රට තුළ ජීවත්වීමේදී පුද්ගල වශයෙන් හා සමාජීය වශයෙන් මූල්‍ය පාලනය පිළිබද පුරවැසියන් කෙරෙහි නිසි අවබෝධයක් තිබීම රටක සංවර්ධනය සහ අනාගතය තීරණය කරනු ලබන්නකි. පෞරුෂ සංවර්ධනය හරහා පුද්ගලයෙකු තුළ පවතින මූල්‍ය විනය, මූල්‍ය සාක්ෂරතාවය යන කරුණු සංවර්ධනය කර ගැනීම හා වැඩිහිටියන් ලෙස දරුවන්ට මූල්‍ය විනය පිළිබද අවබෝධය ලබාදීම කළ යුත්තේ කෙසේද යන්න යුනියන් ඇෂුවරන්ස් වෙතින් ඔබට ගෙන එන Good Cents by Union Assurance වැඩසටහනේ හයවන අදියරේ වෛද්‍යය චමින්ද වීරසිරිවර්ධන මහතා සමග සිදුකරන ලද කතාබහ මෙසේ ඔබට ගෙන එන්නෙමු.
දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මූල්‍යමය සැලැස්මක් පිලිබදව හැදින්වීමක් කළොත්?
ආර්ථිකයක් ගොඩනැගෙන මූලික අංග අතුරින් මූල්‍යමය කාරණය ප්‍රධානයි. ඉතා ප්‍රසිද්ධ කියමනක් තිබෙනවා, ‘ ඔබ දරුවන් හදාවඩා ගැනීමට ඩොලරයක් වැය කලවිට රටට ඩොලර් නවයක් ඉතුරු වේ යනුවෙන්. මේ කරුණ පිළිබදව බොහොමයක් පර්යේෂණ සිදු කර තිබෙන අතර මෙයින් අදහස් කරන්නේ රටක අනාගතයේ ආර්ථික ස්ථාවරත්වය ,තිරසාර ආර්ථික කළමනාකරණය වැනි දෑ තීරණය වීමට දරුවන්ගේ දැනුම සහ සංවර්ධනය වැදගත් වන බවයි.
මුල් කාලයේ දරුවන්ට මුල්‍ය පාලනය පිළිබදව නිසි අවබෝධයක් ලබා දීම, නැතිනම් නියම ආකාරයට ජීවිතය කළමනාකරණය ඉගැන්විම මගින් අනාගතයේ පුරවැසියන් ලෙස ඔවුන් රටක් ඉදිරියට ගෙනයාමේදී ක්‍රමානුකූල දැනුමකින් සන්නද්ධ වීම වැදගත් වෙයි. මේ පිලිබදව අවධානය ලබා දීමට දෙමව්පියන් විසින් වග බලා ගත යුතු වෙයි.
ආයෝජනයක් සිදු කිරීමට හෝ මූල්‍ය විනයක් ඇති කිරීමට දෙමව්පියන් විසින් දරුවන්ට ඉගැන්විය යුත්තේ කෙසේද?
බොහෝ අවස්ථාවල මූල්‍යමය විනය පිළිබදව දැනුවත් කිරීම් සමාජය තුළ සිදු වුවත්, කුඩා කාලයේ සිටම දරුවන්ට ඔවුන්ගේ මොලය ආශ්‍රිත දැනුම වර්ධනයේදී මොළය ආශ්‍රිත දැනුම වර්ධනයේ දී මෙම මූල්‍ය පාලනය පිළිබදව අවබෝධය ලබාදීම සිදු කිරීමෙන්, පුරවැසියෙක් බවට පත්වන දරුවාට ඉතා පහසුවෙන් මෙම කාර්යය අවබෝධ කර ගත හැකි වනු ඇත.
