කාන්තා ව්‍යවසායිකාවන්ට බැංකුකරණය වැදගත් වන්නේ ඇයි?

Banking support for women entrepreneur

කාන්තා ව්‍යවසායිකාවන්ට තමන්ගේ ව්‍යාපාරය ගොඩනැගීමට වැදගත්වන මූලිකාංගයක් ලෙස සැලකෙන්නේ  බැංකු කරණයයි.

මෙහිදී වැදගත් වන්නේ මුල සිටම ව්‍යාපාරය වර්ධනය වන ලෙසටත් නිසිලෙස කළමනාකරණය වන ලෙසටත් බැංකුවක් සමග ශක්තිමත් සම්බන්ධතාවයක් ඇති කර ගැනීමයි.

එය වැදගත් වන්නේ ඇයි ද  යන්න මෙම ලිපියෙන් අපි  කියන්න බලාපොරොත්තු වන්නෙමු.

කාර්යක්‍ෂමශීලි බැංකුකරණය තුලින් ව්‍යාපාරයක් ගොඩනැගෙන හැටි

ව්‍යාපාරයක මූල්‍ය වර්ධනය ගිණුමක් පවත්වාගැනීමෙන් ඔබ්බට යන මූලිකාංගයක් ලෙස සැලකිය ගැකිය. කුඩා ව්‍යාපාරයකට ඇති විය හැකි මූල්‍ය අවශ්‍යතා මෙන්ම වර්ධනය සදහා ඔවුන්ට අවශ්‍ය පුළුල් පරිසරය නිසි බැංකු සම්බන්ධතාවයක් තුලින් ශක්තිමත් කල හැකිය. 

මූල්‍ය කළමනාකරණයට අවශ්‍ය සාධක 

කුඩා ව්‍යාපාරයකට වර්ධනය වීම සදහා මූල්‍යසාධක රැසක් අවශ්‍යයි. මෙවැනි  කාලයක තාක්‍ෂණය මත පදනම් වූ මෙවන් සේවා පහසුවෙන් ලබාගත හැකිය. මෙසේ අදාල වන්නේ බැංකු ජංගම යෙදුම් (Apps ) සහ Online බැංකු කරන සේවා වේ. මේවා මගින් කුඩා ව්‍යවසායිකාවන්ට නිති පතා තම බැංකු සමග සම්බන්ධ වී සේවා ලබා ගත හැකිවේ. මෙය කුඩා ව්‍යාපාර ගොඩනගා ගැනීමට බලවත් රුකුලක් ලෙස සැලකිය හැකිය.

ගෙවීම් ක්‍රමවේදයන් 

කුඩා ව්‍යවසායිකාවන්ට පහසුවෙන් ගෙවීම් කළහැකි මෙන්ම අඩු වියදමකින් ගෙවීම් කල හැකි තාක්ෂණික සහය දැන් බැංකු සේවා හරහා  ලබාගත හැකිය. මේ සදහා ඔවුන්ට විවිධ තාක්ෂණික ක්‍රමවේදයන් හා බැංකුකරණය මගින් ගෙවීම් කිරීමටත් අවශ්‍ය පහසුකම් සැලසේ. 

සුරක්‍ෂිතභාවය හා Online වංචා වලින් ආරක්ෂා විම.

ඔබගේ ව්‍යාපාරයට අදාළ මූල්‍ය සම්පත් සුරක්ෂිත කිරීම හා ගෙවීම් අන්තර්ජාලය හරහා සිදුවන වංචා වලින් ආරක්‍ෂා කරමින් ඔබේ Online ගණුදෙණු  නිසි පරිදි සිදුකළ හැකි බැංකු කරණයක්  අද ස්ථාපිත කර ඇත. 

එමෙන්ම ඔබ මතක තබාගත යුතු කරුණක් වන්නේ තමන්ගේ මූල්‍ය රහස් අංක හා වෙනත් යෙදුම් සුරක්ෂිතව තබාගත යුතු බවය. 

නිසි මූල්‍ය උපදේශන හා මූල්‍ය සම්පත් ඔබේ බැංකුව තුලින් ඔබට නිසි මගපෙන්වීමක් සහිතව ලබාගත හැකිය. දිගු කාලීනව ඔබේ ව්‍යාපාරය සැලසුම් කල යුත්තේ කෙසේද ?ඒ සදහා බැංකුකරණ සහය ඔබේ බැංකුව විසින් ඔබට ලබා දෙනු ඇත. 

මාගේ ව්‍යාපාරය හා තමන්ගේ පෞද්ගලික මුල්‍ය කළමණාකරණය වෙන් වෙන්ව තබා ගැනීමේ වැදගත්කම

ව්‍යාපාරයක් පවත්වාගැනීමේ මූලික පදනමක් වන්නේ තමන්ගේ පුද්ගලික මූල්‍ය කටයුතු ව්‍යාපාරයෙන් වෙන්ව තබාගැනීමයි. ඔබ යනු ඔබගේ ව්‍යාපාරය නොවන බව ඔබ තේරුම්ගත යුතුය.

