ඉහළ උද්ධමනයක් පවතිද්දී පෞද්ගලික ණය කළමනාකරණය: යූනියන් ඇෂුවරන්ස්  හි Good Cents තුළින් විශේෂඥ  උපදෙස් 

Personal Debt Management Amid High Inflation

යූනියන් ඇෂුවරන්ස් හි තවත් Good Cents සාකච්ඡාවක දී, ශ්‍රී ලාංකිකයින්ට ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීමට උපකාර කිරීම සදහා මූල්‍ය සාක්ෂරතාව පිළිබද විශ්ලේෂණය කරයි. ශ්‍රී ලංකාවේ පුද්ගලයන් හා පවුල් මිලියන ගණනකට බලපාන ඉහල උද්ධමනය සහ පෞද්ගලික ණය කෙරෙහි එහි ඇති බලපෑම පිළිබද අභියෝගයකට අපි මුහුණ දී සිටිමු. මෙම  සාකච්ඡාවේ යූනියන් ඇෂුවරන්ස්  අරමුණ වන්නේ, ඉහළ උද්ධමන කාලවල දී පෞද්ගලික ණය ගැනීම් අඩු කිරීමට සහ කළමනාකරණය කිරීමට සහය වන උපාය මාර්ග, දැනුම සහ අනුගමනය කල හැකි පියවර සම්බන්ධව මහා ජනතාව දැනුවත් කිරීමය. නේෂන්ස් ට්‍රුස්ට් බැංකුවේ ණය අවදානම් කළමනාකරණය පිළිබද සහකාර උප සභාපති ලක්මාල් විජේවර්ධන මහතා සමග මෙම සම්මුඛ සාකච්ඡාව පැවැත්විණි.

1. ප්‍රශ්නය: පෞද්ගලික ණය මත උද්ධමනය වන බලපෑම කුමක්ද? ඉහළ උද්ධමනයට ගොදුරු විය හැකි විශේෂ ණය වර්ග තිබේ ද? 

පිළිතුර: උද්ධමනය යන්න, එය සරලම වචනවලින් පැහැදිලි කළහොත්, භාණ්ඩ හා සේවා වල මිල වැඩිවීමේ අනුපාතය ලෙස  සැලකෙන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස වැය කළ හැකි ආදායම පහත වැටෙනවා. පෞද්ගලික ණය කෙරෙහි උද්ධමනයේ බලපෑම විවිධ සාධක මත රදා පවතිනවා. ණය වර්ගය, අය කරන ලද පොළී අනුපාත, ආපහු ගෙවීමේ කොන්දේසි සහ ණය කළමනාකරණය සදහා ඔබ දක්වන දායකත්වය     යන සියලු සාධක ඊට බලපානවා. උදාහරණයක් විදියට, ස්ථාවර කොන්දේසි හෝ ස්ථාවර පොළී අනුපාත සහිත සහිත ණය ඔබට හිතකර බලපෑම් කරන අතර, පොළී අනුපාත ඉහළ යාම්වලින් ඔබව ආරක්ෂා කරනවා. කෙසේ වෙතත්, ඔබ ඉහල නය ශේෂයක් පවත්වාගෙන යනවා නම්, ක්‍රෙඩිට් කාඩ් සහ බැංකු අයිරා වැනි ණය පහසුකම් අවදානමකට ලක්වෙන්න පුළුවන් . ඉහල පොළී අනුපාතවලට යටත්ව අලුත් කිරීමට නියමිත ණයද , අභියෝගයකට මුහුණ දෙනු ඇත. උද්ධමන කාල පරිච්ඡේදයතුළ සැලසුම් කරන ලද ආපසු ගෙවීම් සහිත ණය පහසුකම් ඔබේ මූල්‍ය තත්වය මත අමතර ආතතියක් ඇති කරයි. 

2. ප්‍රශ්නය : ණය අඩු කර ගැනීමේදී සහ කළමනාකරණයේ දී අය වැය සැලසුම් කිරීම සහ මූල්‍ය විනය යන සාධක ඉටු කරන කාර්ය භාරය කුමක්ද ?

පිළිතුර: ඵලදායී ලෙස ණය කළමනාකරණය කිරීමේදී අයවැය පවත්වාගෙන යාම සහ මූල්‍ය විනය අතිශය වැදගත් වේ. පළමුවෙන්ම ඔබගේ / මුලාශ්‍ර, එම අදායම් ප්‍රමාණයන්  සහ ඒවා ලැබීමට ඇති සම්භාවිතාව පිළිබද අවබෝධයක් තිබිය යුතුය. ආහාර, කුලී මුදල්, ඖෂධ සහ ප්‍රවාහනය ආදී අතවශ්‍ය වියදම් වගේම, ක්‍රෙඩිට් කාඩ් මාසික වාරික ආදී ණය බැදීම් හදුනා ගෙන ඒවාට ප්‍රමුඛත්වය දිය යුතුයි. ඔබේ ණයවල පොලි අනුපාත ද කියා දන ගැනීමෙන් ඔබේ මාසික මූල්‍ය වියදම් නිවැරදිව හදුනාගන්න පහසු වෙනවා. මේ සවිස්තරාත්මක අවබෝධය ඔබේ අයවැය සැලසුම් කිරීමටත්, අයවැයට අනුකුලාව වියදම් කිරීමටත් හැකියාව ලැබෙන අතර අවසානයේදී ණය බර අඩුවෙනවා.

3. ප්‍රශ්නය: ණය කළමනාකරණය සහ ණය බරින්  ඉවත්වීමට අනුගමනය කල හැකි ප්‍රායෝගික පියවර මොනවාද? 

