවීව දකින්න හමුවෙලා තියෙනවද? ඡායාරූපවලින් දකිනවට වඩා සුන්දර පෙනුමක් ඔවුන්ට තියෙන බව ඔබට කවද හරි ඔවුන් දකින්න හමුවුනොතින් දකින්න ලැබේවි. ඕනෑම කෙනෙක් ස්වභාවධර්මයා සුන්දරව මවන්නේ නැහැනේ.

ඒත් ඕනෑම කෙනෙක්ට සුන්දරව ඉන්න හැඩවෙන්න පුළුවන්. ඒකත් එක්ත‍රා විදිහක කලාවක්. ඒ කියන්නේ ලස්සනට හැඩට ඉන්න එකත් එක කලාවක්. ඔබට ලස්සනට ඉන්න මහා ගොඩාක් සල්ලි වියදම් කරන්න ඕනත් නැහැ. අපි අද ඔබට කියන්න හදන්නේ බොලිවුඩයේ සූරූපිනියන් හැඩට ඉන්න පාවිච්චි කරන උපක‍්‍රම 12ක් ගැනයි.

  1. Fitness Secrets

01.ෆිට්නස් රහස්….

fitness

බොලිවුඩයේ සෑම හැඩකාරියක්ම තමන්ගේ අභ්‍යන්තර අලංකාරයට වඩා සිරුර සෞඛ්‍ය සම්පන්නව පවත්වා ගන්න ඕන කියලා විශ්වාස කරනවා. වේශ නිරූපණයෙන් සිරුර සුන්දර කරගන්න පුළුවන් වුණත් සෞඛ්‍ය සම්පන්න නැත්නම් වැඩක් නැහැනේ. අන්න ඒ නිසා ඔවුන් ආකර්ෂණීය පෙනුමක් පවත්වාගෙන යන්න යෝගා අභ්‍යාස, පිහිනීම, ව්‍යායාම සහ උදෑසනින් නැගිට ඇවිදීම වගේ දේවල් කරනවා. එයින් සිරුර හැඩ වෙනවා පමණක් නෙවෙයි මානසික ආතතිය දුරැවෙලා සෞඛ්‍ය සම්පන්නව ඉන්නත් තරැණ පෙනුමක් පවත්වාගෙන යන්නත් පුළුවන් කියලයි ඔවුන් කියන්නේ.

බොලිවුඩයෙන් සෞඛ්‍ය සම්පන්නව ඉන්න හොඳ පුරුදු කිහිපයක් කියා දෙන්නේ ශිල්පා. ඇය යෝගාවලට මහත් සේ ඇළුම් කරන අතර උදේ පාන්දරම ඇය යෝගා අභ්‍යාසවල නිරතවෙන බවයි ආරංචිය. ඒ වගේම බිපාෂා බාසු ගුණාත්මකව හරියට නිවැරදිව ව්‍යායාම් කරන හැටි ඩීවීඩීවලිනුත් කියා දෙනවා. ශිල්පාත් යෝගා ඒ වගේම කියා දෙන්නේ තමන්ගේ සිරුර අලංකාරව තියාගන්න හැටි දන්න නිසයි.

දරුවෙක් ඉන්න අම්ම කෙනෙක් වුණත් බලන්නකෝ කරීනාගේ සිරුරේ අපූර්වත්වය. නිවැරදිව පුහුණු කරන්න පුළුවන් පුහුණුකරුවෙක් හොයාගත්තොත් ඔයාටත් මේ වගේ අපූරු සිරුරකට උරුමකම් කියන එක මහ මැජික් එකක් නෙවෙයි.
නීරෝගීව ජීවත් වෙන්න මනස සහැල්ලුවෙන් තියාගන්න ඕන. ඒක තමයි රූපලාවන්‍යයේ තියෙන ලොකුම රහස වෙන්නේ. උදාහරණයක් විදිහට පෙන්වන්න පුළුවන් බොලිවුඩයේ කරීෂ්මා කපූර්ව. දෙදරු මවක් වන කරීෂ්මා මනස නිරන්තරයෙන්ම සැහැල්ලුවෙන් තියාගන්න උත්සාහ කරන කෙනෙක්. ඒ වගේම තමයි මධුරි දික්ෂිත්. හැම වෙලාවෙම මුව සිනහවකින් සරසාගෙන ඉන්න මධුරිත් කොයිවෙලෙත් මනස සැහැල්ලුවෙන් තියාගන්න හදන්නේ. ඇයත් දන්නවා හැඩට ඉන්න ඕනනම් මනස නිරවුල්ව සැහැල්ලුවෙන් තියාගන්න ඕන කියන එක.

