අද හුගක් කාන්තාවන්ගේ සාර්ථකත්වය මනින්නේ කොහොමද?
අද සමාජය තුළ කාන්තාවකගේ සාර්ථකත්වය හුදෙක් මනින්නේ රැකියාවක් හෝ විශාල තනතුරක් ලබා ගැනිමෙන් විතරක් නෙවෙයි.
නමුත් තාමත් සමාජයේ එක කොටසක් සාර්ථකත්වය මේ සාධක දෙකට පමණක් සීමාකරනවා.
සාර්ථකත්වය ආරම්භ වෙන්නේ ඔබ ඔබවම සියලු අංගවලින් ගොඩනඟා ගැනීම මතයි.
කාන්තාවක් ලෙස සාර්ථක වීම යනු මේ ජීවන ගමන තුල තමන්වම වඩාත් සම්පූර්ණ හා ගෞරවයෙන් යුත් පුද්ගලයෙකු කරගැනීමේ ගමනකි.
කාන්තාවන්ට පමණක් නෙවෙයි ඕනෑම පුද්ගලයෙකුට දැනුම, දක්ෂතා, ආත්ම විශ්වාසය, සෞඛ්‍යය සහ සමාජික හැසිරීම් කියන ගුණාංග වර්ධනය කර ගැනීම ජීවිතයේ සාර්ථකත්වය ළඟා කරගැනීමට මහත් උපකාරයක් වෙනවා.
අපි බලමු කාන්තාවක් විදියට සාර්ථකත්වය ළඟා කර ගැනීමට ඔයා වැඩි දියුණු කරගන්න ඕන මොනාද කියලා..
1. අධ්‍යාපනය – ප්‍රධානම කාරණය මෙයයි.
මෙය සාර්ථකවීමට මූලික මගපෙන්වීමයි. කාන්තාවක් ලෙස අද සමාජයේ ගෞරවය දිනාගෙන, අනෙකාට ආදර්ශයක් වී සාර්ථකත්වය ලබාගැනීමට අවශ්‍ය නම් ඔබ ඔබේ ජීවිතයට දැනුම එකතු කරගැනීම අවශ්‍යයි.
හොදම උදාහරණය තමයි -: Miss Sri Lanka for the 72nd Miss World pageant held in 2025 – Anudi Gunasekara. ඇය නිරූපිකාවක් වුණාට ඇය හොදට ඉගෙන ගත්ත කාන්තාවක්.
අතීතයේ බහුතරය කාන්තාවන් පාසල් වියෙන් පස්සේ කිසිදු උසස් අධ්‍යාපනයක් ලබා ගන්නේ නැහැ. මොකද අතීතයේ කාන්තාවන් ගෘහ සේවිකාවන් වගේ ගෙවල් වල ඉදියේ.
අද වාර්තමානයේ දි බොහෝ කාන්තාවන් විශ්වවිද්‍යාල මට්ටමින් ඉගෙනීමෙන් පසු රජයේ හා පෞද්ගලික ආයතනවල ප්‍රධාන තනතුරු හම්බෙනවා. එය කාන්තාවන්ගේ පුද්ගලික මට්ටම පමණක් නෙවෙයි, ජාතික සංවර්ධනයට ද දායක වන දෙයක් එක.
2..ආර්ථික ස්වාධීනතාව
කාන්තාවක් වශයෙන් ආර්ථිකව ස්වාධීනව සිටිමෙන් ඔබට ඔබගේ ජිවිතය සම්බන්ධ තීරණ ගැනිමේ ඍජු අයිතිය ඇත.
විශේෂයෙන් කාන්තාවක් හට ආදායම් මාර්ගයක් නොමැති වු විට තවත් කෙනෙකු මත රඳා පැවතිමට සිදු වන බව ඔබ දන්නා කරුණකි.
නමුත් තමාට තමගේම ආදායම් මාර්ගයක් තිබිමෙදි තමාගේ ඇති ආසාවල් සහ දක්ශතාවයන් සීමා නොවේ.