ආර්ථික අපහසුතාවන් සහ මුදල් පාලනය කරගැනීම පිළිබදව දැනුවත්භාවය සමාජය තුළ පැවතුණ ද එය චර්යාමට අවස්ථාවේ දී දැනුවත් වීම සහ ක්‍රියාත්මක කිරීම අතර සම්බන්ධතාවයක් අප නොදකියි. මුදල් පාලනය කර ගැනීම, ආයෝජනය කර ගැනීම පිළිබදව දැනුවත් වුවත් ඒවා ක්‍රියාත්මක කිරීමේදී ඔවුන් ප්‍රායෝගික වී නැත. මේනිසා ප්‍රධානතම කරණය වන්නේ කුඩා කල සිටම දරුවාගේ මනස ධනාත්මක අන්දමින් මුදල් පාලනය සිදු කරන ආකාරය පිලිබදව දැනුවත් කිරීමයි.
දරුවන්ට ජිවන රටාව පිළිබදව අවබෝධය ලබාදීම කෙතරම් වැදගත්ද?
විශේෂයෙන් කුඩා දරුවන් ඔවුන්ගේ ආශාව පවතින දේ මිලදී ගැනීමට දෙමවිපියන්ට බල කර සිටින අවස්ථාවන්හි දී එය අවශ්‍ය ද නැති ද යන්න පිළිබදව හොදින් දරුවාට අවබෝධ කරදීමේ ක්‍රමවේදය පවත්වා ගැනීම වැදගත් වේ. මනොවිද්‍යාවේදී practice of delayed gratification යන සංකල්පය මගින් ප්‍රමාදීව ඉල්ලීම් ලබාදීමේ පුහුණුව දරුවා තුළ ඇතිකිරීමෙන් ඉවසීම හා මුදල් පිළිබද ක්‍රමානුකූල අවබෝධය ලබාදීමට ඇති අවස්ථාව ඉහල බව පේනවා දී තිබේ.
දරුවන් ඉල්ලීම් සිදු කිරීමේදී බොහෝ අවස්ථාව අඩමින් දෙමව්පියන් බයට පත්කිරීම මගින් යමක් ලබා ගැනීමට උත්සහ කරත් එම මොහොතේම දෙමව්පියන් විසින් දරුවන්ට යම් යම් දේ ලබාදීම පෙළඹීම සිදු නොකර කල් දැමීමක් මගින් ඒ දෙය ලබාදීම තුළින් දරුවාද යමක් ඉගනීමට පුරුදු වේ. කිසියම් දෙයක් අවබෝධයේදී බුද්ධියට වැඩ ආවේග සහ චිත්තවේග පාලනය මගින් මූල්‍ය කළමනාකරණය වැනි ප්‍රායෝගික දෑ අවබෝධ කිරම පහසුවෙන් සිදු කල හැකි බව මෙම පුහුණුව තුළින් අපට හදුනාගත හැක.
දරුවන්ට මූල්‍ය පාලනය හෝ ඉතිරි කිරීම යන සාධකයන් පිළිබදව අවබෝධය ලබාදීමේ දී භාවිත කළ හැකි උපක්‍රම මොනවාද?
ප්‍රායෝගික දෙමව්පියන් විසින් දරුවන්ගේ චර්යාවන් සිතුම් පැතුම් වෙනස් කිරීමට යාමේ දී ස්වාභාවිකවම දෙමව්පියන්ට අවේගශීලි භාවයන් ඇති වෙයි. අවේගශීලි වීම හෝ තරහ ගැනීම තුලින් දරුවට යමක් ඉගැන්වීමය යාමේ දී එතුළින් සාර්ථක ප්‍රතිඵල අත්කර නොදෙන අතර දරුවන්ට යමක් ඉගැන්වීමට යමක් අවබෝධ කර දීමේ දී සාමකාමී සහ ප්‍රබෝධමත් වටපිටාවක් තුළ එය සිදු කිරීම ඔඅගින් ක්‍රමානුකූල ඉගෙනීම දරුවා තුළ ම සිදු වේ.
පීඩාකාරීබවින් තොරව ප්‍රබෝධමත් පරිසරයක් තුළ දරුවාට අවේග පාලනය හදුන්වාදීමට දෙමව්පියන්ට වගකීමක් තිබේ.
