ඔබේ දරුවා ආරක්ෂිතද? | කොළඹ විදුහලක බාල වයස්කාර පිරිමි දරුවන් ආරක්ෂක නිලධාරියා විසින් අපයෝජන කිරීමක් ගැන සඳහන් වූ පුවත ඔබ ඇසුවාද?
නොබෝදා විදුහලක සිදුවුනු අදාහගත නොහැකි සිද්ධියක් වන බාල වයස්කාර පිරිමි දරුවන් තිදෙනකු විදුහලේ ආරක්ෂක නිලධාරියා විසින් අපයෝජනය කිරීම කතාබහට ලක්විය යුතු මාතෘකාවක්
හැමෝම ගැහැණු දරුවන් ගැන වඩාත් සැලකිලිමත් වෙනවා. නමුත් මෙවැනි දේ අසන්නට සිදු වෙද්දි අම්මලා තාත්තලා විදියට තමන්ගේ පිරිමි දරුවන් ගැන ගැහැනු දරුවන් ගැන සොයා බලන තරම්ම සොයන්නට අවශ්‍ය බව අපට වටහා ගත හැක.
මේ පිළිබඳව අම්මා කෙනෙක් විදිහට ඔබට කරන්නට හැක්කේ මොනවාද?
දරුවන්ගේ ක්‍රියාකාරකම් ගැන ඔබ දන්නේ මොනවාද?

ඔබේ දරුවා යන්නෙ කොහෙද, එන්නෙ කොහෙද, මොන වගේ මිනිසුන්වද ආශ්‍රය කරන්නේ කියා සොයා බැලීම ඉතා වැදගත්ය. මන්ද දරුවන් මිනිසකු මිත්‍රශීලී බව පෙන්වූ විට ඔවුන් සමඟ කතාබහට යනවා. එවැනි ඔබ නොදන්නාවූ මිනිසුන් සමඟ ඔබේ දරුවාට ආශ්‍රයන් තිබෙනවාද කියා ඔබ දන්නවාද? ඔබේ දරුවන් යන එන ස්ථාන ගැන ඔබ දන්නවාද? මෙවැනි අපයෝජනවලින් ඔබේ දරුවාව ආරක්ෂා කරගැනීමට මේ දේවල් ගැන සොයා බලන්න.
ඔබේ දරුවා බාල දක්ෂක කණ්ඩායමේ සිටිනවාද?

බාල දක්ෂකයන් ලෙස කටයුතු කරන දරුවන් හට විවිධ මිනිසුන් සමඟ ගැටෙන්නට සිදු වෙනවා. ඔවුන්ව විශේෂයෙන් දැනුවත් කරන්නට අවශ්‍යයි. තමන්ගේ ශරීරය ස්පර්ෂ කරන්නට කිසිම කෙනෙකුට අයිතියක් නැති බව දැනුවත් කරන එක වැදගත් වේ. ඔවුන්ගේ ශරීරය යම්කිසි කෙනෙක් ස්පර්ෂ කරන්නට උත්සාහ කළහොත් ශබ්ද නඟා කෑගසන්න කියා උගන්වන්න.
තම දරුවන්ගේ හැසිරීම් ගැන ඔබ අවධානයෙන් සිටිනවාද?

දෙමාපියන් ලෙස තම දරුවන්ගේ හැසිරීම් ගැන හොඳ අවධානයක් යොමු කිරීම වැදගත් වේ. දරුවන්ගේ පොඩි වෙනසක් ඇති වුවද ඔවුන් සමඟ කතා කරන්නට අමතක කරන්නට එපා. අම්මා කෙනෙක් විදියට තම දරුවන්ගේ වෙනස්කම් වටහා ගන්නට ඔබට හොඳ හැකියාවක් ඇත. ඒ හැකියාව ක්‍රියාවට නංවන්න. ඔබේ දරුවා කරන්නාවූ සියලු දේ ගැන ඔබ අම්මා කෙනෙක් ලෙස සැලකිලිමත් විය යුතුයි. මෙලෙස දරුවන් ගැන සොයා බැලීම ඔත්තු බැලීමක් ලෙස සිතන්නට අවශ්‍ය නැහැ. අම්මා කෙනෙක්ට තමන්ගේ දරුවන් ගැන සෙවීමට අයිතියක් ඇත. නමුත් දරුවාගේ නිදහසට බාධාවක් නොවන ලෙස ඔවුන් ගැන සොයා බැලීමට වඟබලාගන්න
ඔබේ දරුවා සමඟ කතාබහ කිරීමට ඔබට වේලාවක් තිබෙනවාද?

එදිනෙදා ඔවුන්ගේ පාසලේදී, පන්තියේදි, යන එන මඟදී සිදූ වූ දේවල් ගැන අසන්න අමතක කරන්න එපා. දවසේ ආරම්භයේදී හෝ දවස අවසානයේ තමන්ගේ දරුවා සමඟ යහපත් සංවාදයක් ගොඩනඟා ගැනීමට උත්සාහ කරන්න. ඔබට දරුවා කියන්නා වූ දේවල්වලට සවන් දෙන්නට ඔබ කාලයක් සොයගන්නට අවශ්‍යයි. වර්තමානයේ බෝහෝ විට දෙමාපියන් තම කර්‍යබහුලත්වය නිසා දරුවන් කියන දේවල්වලට සවන් දෙන්නෙ නෑ. අම්මලා විදියට දරුවන්ට කන් දීම සහ ඔවුන් සමඟ කතා කිරීම ඉතා වැදගත් වේ. දරුවන් කතා කරන විට හොඳ අවබෝධයෙන් අහන් ඉන්නට අවශ්‍යයි. මන්ද ඔවුන් නිකන් දේවල් කතා කරන්නෙ නෑ. යම්කිසි දෙයක් වැදගත් නම් පමණයි ඔවුන් කතා කරන්නේ. එනිසා දරුවන් කතා කරන විට ඉතා උවමනාවෙන් සවන් දෙන්න. ඒවගේම දරුවන් අසන්නාවූ ප්‍රශ්නවලට සැලකිලිමත්ව උත්තර දෙන්න.
ළමා අපචාර බෙහෙවින් සිදුවන මේ අවධියේ ඔබේ දරුවාව ආරක්ෂා කරගැනීමට හැක්කේ ඔබට පමණයි. සැම විටම දරුවන් සමඟ හොඳ සම්බන්ධකමක් පවත්වාගන්න, දරුවන්ව තේරුම් ගන්න, දරුවන්ට ආදරයෙන් සලකන්න මතක තබාගන්න. ඒ වගේම ඔවුන්ගේ ක්‍රියාකාරකම් ගැන, ඔවුන් ආශ්‍රය කරන්නාවූ මිතුරන් ගැන, පුද්ගලයන් ගැන, ඔවුන් යන එන ස්ථාන ගැන, ඔවුන් සමඟ නිතර ගැටෙන මිනිසුන් ගැන, ඔවුන් කතා කරන්නාවූ දේවල් ගැන සොයා බැලීම කළ යුතුය. මන්ද වර්තමාන ලෝකය තුළ දරුවන් අනාරක්ශිතයි. නමුත් මේ දේවල් ගැන සැලකිලිමත් වීමෙන් ඔබේ දරුවාට සිදුවිය හැකි අපයෝජන, අපචාර, අනතුරුවලින් ඔවුන්ව ගලවා ගත හැක.



