සෑම ජීවිතයකටම වටිනාකමක් ඇත –අද ලෝක සියදිවි නසාගැනීම වැළැක්වීමේ දිනය

සියදිවි නසාගැනීම වැළැක්වීමේ දිනය 2025 – සෑම ජීවිතයකටම වටිනාකම

සැප්තැම්බර් 10 වනදා ලෝක සියදිවි නසාගැනීම් වැළැක්වීමේ දිනයයි. මේ වසරේ තේමාව නම් “සියදිවි නසාගැනීම පිළිබඳ කතාව වෙනස් කිරීම” යන්නයි. මෙයින් අපේක්ෂා කරන්නේ තත්ත්වය පිළිගෙන සිටීම පමණක් නොව කතා කිරීම, ඇහුම්කන්දීම, සහ රැඳීසිටීමයි.

සියදිවි නසාගැනීම වටා ඇති නිහඬතාවය කඩා දැමීම තුලින්, ඔබේ ජීවිතය කිසිදාත් එක් විනාශකාරී මොහොතකට සීමා විය නොහැකි බව මතක් කර සිටින්න. මෙය ගෝලීය ගැටළුවක් පමණක් නොව, ඉතාමත් පුද්ගලික ගැටළුවක් වේ. බොහෝ කාන්තාවන් හට මෙය නොපෙනෙන, නිහඬ යුද්ධයක් වී ඇත — අපේක්ෂාවන්ගෙන් යටවී, හදවතේ තද කරගෙන සිටින, පිටතට නොපෙන්නන්නා වූ මහත් යුද්ධයකි.

නොසලකා දැමිය නොහැකි සංඛ්‍යා

ලෝකය පුරා එක් වසරකදී 720,000 කට වැඩි පුද්ගලයින් සියදිවි නසාගැනීමෙන් මියයති. ඒ කියන්නේ තත්පර 43කට වරක් ජීවිතයක් නැතිවී යනවා. සියදිවි නසාගැනීම දැන් තරුණ සහ මධ්‍යවයස්කාර කාන්තාවන් අතර මරණයේ ප්‍රධාන හේතු වලින් එකක්ය. ශ්‍රී ලංකාවේ සියදිවි නසාගැනීමේ මරණ අනුපාතය 100,000කට 16.3 — ලෝක මට්ටමට වඩා මෙය ලංකාව තුළ ඉහළයි.

ශක්තියද? නිහඬතාවයද?

අපට මේ සියලු දේ දැනෙන නමුත් ඒවා දරාගෙන සිටීමට පුරුදු වී ඇත. කාන්තාවන්ට විඳදරාගන්න, ශක්තිමත් වෙන්න, වේදනාව අතරින් සිනාසෙන්න කියා උගන්වා ඇත. නමුත්, ශක්තිය කියන්නේ නිහඬතාවයද? ඉවසීම කියන්නේ තනිවීමද? නැහැ.

ජීවිතය පිළිබඳ මතකයන්

ඔබට දැනෙන්නාවූ වේදනාව දරගැනීමට නොහැකි කියා හැඟෙන්නාවූ සෑම අවස්ථාවකදීම, මතක තියාගන්න — ඔබ නොමැති විට එය ඊට වඩා සංකීර්ණ වේදනාවක් වන බව.
ඔබේ ජීවිතයට පරමාර්ථයක් ඇත. එය එක් මොහොතකින් අර්ථ දක්වන්නට බැහැ. එය තවමත් දිග හැරෙමින් පවතී.

මානසික සෞඛ්‍යය – සෞඛ්‍යයේ අත්‍යාවශ්‍යම කොටස

අපට අවශ්‍ය වන්නේ — මානසික සෞඛ්‍ය පුරුදු දෛනික ජීවිතයට ගෙන යාමයි:

  • විනිශ්චය කිරීමකින් තොරව දිනපොතක් ලිවීම
  • පසුබැසීමට පෙර අත දිගු කිරීම
  • ප්‍රමාද වීමට පෙර උදව් පැතීම

මේවා විශේෂ ක්‍රියාවන් නොවන අතර එමඟින් ජීවිතය ශක්තිමත් කරගත හැක

අප කතා නොකරන ප්‍රතිඵලයන් බරපතලයි. සියදිවි නසාගැනීම ජීවිතයක් අවසන් කරනවා පමණක් නොවේ. එමඟින් ඔබේ ආදරණීයන්ද සංකීර්ණ ගැටලුවලට මුහුණ දේ.

ශ්‍රී ලංකාව තුළ, ශ්‍රී ලංකා සුමිත්‍රයෝ වැනි සංවිධාන නොමිලේ, මානසික උපදේශන ලබා දේ.
උදව් ඉල්ලීමට කිසිදා පසුබට නොවන්න. ඔබට වෘත්තිකයෙකු සමඟ කතා කිරීමට අපහසු නම්, ඔබ විශ්වාස කරන කෙනෙකුට කතා කරන්න

ඔබේ ජීවිතයට අරුතක් ඇත

ඔබේ ජීවිතය වැරදීමක් නොවේ. එය ඉතා වටිනාවූ සම්පතකි. සමහර කොටස් තියුණුයි, සමහරක් සුන්දරයි, සමහරක් සිදු වී නැත. නමුත් එය ඔබගේ ය. එය ගොඩනැගීම ඔබ සතුයි.

ඔබ මෙය කියවන විටදීත් ප්‍රශ්න තුළින් යනවාද?

වේදනාව ඔසවාගෙන යන්න එපා. ලියට කියන්න. සැහැල්ලු වන්න.