ඔසප් වීම නැවැත්වූ විට ඇත්තටම සිදුවන්නේ කුමක්ද?

ඔසප් වීම | Woman lying on a bed holding her lower abdomen in pain, with Fems and HER Foundation logos displayed at the bottom.

ඔසප් වීම නතර වීම ඕනෑම කාන්තාවක් හට සිතට වද දෙන දෙයක් ලෙස හැඳින්විය හැක.

ඔසප් චක්‍රය නවතන එන්නත් සහ ඔසප් වීම සම්පූර්ණයෙන් අඩු කරන හෝ ප්‍රමාද කරන දේ වර්තමාන ලෝකයේ බොහෝමයක් ඇත. සමාජ මාධ්‍ය බොහෝ විට මෙය ඉක්මන් සහ පහසු විසඳුමක් ලෙස අර්ථ දක්වයි. නමුත් ඔසප් වීම අපහසුතාවයක් පමණක්ම නොවේ. එය ඔබේ ශරීර පද්ධතියේ ඉතා වැදගත් ස්වාභාවික ක්‍රියාවලියකි. ඔබ එය නැවතීමට තෝරා ගැනීමට පෙර, ඔසප් වීම සැබවින්ම සිදුවන්නේ කුමක්ද සහ එය නැවැත්වූ විට සැබවින්ම සිදුවන්නේ කුමක්ද යන්න තේරුම් ගැනීම වැදගත් වේ.

ඔසප් වීම ශරීරයේ මාසික සෞඛ්‍ය පිළිබඳව සංඥා කරයි.

ඔසප් වීම ලේ ගැලීමට වඩා යමක් බව ඔබ දැනගත යුතුය. එය ඔබේ හෝමෝන සමතුලිත කරන ක්‍රියාවලියක් වන අතර ඔබේ ප්‍රජනක පද්ධතියේ සෞඛ්‍ය සම්පන්න බව තහවුරු කරයි. ඔබේ හෘද ස්පන්දනය හෝ හුස්ම ගැනීම මෙන්, ඔසප් වීම ඔබේ ශරීරය සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වන බවට සහතික වේ.

නිතිපතා ඔසප් වීම මඟින් පෙන්නුම් කරන්නේ ඔබේ හෝමෝන – ඊස්ට්‍රජන්, ප්‍රොජෙස්ටරෝන් සහ අනෙකුත් හෝමෝන – ස්වාභාවික රිද්මයකට අනුව සමතුලිත වන බවයි. මෙම රිද්මය මනෝභාවය, ශරීර ශක්තිය, අස්ථි, මොළය සහ ආහාර ජීර්ණයට පවා බලපායි.

ඔසප් වීම හදිසියේ වෙනස් වූ විට, එය සෞඛ්‍ය ගැටලුවක ලකුණක් විය හැකිය.

අධික ආතතිය ඔබේ ඔසප් වීම ප්‍රමාද කිරීමට හෝ නැවැත්වීමට හේතු විය හැක. එමෙන්ම තයිරොයිඩ් ගැටළු ඔසප් වීම අධික හෝ අක්‍රමවත් කළ හැකිය. මීට අමතරව හෝමෝන අසමතුලිතතාවය ඔසප් වීම මඟ හැරීමට හේතු විය හැක. දියවැඩියාව හෝ PCOS චක්‍ර වෙනස්වීම් හරහාද රෝග ලක්ෂණ පෙන්විය හැක.

ඔසප් වීම මාසික වාර්තා කාඩ්පතක් මෙන් ක්‍රියා කරයි. එය ඔබට පිටතින් නොපෙනෙන තොරතුරු ලබා දෙයි. ඔසප් වීම නැවැත්වූ විට, ඔබට මෙම සංඥා ලැබීමද නතර වේ.

ඔසප් වීම කෘතිමව නැවැත්වූ විට එයින් සිදුවන්නේ කුමක්ද?

ඔසප් වීම නැවැත්වීමට ඖෂධ හෝ හෝමෝන භාවිතා කරන විට, ශරීරයට ඉඟි කරන්නේ ස්වාභාවික ක්‍රියාවලියක් අක්‍රිය කරන ලෙසයි. ඔබේ ශරීරයට සරලව “විරාමයක්” දිය නොහැක. එය එකවර බොහෝ පද්ධතිවලට බලපාන ආකාරයෙන් සකස් වී තිබේ.

ඔසප් වීම ඔබට ලබා දෙන සෞඛ්‍ය අනතුරු ඇඟවීමේ පද්ධතියද මෙවන් තත්ත්වයන් යටතේ ඔබට අහිමි වේ. ලේ ගැලීම හෝ චක්‍ර වෙනස්කම් නොමැතිව, හෝමෝන ගැටළු, ආතතිය හෝ රෝගාබාධවල මුල් සලකුණු දැනගැනීම දුෂ්කර ය. බොහෝ අය දැනගන්නේ කලකට පසුව, රෝග ලක්ෂණ වඩාත් බරපතල වූ විට පමණි.

බොහෝ අය නොදැන සිටින තවත් දෙයක් නම්, ඔසප් වීම නැවැත්වීම සැමවිටම ශුන්‍ය ලේ ගැලීමක් ලෙස අදහස් නොවේ. රුධිරය අවම වුවද පැල්ලම් ඇතිවිය හැකිය. නමුත් පැල්ලම් ඇතිවීම අනපේක්ෂිතයි – එය ඕනෑම වේලාවක සහ ඕනෑම තැනක සිදුවිය හැකි දෙයක් මෙන්ම ස්වාභාවික ඔසප් වීමක් නොමැතිව නිරීක්ෂණය කළ හැකි චක්‍රයක් සමඟ සාමාන්‍යයෙන් සිදුවිය හැක.

