





Subscribe to Liya.lk Newsletter
Next To The Breast, Liya.lk Newsletter's The Best.
Popular Categories of Liya.lk
liya.lk
Recent Posts of LIya.lk
ඔබ මුල්‍යම වශයෙන් සුරක්ෂිතද?
අප ජීවත් වන්නේ ආර්ථික වශයෙන් අභියෝගාත්මක මෙන්ම නිරන්තරයෙන් වෙනස් වන පරිසරයකය. අනාගතය සඳහා සැලසුම් කිරීම සෑම කෙනෙකුටම අත්‍යවශය කරුණක් වන අතර එය ඔබ කලින්ම ආරම්භ කලවිට දිගු කාලීන ප්‍රතිලාභ සමගින් සිතේ සැනසුම උදා කරගත හැකිවනු ඇත. මුල්‍යමය වශයෙන් සුරක්ෂිතවීම ආරම්භ කලයුත්තේ ඔබගේ විශ්‍රාම දිවිය සැලසුම් කිරීම තුලින් බව මතක තබා ගත යුතුවේ. ශ්‍රී ලංකාවේ ජනගහනය වයසට යමින් පවතින බව හඳුනාගෙන ඇත, එබැවින් ඔබ විශ්‍රාම සමය සැලසුම් කිරීම ප්‍රමාද නොකළ යුතුය. විශ්‍රාම දිවියට එළඹීම අප සිතා ගැනීමට පෙර සිදුවිය හැකිය . ඒ සඳහා වැදගත්ම පියවර වනුයේ ඔබ ක්‍රියාශීලීව රැකියාවේ යෙදී සිටින විටම ඒ සඳහා ආයෝජනය කිරීමයි. මුල්‍යම වශයෙන් සුරක්ෂිත පුද්ගලයන් විශ්‍රාම දිවියට අවශ්‍ය මුල්‍ය ස්ථාවරත්වය සහ ආරක්ෂාව පිළිබඳව හොඳින් අවබෝධ කරගෙන ඒ සඳහා අවශ්‍ය නිවැරදි පියවර ගනිති. ඒ අනුව ඔවුන් අවශ්‍ය කාලයට ඉහළ ප්‍රතිලාභ ලැබෙන වඩාත් සුරක්ෂිත විශ්‍රාම සැලැසුම් සඳහා ආයෝජනය කර එකඟ වූ කාල සීමාව දක්වාම එය පවත්වා ගෙන යනු ලබයි. මෙලස විශ්‍රාම දිවිය සැලසුම් කිරීම තුලින්, සංචාරය කිරීම, විනෝදාංශවල යෙදීම වැනි විශ්‍රාම දිවියට වටිනාකමක් එක් කරන ක්‍රියාවල නිරත වෙමින් ඔබගේ සැඳෑ සමය විවේකයෙන් මෙන්ම මානසික සුවයෙන් යුතුව ගත කිරීමට හැකිවනු ඇත. ඔබ තවමත් මුල්‍යම වශයෙන් සුරක්ෂිත විශ්‍රාම දිවියක් සැලසුම් කිරීම පිළිබඳව සිතා නොමැති නම්, ඔබට ඒ සඳහා දැන්ම යොමු විය හැකිය. ඔබ ඒ සඳහා තවමත් ප්‍රමාද නොමැති බව තේරුම් ගෙන විශ්‍රාම ගැනීමේ වයසට ආසන්න වන විට ආයෝජන ගැන සිතමින් ආතතියට පත් නොවී අවශ්‍ය පියවර ඉක්මනින් ගැනීම වඩා වැදගත්වේ. ඔබගේ විශ්‍රාම දිවිය මුල්‍ය ස්ථාවරත්වයකින් සුරක්ෂිත කර ගැනීම සඳහා ඔබට අනුගමනය කල හැකි පියවර කිහිපයක්- වඩා සුරක්ෂිත විශ්‍රාම දිවියක් සැලසුම් කිරීමේදී මූල්‍යමය වශයෙන් ඔබ කෙතරම් සුරක්ෂිතද යන්න අවබෝධ කර ගැනීමට ඔබගේ වර්තමාන මුල්‍ය තත්ත්වය පිළිබඳව සමාලෝචනය කරන්න. මුල්‍යමය වශයෙන් සුරක්ෂිත විශ්‍රාම ක්‍රියාවලියක් ලබාදෙන මුල්‍ය සැලැස්මක් තෝරා ගන්න. සීග්‍රයෙන් වෙනස් විය හැකි ආර්ථික අභියෝග සහ ඉතුරුම්වලට ඉඩ නොමැතිව ගිලිහෙන ආදායම් පිළිබඳව දැනුවත් වන්න. විශ්‍රාම සමය සඳහා අවශ්‍ය ආයෝජනය කළමනාකරණය කිරීමට වෘත්තිමය සහාය ලබා ගන්න. විශ්‍රාමය සඳහා සැලසුම් කිරීම පමා නොකළ යුතුයි. සමහරෙක් එලෙස කල්තියා සැලසුම් කරන්නේ නැති අතර විශ්‍රාම යනතෙක්ම ඒ සඳහා අවධානය යොමු නොකරයි. අපි වයසට යනවිට ඉපැයීමට තිබෙන හැකියාව අවම වෙනවා. එමනිසා විශ්‍රාමය හොදින් සැලසුම් […]
පියයුරු පිළිකා ගැන දැනගත යුතු දේ
පියයුරු පිළිකා යනු කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන රෝගයකි රෝග ලක්ෂණ පියයුරු පිළිකාවේ පළමු රෝග ලක්ෂණය වන්නේ සාමාන්‍යයෙන් පියයුරුවල ඝන වූ පටක ප්‍රදේශයක් හෝ පියයුරුවල ගැටිත්තක් හෝ කිහිල්ලේ තිබීමයි. දොඩම්…
නින්ද නොයාම රෝගයක්
නින්ද නොයාම යනු මබොහෝ මිනිසුන්ට බලපාන පොදු ආබාධයකි. බොහෝ විට මෙම තත්වය නිදාගැනීමේ අපහසුව, වේලාසනින් අවදි වීම (සහ නැවත නිදා ගැනීමට නොහැකි වීම ආදී ලෙස හදුනා ගත හැක .මීට අමතරව,…
අලුත් අවුරුද්ද අලුත් විදියට සැලසුම් කරමු ?
ඔබේ ජීවිතයට විශාල වෙනසක් ඇති කරන අලුත් අවුරුද්ද සැලසුම් කරන්නේ කෙසේද යන්න පිළිබඳ යෝජනා කිහිපයක් ලිය සමග සැලසුම් කරමු. මෙම අලුත් අවුරුදු සැලසුම් මගින් ඔබට ඉදිරි මාසවලින් උපරිම ප්‍රයෝජන ගැනීමට…
ලිය (Liya.lk)Podcast කාමරේ
liya.lk