තමන් විසින් රැකියාවක නිරත වීම, කුඩා ව්‍යාපාරයකට අරම්භක කිරිම හෝ තාක්ෂණික දක්ෂතා උපයෝගී කරගැනීම මගින් කාන්තාවන් ආර්ථිකව ස්වාධීන විය හැක.
3.ආත්ම විශ්වාසය
කාන්තාවන්ට තිබිය යුතු විශාලම සම්පත්වලින් එකක් නම් ආත්ම විශ්වාසයයි. “මට හැකි” යන්න ඇය මනස තුළ ගොඩනගාගන්නා විට, ඕනෑම සීමාවක් ඇයට ඉක්මවා යා හැක. එය විවිධ අභියෝග මැදින් යම් ගමනක් දිනාගැනීමට ඇයව ශක්තිමත් කරයි.
අද කාලයේ බොහෝ කාන්තාවන් නායකත්වය, කලා, ක්‍රීඩා, ව්‍යාපාර, විද්‍යාව යන සියලුම ක්ෂේත්‍රවල තම විශ්වාසය පදනම් කරගෙන ඉදිරියට යන ආකාරය අපිට දැක ගන්න පුළුවන්.
4.සමාජික දක්ෂතා
කාන්තාවක් එදිනෙදා ජීවිතයේ මවක්, දියණියක්, සහෝදරියක්, ගෘහණියක් හෝ මිතුරියක් වැනි චරිත රැසක් පිළිඹිබු කරයි. සමාජය තුළ මෙලෙස ගැඹුරු සම්බන්ධතා ඇතිව ජීවත් වීමට සමාජික දක්ෂතා ගොඩනගාගැනීම ඇයට සංවර්ධනය වීමට අත්‍යවශ්‍ය කොටසකි.
සාර්ථක සන්නිවේදනය, ගැටලු විසඳුම් හැකියාව සහ සමාජය සමග සදාචාරයෙන් හැසිරීම මගින්, කාන්තාවන් සමාජය තුළ විශ්වාසය සහ ගෞරවය දිනාගන්නවා ඇත.
5.සෞඛ්‍යය සහ ආධ්‍යාත්මික ගුණාංග
කාන්තාවක් සෞඛ්‍ය සම්පන්නව නොමැති නම්, අධ්‍යාපනය හෝ රැකියාව තුළ දීර්ඝ සාර්ථකත්වයක් ලබාගත නොහැක. තමාට අවශ්‍ය ආහාර, නිතර ව්‍යායාම, මනෝසමතුලිතභාවය සහ ආතතිය පාලනය කිරීම ඇයගේ ජීවිතය ශක්තිමත් කරයි. යහපත් මනෝභාවයක් සහ අනෙක් අයට උපකාර කිරීමට ඇති කැමැත්ත, සමාජය ගොඩනගන ශක්තිය වේ.
කාන්තාවක් ලෙස සංවර්ධනය වීම යනු පෞද්ගලික ගමනක් නොවේ.
ඇයගේ සංවර්ධනය පවුලටත්, සමාජයටත් සහ ජාතියටත් බලපාන සම්පූර්ණ වෙනසකි.
පුද්ගලික සංවර්ධය අධ්‍යාපනයෙන් ආරම්භ වෙලා ආධ්‍යාත්මික මට්ටම දක්වා සෑම අංශයකින්ම ශක්තිමත් වෙලා යන ගමන කාන්තාවකගේ සාර්ථකත්වයට මුල සුණ වේ.
ඉතින්, කාන්තා පුද්ගලික සංවර්ධනය ගැන කතා කරන විට අපි සරල තනතුරු හෝ දැනුම පමණක් නොව, සමාජය සම්පූර්ණයෙන්ම සාර්ථක කරවන ගුප්ත ශක්තියක් පිළිබඳව කතා කරන බව තේරුම් ගත යුතුය.