පිළිතුර : ඵලදයී ලෙස ණය කළමනාකරණය කර ගැනීමට සහ අඩු කර ගැනීමට පහත දැක්වෙන පියවර සලකා බලන්න.

  • අයවැය සැලසුම් සකස් කිරීම : තාවකාලිකව අඩු කළ හැකි හෝ නතර කල හැකි අතවශ්‍ය නොවන හෝ වෛකල්පික වියදම් හදුනා ගන්න. 
  • ණය සම්පිණ්ඩනය: ඔබේ සමස්ත ණයබර අඩුකර ගැනීම සදහා ඉහළ පොළී අනුපාත සහිත ණයක් මූල්‍ය මෙවලමක් හරහා සම්පිණ්ඩනය කර ගැනීමට ඇති විකල්ප සොයා බලන්න.
  • රේඛිය ණය කපා දැමීම : ඔබට මූල්‍ය විනය අඩුනම්, අධික වියදම් වලින් වැළකීම සදහා රේඛීය ණය අඩුකිරමට හෝ නතර කිරීමට පියවර ගන්න. 
  • ප්‍රධාන වියදම් පිලිබදව නැවත සලකා බලන්න: රථ වාහන හෝ වෙනත් ජිවත තත්ත්වයන් වැනි ඇතැම් වියදම්වලින්  අනවශ්‍ය මූල්‍ය ආතතියක් ඇති වන්නේද යන්න තක්සේරු කර ඒ අනුව අවශ්‍ය වෙනස්කම් කරන්න.
  • උපක්‍රමශීලිව ඉතුරුම් භාවිත කරන්න: ඔබේ ඉතුරුම් වලින් ලැබෙන ඔබේ ණය පොළියට වඩා වැඩිනම්, ඉහල පොළී අනුපාතයක් සහිත ණය ගෙවා දැමීමට එම ඉතුරුම් වේදවිම ගැන සලකා බලන්න.

මෙම ප්‍රයෝගික පියවර අනුගමනය කිරීම මගින් ඔබේ ණය කළමනාකරණය කර ගැනීමට  සහ මූල්‍ය මූල්‍ය ස්ථාවරත්වයක් පවත්වාගෙන් යෑමටසහයක් වනු ඇත. 

4. ප්‍රශ්නය: නාය කළමනාකරණය කිරීමේදී පුද්ගලයන් කරන බරපතල වැරදි මොනවාද? 

පිළිතුර:  ණය කළමනාකරණය කිරීමේදී සාමාන්‍යයෙන් පොදුවේ සිදුවන වැරදි මෙසේය; 

  • දැනුවත්භාවයෙන් තොර වීම: ණය ප්‍රමාණය ගැන දැනුවත්ව නොසිටීම මුල්‍යා අර්බුදයකට හේතු විය හැකිය. 
  • ආදායම සහ වියදම් නොතකා හැරීම: අදායමට අනුකූලව වියදම් කිරීමට අසමත් වීමෙන් අධික වියදම් කිරීමට හේතු විය හැකිය.
  • සීමාවකින් තොරව ණය ගැනීම: අවශ්‍යතාව තක්සේරු නොකර අත්‍යවශ්‍ය නොවන ව්‍යාපෘති සදහා අලුතින් ණය ගැනීමෙන් මූල්‍ය තත්ත්වය වඩාත් දුර්වල වනු ඇත. 
  • අවම ගෙවීම්  පැහැර හැරීම: අවම ගෙවීම් ප්‍රමාද කිරීම් හෝ පැහැර හැරීම අතිරේක දඩ ගාස්තු ණය ඉහළ යාමට හෙතු විය හැක.  

දැනුවත්භාවය, අයවැය පවත්වාගෙන යාම, වගකීම් සහගත ණය ගැනීම් සහ නිසි කලට ගෙවීම් කිරීම මෙම වැරදිවලින් වැළකීමට අත්‍යාවශ්‍ය වේ. 

5. ප්‍රශ්නය: ණය බරින් නිදහස් වීම කරා යන ගමනේ දී ජනතාවට අවධානයෙන් සහ අභිප්‍රේරණයෙන් යුතුව සිටිය හැක්කේ කෙසේද?

පිළිතුර : ණයබරින් නිදහස් වීම සඳහා යන ගමනේදී අභිප්‍රේරිතව සිටීම අතිශයින් තීරණාත්මකයි. ණය ආපසු ගෙවීම දෘශ්‍ය ලෙස බලා සිටීම මගින් ජයග්‍රාහී හැඟීමක් ඇති වෙනවා. මූල්‍ය සාකච්චා සහ තීරණ ගැනීම් වලදී ඔබේ පවුලේ සාමාජිකයින් සම්බන්ධ කර ගැනීමෙන් ආතතිය අඩු වන අතර ඉලක්කයක් පවත්වා යන්න උපකාරී වෙනවා. ඔබ ණය ගත්තේ මන්ද? එමෙන්ම ඔබගේ ඉලක්ක ජය ගැනීමට එම ණය සහය වූයේ කෙසේද? යන්න සිහි කරන්න. ඉන් ඔබට යම් අභිප්‍රේරනයක් ලැබෙනු ඇත. අවසාන වශයෙන් ඔබේ අයවැය අනුගමනය කිරීම සහ ඔබේ ණය බැඳීම් අඩු වන ආකාරය දැකීමෙන් ඔබට සහනයක් සැලසෙන අතර ඉලක්කයක් සහිතව ජීවිතය ගත කිරීම සඳහා අභිප්‍රේරණයක් ද ලැබෙනු ඇත.