කුඩා කාලයේ සිටම දරුවට ස්වාධීනත්වය පුහුණු නොකිරීම නිසා තීරණ ගැනීමට නොහැකි තත්ත්වයට පත්වනවා.බොහෝ තරුණ තරුණියන්ට තමාගේ වැටුප ලැබීමෙන් පසු එය නිසි ලෙස කළමනාකරණය කර ගන්නේ කෙසේද යන ගැටළුව මතු වී තිබේ. ස්වාධීන තීරණ ගැනීමේ හැකියාව වර්ධනය නොවීම නිසා මෙම තත්ත්වය ඇති වේ. ස්වාධීනත්වය මගින් තීරණ ගැනීමේ හැකියාව, තීරණය වෙනස් කිරීම්දී යම් නිර්ණායක මත එය සිදු කිරීම , ආත්ම සංකල්පය ආදී ගුණාංග වර්ධනය වීම සිදුවේ. කුඩා කාලයේ දරුවාගේ අහාර ගැනීමේ රටවේ සිට මූලික අවශ්‍යතා තමා විසින් ඉටුකර ගැනීම දක්වා ක්‍රමයෙන් ස්වාධීන කිරීම මගින් එම දරුවාගේ පෞර්ෂ වර්ධනය සදහා අත්වැලක් සපයනු ලැබේ.
මුල්‍ය සාක්ෂරතාවය වර්ධනය කිරීමේදී ඒ දෙමාපියන් තුලින්ද යම් යම් අඩුපාඩුකම් සිදුවෙන්න පුළුවන්. ඒවා වළක්වා ගන්නේ කෙසේද ?
ප්‍රධාන වශයෙන් දෙමාපියන් විසින් සිදු කරන අඩුපාඩුවක් නම් දරුවා පිළිබඳව විවිධ මත දැරීමයි. එසේනම් පවුලක් ලෙස ජීවත් වීමේදී මව විසින් දරුවා පිලිබඳ එක් මතයකුත්, පිය විසින් තවත් මතයකුත්, ආච්චි සහ සීයා විසින් තව මතයකුත් දැරීම තුලින් දරුවා උකහා ගන්නේ තමාට වාසිදායක මතයයි.එවැනි විටෙක් දරුවට යහපත් දේ පිළිබඳව අවබෝධ කර දීමට අසීරු වන අතර එහිදී පවුල විසින්ම දරුවා පිළිබඳව එක මතයක සිටීම වැදගත් වේ.
විද්‍යාත්මක ක්‍රමවේද මගින් දරුවන් හදා වඩා ගැනීමේදී සිදුකළ නොහැකි තත්ත්වයන් 10ක් හදුන්වා දී තිබේ. ඒවා “ළමා කාලයේ ව්‍යසන අත්දැකීම්” (Adverse childhood experiences) ලෙස හදුන්වා දී තිබේ. එම කරුණු වලින් ප්‍රධාන අංග තුනක් හෝ සක්‍රියයි නම් ඉහළ අසාර්ථක පරිසරයක් ලෙස හදුනාගත හැකි බව පෙන්වා දී තිබේ. ඒ අනුව
- දරුවන්ගේ ගෞරවයට හානි වන ආකාරයට කතා කිරීම.
- කායික අපයෝජනය
- දෙමාපියන් රණ්ඩු වීම දරුවන් දැකීම
- මවට පහර දීම දරුවන් දැකීම
- පියා මත්ද්‍රව්‍ය භාවිතය නිසා අපිළිවෙල බව
- මානසික ප්‍රතිකාර අවශ්‍ය තැන්හි දී එය නොකිරීම
- පවුලේ දරුවන් අතර සබඳතාවක් නොමැති වීම හෝ නොසලකා හැරීම
- බන්ධනාගාර ගතවූ අයෙක් නිවසේ සිටීම
යනාදී කරුණු සක්‍රිය වීම නිසා යහපත් මානසික තත්ත්වයක් පවත්වා ගැනීමට දරුවෙකුට හැකියාවක් නොමැත. මෙම තත්ත්වයන් අවම කර ගනිමින් සාමකාමී පවුල් පරිසරයක් පවත්වා ගැනීමේ මූලික අඩිතාලම හරහා පෞරුෂයෙන් යුතු පුද්ගලයෙකු බිහි කර ගැනීමටත් මූල්‍යමය වශයෙන් ස්ථාවර පරිසරයක් ගොඩනගා ගැනීමටත් හැකියාව ලැබෙනු ඇත.