පිරිමි ප්‍රජාව අතර ඔසප් වීම පිළිබඳව දැනුවත්භාවය ඇති කිරීම වැදගත් වන්නේ ඇයි?

පිරිමි ප්‍රජාව | A female teacher wearing a purple and orange saree speaks to a group of Sri Lankan school students, both boys and girls, during an awareness session. Logos of Fems and the HER Foundation appear at the bottom, highlighting a menstrual health education program.

ඔසප් දරිද්‍රතාවය යනු සනීපාරක්ෂක තුවා සඳහා ප්‍රවේශයක් නොමැතිකම පමණක් නොවේ. එය පිරිමි ප්‍රජාව සහ පොදුවේ ජනතාව අතර ඔසප් වීම පිළිබඳව දැනුවත්භාවය නොමැතිකම ලෙස සැලකිය හැක. මෙම මාතෘකාව වටා ඇති අපකීර්තිය ද මෙයට ඇතුළත් වේ. ඔසප් වීම නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට සහය වීම සමාජ වගකීමක් ලෙස කිව හැක.

2021 සිට මෙම කාරණය තුල විශාල කාර්යභාරයක් ඉටු කරමින් සිටින සන්නාමයක් ලෙස Fems ශ්‍රී ලංකාව පුරා ප්‍රජාව මේ පිළිබඳව දැනුවත් කිරීම සඳහා ක්‍රියාකාරීව නියැලී සිටී. එ සමඟම ඔසප් වීම සාමාන්‍ය ශාරීරික ක්‍රියාකාරකමක් ලෙස දකින්නටද මෙම වැඩසටහන් වැදගත් වේ.

මෙම වැඩසටහන්වලට බොහෝ විට පාසල් බලධාරීන්, දෙමාපියන් සහ ප්‍රාදේශීය නායකයන් සම්බන්ධ වන බැවින් එය අඛණ්ඩ සංවාදයක් බවට පරිවර්තනය වේ. පාසල්වලින් ඔබ්බට, මෙම පණිවිඩය ගෙන යාමට Fems ප්‍රජා කණ්ඩායම්, යෞවන සමාජ සහ සේවා ස්ථාන සමඟ හවුල් වේ.

මේ පිළිබඳව දැනුවත්භාවය නොමැතිකම තරුණ කාන්තාවන්ගේ සහ ශිෂ්‍යාවන්ගේ එදිනෙදා ජීවිතයට අඛණ්ඩව බලපාන බව අපට දක්නට ලැබේ. බොහෝ ප්‍රජාවන් තුල තවමත් එය තහනම් මාතෘකාවක් ලෙස සැලකේ.

ඔසප් වීම කාන්තාවන් සඳහා සීමා වූ මාතෘකාවක් ලෙස නොදැකිය යුතුය. විහිළු පදනම් කරගත් සහ තහනම් මාතෘකාවක් ලෙස මෙය පත්වීම වැළැක්වීමට පිරිමි දරුවන් සහ සමස්ත පිරිමි ප්‍රජාවම දැනුවත් විය යුතුය.

පියවරුන්, සහෝදරයන්, ගුරුවරුන් සහ සේවා ස්ථානවල වැඩකටයුතු කරන පිරිමි ප්‍රජාව තම ප්‍රජාව තුල සිටින කාන්තාවන්ට ඔසප් වීම නිසා ඇතිවන බලපෑම හඳුනා ගැනීමේ ක්‍රියාවලියක් පිරිමින් දැනුවත් වීම තුලින් සාක්ෂාත් කරගත හැක.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, නිවෙස්වල සහ ප්‍රජාවන්හි තීරණ ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ වන පිරිමින්, ඔසප් වීම සහ ඒ හා සම්බන්ධ අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය දීම කෙරෙහි අවධානය යොමු කිරීමට පෙළඹිය හැක.

අධ්‍යාපනය බොහෝ විට පිරිමින්ට මෙය නිසි ලෙස දැනගැනීමට හැකියාව ලබා දෙයි. පිරිමි ළමයින් පාසල්වල ජීව විද්‍යාත්මක කරුණු සහ සනීපාරක්ෂක පිළිවෙත් ඉගෙන ගන්නා විට, ඔවුන් විහිළු කිරීමට ඇති ඉඩකඩ අඩු වන අතර ඔවුන් එයට උදව් කිරීමට වැඩි ඉඩක් ඇත.

ගැහැනු ළමයින් හට ඔසප් වීමේ කාලය තුල දී ඇති විය හැකි ගැටලු ගැන දැනුවත් වීම තුලින් පිරිමි ප්‍රජාවන්ට ඒ පිළිබඳව මනා වැටහීමක් ලබා ගත හැක. පවුල් සම්බන්ධයෙන් ගත් කල පියවරුන්ට සහ සහෝදරයන්ට මෙය සාමාන්‍ය දෙයක් ලෙස දැක්මටත් උපකාරී වේ.

සේවා ස්ථානවල, ඔසප් වීම පිළිබඳ නිසි ලෙස තේරුම් ගන්නා පිරිමි ඒ ස්ථානවල සාධාරණ ප්‍රතිපත්ති සැකසීමට, නම්‍යශීලී විවේක කාල සක්‍රීය කිරීමට, සනීපාරක්ෂක තුවා ලබා දීමට සහ ඒවා නිසි පරිදි බැහැර කිරීමට සේවා ලබා දීමට ද දායක වනු ඇත.

2021 සිට Fems සන්නාමය මෙම මාතෘකාව කාන්තාවන්ට පමණක් නොව පිරිමින්ටත් අදාල වන ප්‍රජා මාතෘකාවක් ලෙස සැලකීමට වැඩසටහන් දියත් කර ඇත.

ප්‍රායෝගික මෙවලම් මඟින් සහභාගීවන්නන් ඔසප් චක්‍ර නිරීක්ෂණය කරන්නේ කෙසේද, එවන් දින කළමනාකරණය කරන්නේ කෙසේද සහ සනීපාරක්ෂක තුවා වගකීමෙන් යුතුව භාවිතා කරන්නේ කෙසේද සහ බැහැර කරන්නේ කෙසේද යන්න ඉගෙන ගනී.

දැනුවත් කිරීම අවශ්‍ය නමුත් එය පමණක් ප්‍රමාණවත් නොවේ. ශ්‍රී ලංකාව තුල තවමත් මෙය ප්‍රශ්නයක් ලෙස තිබේ. සමහර පාසල්වලට ප්‍රමාණවත් වැසිකිළි, ගලා යන ජලය හෝ සනීපාරක්ෂක තුවා බැහැර කිරීමට නිසි බඳුන්වත් නොමැත. මෙවැනි අවශ්‍යතා සපුරාලීමට පියවර ගැනීම ඉතා වැදගත් වේ. ඔසප් සෞඛ්‍යය පාසල් සෞඛ්‍ය විෂය මාලාවේ ඇතුළත් අංගයක් බවට පත් කල හැක. එමඟින් පිරිමි දරුවන් මේ පිළිබඳව දැනුවත් කිරීම පහසු වේ.

ඔසප් වීම පිළිබඳ දැනුවත්භාවය පිරිමි ප්‍රජාවට ව්‍යාප්ත කිරීමෙන් පවුල්, පාසල් සහ සේවා ස්ථානවල තවත් සෞඛ්‍ය සදාචාරාත්මක පරිසරයක් ගොඩනඟා ගැනීමට හැකි වේ. එය කාන්තාවන්ට පමණක් නොව, සමාජයෙත් සෞඛ්‍ය‍යටද ඉතා වැදගත් වේ.