ඔබ ව්‍යාපාරයෙන් උපයන මුදල් ව්‍යාපාරය තුලම තැන්පත්  කලයුතු අතර එය ඔබගේ පුද්ගලික ගිණුමට එක් කල නොහැක. එහි වෙනස ඔබ තේරුම් ගත යුතුය. 

නීති හා බදු ප්‍රතිපත්ති පිළිබද දැනුවත් වීම. 

නීතිමය වශයෙන් ව්‍යාපාරයකට තිබිය යුතු මූල්‍ය කටයුතු මෙන්ම බදු ප්‍රතිපත්ති පිළිබද ඔබට මනා දැනුමක් තිබිය යුතුය. මේ සදහා මග පෙන්පෙන්විම මූල්‍ය හා බැංකුකරණය තුලින් ලබාගත හැකිය. ඒ සදහා සුදුසු පරිසරය ඔබේ ව්‍යාපාරය ගොඩ නගාගත  යුතුය. 

ඔබේ ව්‍යාපාරයට අවශ්‍ය වෘත්තීය යෙදුම හා වෘත්තීය පදනම 

ඕනෑම ආයතනයකට වෘත්තීමය පදනමක් හා ගොඩනැගීමක් තිබිය  යුතුය.  එය ගොඩනැගීමට අවශ්‍ය මූලික පදනම වන්නේ නිසි ක්‍රමවේදයක් තුලින් ස්ථාපිත කර ගන්නා මූල්‍ය පදනමයි.

මේ සදහා ඔබට බැංකුවක සේවාව අත්‍යවශ්‍ය වනු ඇත. එමෙන්ම මුල් අවස්ථාවේ සිටම බැංකුවක් සමග ගනුදෙනු කිරීමෙන් ඔබේ ව්‍යාපාරය ශක්තිමත් වනු ඇත.

බැංකුකරණයට යොමුවී නැති කාන්තා ව්‍යවසයිකාවන්ට නිසි බැංකු සේවාව වැදගත් වන්නේ ඇයි?

කොමර්ෂල් බැංකුවේ කාන්තාවන් සඳහා වන Anagi ගිණුම, කාන්තා ව්‍යවසායකයින්ට නිසි  බැංකු උපදෙස් ලබාදෙමින් ඔවුන් සවිබල ගන්වයි.  කාන්තා  ව්‍යවසායිකවන්ගේ  සුවිශේෂී අවශ්‍යතා හදුනා ගනිමින් සකස් කර ඇති මෙම ගිණුම අමතර වියදමකින් තොරව පහසුකම් රාශියක් ලබා දෙයි. e-Passbook, e-Statement, සහ Mobile Banking පහසුකම් වැනි විශේෂාංග සමඟින්, SMS ඇඟවීම් සහ ComBank Digital සඳහා නොමිලේ  ලියාපදිංචි ගාස්තු නොමැතිවද , Anagi ගිණුම බාධාවකින් තොරව සහ ලාභදායී බැංකුකරණය සහතික කරයි.

භාණ්ඩ හා සේවා සඳහා ගෙවීම් සක්‍රීය කරමින්  ක්ෂණික ඩෙබිට් කාඩ්පතක් ලබා ගැනීමේ නම්‍යශීලීභාවය ද මෙම ගිණුම ලබා දෙයි. දෛනික පොලී ගණනය කිරීම සහ මාසික බැර කිරීම් මූල්‍ය කාර්යක්ෂමතාවයේ ශක්තිමත් කරමින්  Anagi ගිණුම් හිමියන් හට  අන්තර්ජාල බැංකුකරණය, ජංගම බැංකුකරණය  මගින් ලොව පුරා මූල්‍ය කටයුතු වල දීමට  ප්‍රවේශයක් ලැබා දෙයි .

ව්‍යාපාර සඳහා බැංකුකරණයේ වැදගත්කම ව්‍යවසායිකාවක් ලෙසට ඔබ දැනගත යුතුය. එමගින්  ඔබේ ව්‍යාපාරයේ අනාගතය සුරක්ෂිත කිරීම, වර්ධනය සක්‍රීය කිරීම සහ දිගුකාලීන සාර්ථකත්වය සහතික කරයි. නිවැරදි බැංකුව තෝරා ගැනීමෙන් සහ ඔවුන්ගේ සේවාවන් උපරිමයෙන් භාවිතා කිරීමෙන්, ව්‍යවසායකයින්ට සහ කුඩා ව්‍යාපාර හිමියන්ට, ව්‍යවසායිකාවන්ගේ  අභියෝගාත්මක මාවත විශ්වාසයෙන් යුතුව ගමන් කළ හැකිය.

ඵලදායී බැංකුකරණයක් යනු  ඔබේ ව්‍යාපාරයේ අනාගතය සඳහා වන ආයෝජනයකි – එය සැලකිය යුතු ප්‍රතිලාභ ලබා දිය හැකි අතර ඔබේ ව්‍යවසායකත්ව සිහින යථාර්තයක්කර ගැනීමට උපකාරී වේ.