  1. Hydration

02.වතුර බොන්න (සජලනය)

water

නීරෝගීව ඉන්න අපි හැමෝම දවසකට වතුර ලීටර් 02ක්වත් අඩුම ගානේ බොන්න ඕන. හැඩට ඉන්නනම් වතුර කියන්නේ තිබහා නිවාගන්න භාවිත කරන දෙයක් විතරක් නෙවෙයි. ප‍්‍රමාණවත් ලෙස වතුර බිව්වත් අධික ලෙස වතුර බොන්නත් එපා. සමානව පවත්වා ගන්නනම් අවශ්‍ය ප‍්‍රමාණයට වතුර බොන්නම ඕන. ඔබ වැඩි වැඩියෙන් වතුර බිව්වම ඔබගේ සිරුරේ තියෙන විෂ දේවල් දාඩිය මගින් පිටවෙලා යනවා. අන්න ඒ නිසා බොලිවුඩයේ නළු නිළියන් සජලව ඉන්න ඒ කියන්නේ අවශ්‍ය ප‍්‍රමාණයට වතුර බොන්න කිසිවිටෙක පැකිලෙන්නේ නැහැ. ඒත් පැණි බීම වගේ දේවල් නොබී ඉන්න එක තමයි වඩා සුදුසු.

  1. Turmeric

03.කහ…

turmeric

අමු කහවලට අපේ සිරුරේ බොහෝ වෙනසක් කරන්න පුළුවන්. අමු කහ හොඳ විෂ බීජ නාශකයක් වන අතර එයින් අපි ගන්නා ආහාරවලින් අපි සෞඛ්‍ය සම්පන්නව ඉන්න උපකාරී වෙනවා. ඒ වගේම අමු කහ ගැල්වීමෙන් ඔබේ සම පැහැපත් බව වගේම දීප්තිමත් බවින් තියාගන්න පුළුවන් වෙනවා. අන්න ඒ නිසා නැවුම් පිරිසිදු කිරි වීදුරැවක් එක්ක කහ මිශ‍්‍ර කරලා බිව්වනම් ඔබේ සමේ ඔබට වෙනදා දකින්න නැති දීප්තිමත් බවක් වගේම නීරෝගී බවක් ඔබට අත් දකින්න පුළුවන් වෙනවා.

  1. Coconut

04.පොල්…

coconut

පොල් කියන්නේ බොහෝ බොලිවුඩ් නළු නිළියන්ට රූපලාවන්‍ය සේවකයෙක්. පොල් වතුර වගේම පොල්තෙල් ද රුව හැඩට තියාගන්න උපකාරි වෙනවා. පොල් වතුර කියන්නේ විශිෂ්ට ප‍්‍රතිඔක්සිකාරකයක්. පොල් වතුරවලින් ඔබේ සිරුරේ සියළුම විෂ ද්‍රව්‍ය පිටකරන්න හැකියාව තියෙනවා. ඒ වගේම ඔබේ හිස කෙස්වල පොල්තෙල් ගල්වා සම්බාහනය කිරීම තුළින් ඒවාට දීප්තිමත් සහ නීරෝගීව තියාගන්න ඔබට හැකියාව ලැබෙනවා.

  1. Lemon, Honey And Warm Water

05.ලෙමන්, මී පැණි සහ උණුසුම් ජලය…

Lemon, Honey And Warm Water

බර අඩුකරගන්න උත්සාහ කරන අයට පැරැණි වූ මී පැණි, ලෙමන් සහ උණුසුම් ජලය පානය කිරීමෙන් මනා ප‍්‍රයෝජන ලැබෙනවා. ඒවා මිශ‍්‍රණයක් විදියට හදාගෙන හිස් බඩ පානය කිරීමෙන් මනා ප‍්‍රතිඵල ඔබටත් ළඟා කරගන්න පුළුවන්.

  1. Other Oils

06.වෙනත් තෙල් වර්ග…

oil

බොලිවුඩ් තරු ඔවුන්ගේ සම සහ හිස කෙස් වැඩි දියුණු කරගන්න භාවිත කරන විවිධ තෙල් වර්ග තියෙනවා. බොහෝ දෙනෙක් අම්ලා, ආමන්ඩ්, ඔලිව් ඔයිල් වගේ තෙල් වර්ග භාවිත කරනවා.

  1. Greens

07.කොළ වර්ග….

