සම්බන්ධතාවයක් කියන්නේ ආරක්ෂිතව, සන්සුන්ව, සහ ගෞරවයෙන් පිරී තිබිය යුතු දෙයක්. ආදරය ඔබව සතුටින් තැබිය යුතුය. ආදරය ඔබව විශ්වාස කල යුතුය. නමුත් ආදරය කියලා පෙන්නන පාලනයකට සහ පීඩනයකට ලක් වූ කතාවන් .බොහෝමයක් තියනවා.
බොහෝ දෙනාට possessive boyfriend කෙනෙක් සහ understanding boyfriend කෙනෙක් අතර වෙනස හඳුනාගන්න අමාරුයි. ආරම්භයේදී දෙන්නාම caring වගේ පෙනෙන්න පුළුවන්. නමුත් කාලයත් එක්ක ඒ වෙනස පැහැදිලි වෙයි.
මේ වෙනස හඳුනාගැනීම ඔබේ මානසික සෞඛ්‍යයටත්, සතුටටත් ඉතා වැදගත්.
Possessive Boyfriend කියන්නේ කවුද?
Possessive boyfriend කෙනෙක් ඔබේ ජීවිතය පාලනය කරන්න උත්සාහ කරනවා.
ඔබ කොහෙද යන්නේ, කාත් එක්කද කතා කරන්නේ, මොනවද කරන්නේ කියලා හැමවිටම දැනගන්න Possessive boyfriend කැමතියි.
Possessive Boyfriend ගොඩක් වෙලාවට මෙහෙම කියයි:
“මට ඔයා ගැන බයයි”
“මට ඔයාව නැතිවෙයි කියලා බයයි”
“මම මෙහෙම කරන්නේ ආදරය නිසා”
නමුත් මේ හැසිරීම් ඇති වෙන්නෙ ආදරය නිසා නෙවෙයි බිය සහ insecure නිසා විතරයි.

Possessive Boyfriend කෙනෙකුගේ ලක්ෂණ
Possessive boyfriend කෙනෙක් මෙවැනි හැසිරීම් පෙන්වන්න පුළුවන්:
- Message එකකට ඉක්මනින් reply කරන්න ඕන කියලා බලාපොරොත්තු වීම
- Reply late වුණොත් කේන්තියෙන් හෝ දුකෙන් හැසිරීම
- Online last seen නිතර check කිරීම
- ඔබ තනියම හෝ මිතුරන් එක්ක කාලය ගත කරන එකට අකමැති වීම
- හේතුවක් නැතුව jealous වීම
- ඇඳුම්, social media posts, plans හැමදේම ගැන ප්‍රශ්න කිරීම
- Space ඉල්ලුවාම guilty හිතෙන කතා කියන එක
මේ හැසිරීම් ඔබේ නිදහස අඩු කරනවා.

Boyfriend කෙනෙක් Possessive වෙන්නේ ඇයි?
Possessiveness බොහෝවිට ආදරය නිසා ඇතිවෙන දෙයක් නොවේ, එය ඇතුළත තියෙන ගැටලු වලින් ඇතිවන දෙයක්
හේතු කිහිපයක්:
- තමන් ගැන විශ්වාසය අඩු වීම
- සම්බන්ධතාවය නැතිවෙයි කියන බිය
- කලින් relationship එකක hurt වීම
- Cheat කරයි කියන බිය
- ආදරය කියන්නේ පාලනය කියලා හිතන mindset එක
මේ හේතු explain කරන්න පුළුවන්. නමුත් justify කරන්න බැහැ.
Possessive Relationship එකක් ඔබට දැනෙන්නේ කොහොමද?
Possessive boyfriend කෙනෙක් එක්ක ඉන්නකොට ඔබට මෙවැනි හැඟීම් එන්න පුළුවන්:
- නිතරම බයක්
- පොඩි දේවල් හංඟන්න හිතෙන එක
- එයාට කේන්ති යයි කියලා බයවීම
- තමන් ගැන confidence අඩුවීම
- ආදරයට වඩා trapped වුණා වගේ දැනීම
ආදරය ඔබට බය දැනෙන දෙයක් වෙන්න බෑ.
Understanding Boyfriend කියන්නේ කවුද?
Understanding boyfriend කෙනෙක් ඔබට ගෞරව කරනවා.
එයා ඔබව විශ්වාස කරනවා.
ආදරය කියන්නේ පාලනය කිරීම කියලා එයා හිතන්නේ නැහැ.
ඔබට තමන්ගේ ජීවිතයක්, මිතුරන්, අරමුණු තියෙන්න පුළුවන් කියලා එයා පිළිගන්නවා.
Understanding Boyfriend කෙනෙකුගේ ලක්ෂණ
Understanding boyfriend කෙනෙක් මෙවැනි ගති ගුණ පෙන්වයි:
- ඔබව විශ්වාස කරනවා
- නිතර නිතර ඔයාව check කරන්නේ නැහැ
- ඔබේ යහළුවන්ට සහ පවුලේ අයට ගෞරව කරනවා
- ඔයාගේ career එකට සහ growth එකට support කරනවා
- ප්‍රශ්න තියෙනකොට සාමකාමීව කතා කරලා ඒවා විසඳගන්නවා
- කේන්ති නොවී අහගෙන ඉන්නවා
- ඔබට open වෙලා කතා කරන්න safe කියලා දැනෙනවා
- එයා එක්ක ඉන්නකොට ආදරය කියන්නෙ හරි ලස්සන සන්සුන් දෙයක් කියලා දැනෙනවා.

