වැනිලා ස්පොන්ජ් කේක් (Vanilla Sponge Cake) එකක් යනු පිටි, බිත්තර, සීනි, බටර් සහ වැනිලා සාරය වැනි මූලික අමුද්‍රව්‍ය වලින් සාදන ලද ඉතා රසවත් සහ මෘදු කේක් එකකි. වැනිලා ස්පොන්ජ් කේක් පැණිරස හා බටර් රසයක් ඇති අතර එය විවිධ අතුරුපස සඳහා ද යොදාගැනේ. මෙම කේක් බොහෝ විට ක්‍රීම්, ජෑම් හෝ ෆ්‍රොස්ටින් වලින් ආලේප කර ඇති අතර උපන් දින, තේ-වේලා සංග්‍රහ හෝ විශේෂ අවස්ථා සඳහා යොදාගැනේ.
අවශ්‍ය ද්‍රව්‍ය:
- බිත්තර සුදු මද – 05
- කිරි – 50ml
- තෙල් – 50ml
- සීනි – 160g
- පාන් පිටි – 160g
- වැනිලා – තේ හැඳි 01
- ලුනු – තේ හැඳි 1/2
- දෙහි යුෂ – තේ හැඳි ½
වැනිලා ස්පොන්ජ් කේක් (Vanilla Sponge Cake) සාදන ක්‍රමය:
බිත්තර සුදු මද ටික කහ මද වලින් වෙන් කර ගන්න.
වෙන් කර ගත්ත බිත්තර සුදු මද ටික ටිකක් වෙලා බීට් කර ගන්න.
දෙහි යුෂ ටික එකතු කරන්න.
සීනි ටික ටික දදා බීට් කරන්න.
බිත්තර තියන බෝල් එක අනිත් පැත්ත හැරව්වහම බීට් කර ගත්ත බිත්තර ටික බිමට වැටෙන්නේ නැතුව බෝල් එකේම ඇලිලා හිටින මට්ටමට එනකන් බීට් කර ගන්න ඕනේ.
මේ බිත්තර ටිකට බිත්තර කහ මද ටික දාලා හෙමිහිට ෆෝල්ඩ් කර ගන්න.
පිටි වලට ලුනු ටික දාලා හොඳට කලවම් කරන්න.
දැන් මේ පිටිත් ටික ටික බිත්තර එකට දාගෙන ෆෝල්ඩ් කර ගන්න.
පිටි ටික හොඳට කලවම් උනාට පස්සේ තෙල් ටිකයි, වැනිලායි, කිරි ටිකයි දා ගන්න.
බේකින් ට්‍රේ එක වටේටම පාර්ච්මන්ට් කොලයක් දා ගන්න. මේ වැනිලා ස්පොන්ජ් කේක් (Vanilla Sponge Cake) එක බේක් වෙනකොට ටිකක් වැඩිපුර පිම්බිලා එනවා. ඒක හින්දා පාර්ච්මන්ට් කොලය බේකින් ට්‍රේ එකට වඩා ටිකක් උසට දා ගන්න.
දැන් මේ කේක් එක 150° C ක උෂ්ණත්වයක විනාඩි 30ක් 40ක් විතර බේක් කර ගන්න.
කේක් නිමෙන්න තියලා රස විදින්න.
තේ, කෝපි හෝ රසවත් අතුරුපසක් ලෙස ඔබේ ගෙදර හැදූ වැනිලා ස්පොන්ජ් කේක් (Vanilla Sponge Cake) රසවිඳින්න!


