ඔයාලා දන්නවද? Milk Fat Globule Membrane එහෙම නැත්නම් (MFGM) කියන්නේ ළදරු අවධියේදී පොඩ්ඩන්ගේ මොළයේ වර්ධනයට සහය වන ප්‍රධානතම සංඝටකයක්. එය ලිපිඩ සහ ප්‍රෝටීන් හි සංකීර්ණ එකතුවක් විදියට හැඳින්විය හැකිය. FRDC හි ජ්‍යේෂ්ඨ පර්යේෂණ විද්‍යාඥවරයෙක් වන ආචාර්ය Paul Mc Jarrow පවසන පරිදි “Milk Fat Globule Membrane” එහෙම නැත්නම් MFGM වල ගැන්ග්ලියෝසයිඩ් සහ ෆොස්ෆොලිපිඩ් අඩංගු වෙනවා.
ගැන්ග්ලියෝසයිඩ් සහ ෆොස්ෆොලිපිඩ් යන සංඝටක දෙවර්ගයම මොළයේ සෛල පටලවල බහුලව පවතින්නක්. ගැන්ග්ලියෝසයිඩ් මඟින් සෛල අතර සන්නිවේදනයට වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර, ෆොස්ෆොලිපිඩ් මඟින් නියුරෝන පණිවිඩ යැවීමේ නඩත්තුව සහ වේගය සඳහා උපකාරී වෙනවා. සරලවම කිව්වොත් මොළයේ සෛල අතර පණිවිඩ හුවමාරුව නිසි පරිදි සිදු කිරීමට MFGM උපකාරී වෙනවා. පොඩ්ඩන්ගේ සාමාන්‍ය මොළයේ වර්ධනය සඳහා DHA වගේම චින්තන හැකියාව හා චර්‍යාත්මක හැසිරීම් වැඩිදියුණු කිරීමට MFGM හේතුවන බව මේ අනුව පැහැදිලි වෙනවා (Colombo, J., et al. 2023).
පුංචි පොඩ්ඩන්ගේ මොළයේ වර්ධනයෙන් 90%ක්ම සිදුවන්නේ ඔවුන්ගේ මුල් වසර 5 තුළ නිසා ඉහත සඳහන් කළ MFGM ඔවුන්ගේ මොළයේ වර්ධනයට වගේම පූර්ණ වර්ධනය සඳහා සුවිශාල කාර්‍යභාරයක් ඉටුකරනවා (nutritioninsight.com). ඒ කියන්නේ පුංචි පොඩ්ඩන්ගේ කායික හා මොළයේ වර්ධනය, ප්‍රතිශක්තිය ආදිය සඳහා MFGM මඟින් සුවිශාල දායකත්වයක් සැපයෙනවා. සාමාන්‍ය කිරි පෝෂණයක් ලබා දුන් පොඩ්ඩන්ට සාපේක්ෂව MFGM සංඝඨකය අඩංගු කිරි පෝෂණය ලබා දුන් පොඩ්ඩන් තුළ ඉහළ සංජානන හැකියාවක් පෙන්නුම් කළ බවටත් ඒ සම්බන්ධයෙන් සිදු කළ එක් අධ්‍යයනයකින් පවා සනාථ වී තිබෙනවා.
මේ අනුව පුංචි පොඩ්ඩෙක් ඉන්න අම්මා කෙනෙක් වගේම, අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්න කෙනෙක් වුණත් MFGM පිළිබඳ දැනුවත් වීම ඉතා වැදගත්. පොඩ්ඩන්ගේ වර්ධනය හා සම්බන්ධ බොහෝ සාධක හොඳ සමබරතාවයකින් පවත්වාගෙන යාමට MFGM හා DHA මඟින් ඉටු කරන්නේ ඉහළ දායකත්වයක් (Xia, Y., et al. 2021). වැඩිහිටියෙක් ලෙස පොඩ්ඩා අනාගතයට සූදානම් වීමට උපකාර කිරීමට නම් ඔවුන්ට අවශ්‍ය නිසි පෝෂණය සම්බන්ධයෙන් දැනුවත් වීම අත්‍යාවශ්‍ය වන බව මේ අනුව පැහැදිලි වෙනවා.
පොඩ්ඩන් තුළ ආත්ම විශ්වාසය ඉහළ නංවා ගනිමින්, තනිව තීරණ ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දීමට නම් ඔවුන්ට ලබා දිය යුතු නිවැරදි පෝෂණය පිළිබඳ දැනුවත් වීම කෙතරම් වැදගත්ද යන්න මේ අනුව ඔබට වැටහෙනවා ඇති (Ellis. D, 2023). විශේෂයෙන් පොඩ්ඩන්ගේ මොළයේ වර්ධනයෙන් 90%ක්ම මුල් වසර 5 තුළ සිදුවන බැවින් ඒ සඳහා ඔබ නිවැරදිව සූදානම්ව සිටිය යුතු අතර ඔවුන් හට නිසි පෝෂණයෙන් සහය වන අතරම පොඩ්ඩන්ගේ ආරම්භය සඳහා නැණවත් මඟපෙන්වීමක් ලබා දෙනවාද යන්නත් බුද්ධිමත් වැඩිහිටියන් ලෙස අප තහවුරු කර ගත යුතු දෙයක්.
References
- Colombo, J., et al. (2023) Improved Neurodevelopmental Outcomes at 5.5 Years of Age in Children Who Received Bovine Milk Fat Globule Membrane and Lactoferrin in Infant Formula Through 12 Months: A Randomized Controlled Trial. The Journal of Pediatrics. doi.org/10.1016/j.jpeds.2023.113483.
- nutritioninsight.com. (n.d.). MFGM marvel: Complex component in human milk linked to long-term cognitive benefits. [online] Available at: https://www.nutritioninsight.com/news/mfgm-marvel-complex-component-in-human-milk-linked-to-long-term-cognitive-benefits.html.
- Xia, Y., B. Jiang , L. Zhou, J. Ma, L. Yang, F. Wang, H. Liu, N. Zhang, X. Li, P. Petocz, and B. Wang. (2021), Neurodevelopmental Outcomes of Healthy Chinese Term Infants Fed Infant Formula Enriched in Bovine Milk Fat Globule Membrane for 12 month- A Randomized Controlled Trial. Asia Pacific Journal of Clinical Nutrition. https://apjcn.nhri. org.tw/server/APJCN/30/3/0091.pdf
- Ellis. D (2023). MFGM supplement in infant formula linked to long-term cognitive benefits. [online] News-Medical.net. Available at: MFGM supplement in infant formula linked to long-term cognitive benefits (news-medical.net)