Possessive Boyfriend vs Understanding Boyfriend
වෙනස හඳුනාගන්න ලේසිම ක්‍රමය තමයි ඔබට දැනෙන හැඟීම්.
Possessive boyfriend කෙනෙක් එක්ක ඉද්දි ඔයාට දැන්නේ ඔයාව හිර වෙලා, එයා කොහොම කරයිද කියලා බයක් විතරයි හැබැයි Understanding boyfriend කෙනෙක් එක්ක ඉද්දි ඔයාට නිදහසක්, ඔයාව විශ්වාස කරන බවක්, ඔයාට ගෞරව කරනවා කියලා ඔයාට දැනෙනවා.
Possessive Boyfriend කෙනෙක් වෙනස් වෙන්න පුළුවන්ද?
වෙනස් වීම වෙන්න පුලුවන් දෙයක් නමුත් ඒක වෙන්නේ ඔහුම තමන්ගේ වැරදි හැසිරීම පිළිගෙන, වෙනස් වෙන්න ඇත්තටම කැමති නම් විතරයි.
ඔයාගෙ නිදහස sacrifice කරලා තව කෙනෙක්ව වෙනස් කරන්න බැහැ.
Boundaries තියාගැනීම වැදගත් වන්නේ ඇයි?
Relationship එකක boundaries අත්‍යවශ්‍යයි.
ඔබ:
- ඔබ ඔබව uncomfortable වන දේ පැහැදිලිව කියන්න
- Space අවශ්‍ය වෙලාවට බය නොවී ඉල්ලන්න
- ඔබේ නිදහස ආරක්ෂා කරගන්න
Possessive boyfriend කෙනෙක්:
කේන්ති ගනී, ඔයාව Guilt කරවයි.
Understanding boyfriend කෙනෙක්:
ඔයාට ඇහුම්කන් දෙයි, ඔයට ගෞරව කරයි.
ආදරය කියන්නේ පාලනය කිරීමක් නෙමෙයි.
Jealousy කියන්නේ ආදරය නෙමෙයි.
Control කිරීම කියන්නේ care කිරීම නෙමෙයි.
මෙයට අමතරව තවත් වැදගත් කරුණක් වන්නේ, relationship එකක් තුළ ඔබට ඔබම වෙලා ඉන්න පුළුවන්ද කියන ප්‍රශ්නයයි. Possessive boyfriend කෙනෙක් එක්ක ඉන්නකොට බොහෝ විට ඔබ හිතන්න පටන් ගන්නවා “මෙහෙම කලොත් එයා upset වෙයිද?”, “මන් මේක කියලා එයාට කේන්ති යයිද?” කියලා. ඒකෙන් ඔබේ හැසිරීම හෙමින් හෙමින් වෙනස් වෙනවා. ඔබට අවශ්‍ය දේවල් පස්සට දාගෙන, එයාව සතුටු කරන එක තමයි ඔබේ මුල්ම ප්‍රමුඛතාවය වෙන්නේ. නමුත් understanding boyfriend කෙනෙක් එක්ක එහෙම වෙන්නේ නැහැ. ඔහු ඔබට freely හිතන්න, freely කතා කරන්න, freely තීරණ ගන්න ඉඩ දෙනවා.
සත්‍ය ආදරය ඇතුලේ විශ්වාසය, ගෞරව කිරීම තියෙනවා. සත්‍ය ආදරය සන්සුන්ව ඔයාව බලාගනී.
ඔයාගෙ relationship එක නිසා ඔයාට පීඩනයක් දැනෙනවා නම් ඔයා එතන තවදුරටත් ඉන්න ඕන නෑ.

ඔබට හොඳ දේ තෝරගන්න
ඔබට ආරක්ෂිතව, සතුටින් ඉන්න පුළුවන් relationship එකකට ඇතුලු වෙන්න.
ඔයා දැන් ඉන්න relationship එක stressful, controlling, painful එකක් නම් — ඒක warning එකක්.
කෙනෙක්ව සතුටින් තියන්න ඔබ ඔබව අහිමි කරගන්න ඕන නැහැ.