අතුරු ආබාධ

ඔසප් වීම නැවැත්වීමෙන් නොසිතන අතුරු ආබාධ ඇති විය හැක. මෙයට හේතුව නම් ස්වාභාවික හෝමෝන රිද්මයට බාධා වන බැවිනි.

1. බර වැඩිවීම

හෝමෝන උපත් පාලන හෝ ඔසප් වීම නැවැත්වීමේ ක්‍රම බර වැඩිවීමට හේතු විය හැක, විශේෂයෙන් ආමාශය ආශ්‍රිතව. ව්‍යායාම හෝ ආහාර වේලෙහි වෙනස්කම් සමඟ වුවද මෙලෙස තැන්පත් වන මේදය අඩු කර ගැනීම බොහෝ විට දුෂ්කර ය.

2. මනෝභාවයේ වෙනස්කම්

ඔසප් වීම නතර කරන විට බොහෝ අය චිත්තවේගීය වෙනස්කම්වලට මුහුණ දෙති.

  • කාංසාව
  • මානසික අවපීඩනය
  • කෝප වීම
  • තනිකමක් දැනීම
  • චිත්තවේගීයව කඩා වැටීම

මෙම වෙනස්කම් සිදුවන්නේ ඔබේ හෝමෝන ඔබේ මොළයට සහ හැඟීම්වලට ද බලපාන බැවිනි.

3. හිසරදය සහ ඉරුවාරදය

හෝමෝන වෙනස්කම් මඟින් නිතර නිතර හිසරදය හෝ ඔබේ දෛනික ජීවිතයට බලපාන දැඩි ඉරුවාරදය ඇති කළ හැකිය.

4. අස්ථි සෞඛ්‍ය ගැටළු

විශේෂයෙන් වයස අවුරුදු 20 ගණන්වල කාන්තාවන්ට, ශක්තිමත් අස්ථි ගොඩනැගීම සඳහා ස්වාභාවික හෝමෝන චක්‍රය වැදගත් වේ. දිගු කාලයක් ඔසප් වීම නැවැත්වීම කාලයත් සමඟ අස්ථි ඝනත්වය දුර්වල කළ හැකිය.

මෙම අතුරු ආබාධ සෑම කෙනෙකුටම නොවිය හැක, නමුත් ඒවා පොදු වශයෙන් සිදුවිය හැක.

ඔබේ ශරීරය චක්‍ර අනුව ක්‍රියාත්මක වේ.

ඔසප් චක්‍රය සෞඛ්‍යයේ බොහෝ කොටස් සඳහා වැදගත් වේ. සෑම මසකම හෝමෝන: ශක්තිය, නින්ද, මොළයේ ක්‍රියාකාරිත්වය, අස්ථි ශක්තිය, හෘද සෞඛ්‍යය, ආහාර රුචිය හා පරිවෘත්තීය කෙරෙහි විශාල ලෙස බලපෑමක් ඇති කරයි.

ඔසප් වීම නැවැත්වූ විට, මෙම අංගවලට බලපෑම් ඇති විය හැකිය. ඔසප් වීම නිසා කරදරකාරී බවක් දැනෙන්නට පුළුවන්, නමුත් එය ඔබේ ශරීරය සමතුලිතව තබා ගන්නා පද්ධතියක කොටසකි.

ඔසප් චක්‍රය සමඟ ඇති වන ගැටළු තාවකාලික මෙන්ම කළමනාකරණය කළ හැකි වේ. ඔසප් වීම නැවැත්වීමේ දිගුකාලීන බලපෑම් එසේ නොවිය හැකිය.

ඔසප් වීම නැවැත්වීමට පෙර හේතුව තේරුම් ගන්න

ඔසප් වීම ඉතා වේදනාකාරී, අධික හෝ අක්‍රමවත් නම්, එය අවධානය යොමු කළ යුතු ලකුණකි. ඔසප් වීම නැවැත්වීමෙන් රෝග ලක්ෂණ පමණක් සැඟවෙයි. එයින් සැබෑ ගැටළුව විසඳන්නේ නැත.

ඔසප් වීම දුෂ්කර වන්නේ මන්දැයි ඔබ සොයා බැලිය යුතුය. PCOS, එන්ඩොමෙට්‍රියෝසිස්, තයිරොයිඩ් ගැටළු හෝ හෝමෝන අසමතුලිතතාවය වැනි තත්වයන් පිළිබඳව වෛද්‍යවරයෙකුට පරීක්ෂා කළ හැකිය.

ඔබේ චක්‍රය ස්වභාවිකව පවත්වා ගැනීමට බොහෝ ක්‍රම තිබේ:

  • නිතිපතා ව්‍යායාම කිරීම
  • සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගැනීම
  • ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම
  • ආතතිය කළමනාකරණය කර ගැනීමට උත්සාහ කිරීම
  • විවේකය ලබා ගැනීම
  • ඔසප් චක්‍රය නිරීක්ෂණය කිරීම

මෙම ක්‍රම මගින් ඔබේ ස්වාභාවික රිද්මය ගැන දැනගැනීමෙන් ඔසප් වීම පහසු කළ හැකිය.

බරපතල වෛද්‍ය තත්වයක් තිබේ නම් සහ වෛද්‍යවරයෙක් ඔසප් වීම නැවැත්වීමට නිර්දේශ කරන්නේ නම්, එය වෙනස් තත්වයකි.

තීරණය පදනම් විය යුත්තේ සම්පූර්ණ වෛද්‍ය ඉතිහාසය මතයි – පහසුව හෝ ප්‍රවණතා මත නොවේ.