නීරෝගී උදරයකට තමයි නීරෝගී සිරුරක් ලබා දෙන්න හැකි වෙන්නේ. කොළ වර්ග නිතරම වැඩි ප‍්‍රමාණයක් ආහාරයට ගැනීමෙන් සම පැහැපත් කරලා සිනිදුව තියාගන්න පුළුවන් වෙනවා. ඒකෙන් කියන්නේ ඔබගේ සිරුරේ තියෙන විෂ ද්‍රව්‍ය කොළ වර්ග ආහාරයට ගන්න එකෙන් පහව යන බවයි. අන්න ඒ නිසා තරුවක් වගේ බැබලි බැබලි නීරෝගිව සහ හැඩට ඉන්නනම් හරිත ආහාර ගන්න.

  1. Milk and Yoghurt

08.කිරි සහ යෝගට්….

කිරි සහ යෝගට්වලින් කෙනෙක්ගේ සමේ දීප්තිමත්ව සහ නිරෝගීව තියාගන්න පුළුවන් වෙනවා. කිරි හෝ යෝගට් ආහාරයට ගැනීමෙන් හෝ සම මත ගැල්වීම බොලිවුඩ් නිළියන් ඔවුන්ගේ රූපලාවන්‍ය රහසක් වන අතර ඒ නිසා ඔවුන් සුන්දරව හැඩ සමක් ඇත්තන් බවට පත් වෙලා තියෙනවා.

  1. Fish

09.මාළු

ඔබේ ආහාර වේලට මාළු එකතු කර ගැනීමෙන් ඔබේ ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලබාදීමට හොඳ ක‍්‍රමයකි. එයින් ඔබගේ සිරුරට අවශ්‍ය ප‍්‍රතිඔක්සිකාරක හැදෙනවා. ඔබගේ සම වයසට යෑමෙන් බේරගන්න අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ මාළුවලින් ලැබෙනවා.

  1. Moisturize

10.මොයිස්චරයිස්…

ප‍්‍රමාණවත් තරම් වතුර බිව්වනම් ඔබේ මුහුණ සහ ශරීරය සෑම විටම මොයිචරයිසින් ගල්වනවට වඩා යහපත්. නාර්ගීස් ෆක්රී වගේ නිළියන් මොයිස්චරයිසින් භාවිත කීරීමෙන් ලැබෙන ප‍්‍රතිඵල දන්නවා. ඔබේ සමට ගැලපෙන මොයිස්චරයිසින් භාවිත කරන්න. ඒ සඳහා සුදුසුකම් ඇති රූපලාවන්‍ය ශිල්පියෙක්ගේ සහාය ලබාගන්න. හිතුමතේට වෙළෙඳපොළෙන් මිලදී ගැනීම හෝ වෙළෙඳ දැන්වීම්වල පෙන්වන දේ ගන්න එපා. ඔබගේ සම කොයි වගේද කියා දැනගෙන දහවල් කාලයේ වගේම රාත්‍රී කාලයේදී ඔබගේ සමට සරිලන ක‍්‍රීම් වර්ගයක් ගල්වන්නත් අමතක කරන්න එපා.

  1. Cleanse

පිරිසිදු කරන්න.

ඔබේ සම පිරිසිදුව තියාගන්න. ඔබ ඔබගේ සම පිරිසිදු නොකරන්නේ නම් සම මත ඇති සිහින් සිදුරු අවහිර වන අතර ඔබගේ සම අවපැහැ ගනී.

  1. Makeup Secrets

12.මේකප් කරන්න.

බොලිවුඩයේ නළු නිළියන් සෑම විටකම මේකප් ගල්වන්නේ ඔවුන්ගේ රුව හැඩට තියාගන්නයි. ඔබගේ සම කරදරකාරී සමක් නම් ලස්සන පෙනුමක් ලබා ගැනීම ඉතා දුෂ්කර කාර්යක් වන අතර නිවැරදිව මේකප් දමා ඒ අඩුපාඩු සඟවා රුව හැඩකරගන්න පුළුවන්. ප‍්‍රසන්න පෙනුමක් ලබගන්න නිවැරදි වර්ණ තෝරා ගැනීම අතිශයින් වැදගත්. මේකප් ගාන්නන්වාලේ ගාන්න එපා. එය නිසියාකාරයෙන් භාවිත කරන්න. බොලිවුඩයේ නළු නිළියන් හැඩට ඉන්නේ ඔවුන්ට ගැළපෙන විලාසිතා කිරීමෙන් සහ ඔවුන්ට ගැලපෙන වදිහට මේකප් කිරීමෙන සහ කෙස් විලාසිතා කිරීමෙන් බව කිසිඳු විටෙක ඔබ මතක කරන්න එපා.