තරුණ තරුණියන් අතර ඔසප් දරිද්‍රතාවය (menstrual poverty) ජය ගැනීම සඳහා දැනුවත්භාවය අත්‍යවශ්‍යයි – පිළියන්දල සර් ජෝන් කොතලාවල මහා විද්‍යාලයේ ගුරුවරියක් වන බුද්ධිමති හෙට්ටිආරච්චි මහත්මිය
පාසල්වල ඔසප් දරිද්‍රතාවය (menstrual poverty) ජය ගැනීම සඳහා ආරම්භ කරන ලද මුලපිරීම් කිහිපයකට සම්බන්ධ වූ ගුරු මහත්මියක් ලෙස, මේ සදහා දැනුවත්භාවය සහ අධ්‍යාපනය අත්‍යවශ්‍ය බව පිළියන්දල සර් ජෝන් කොතලාවල මහා විද්‍යාලයේ ගුරුවරියක් වන බුද්ධිමති හෙට්ටිආරච්චි මහත්මිය පවසයි.
තරුණ සිසුන්ගේ ලෝකය දකින ආකාරය හැඩගැස්වීමේදී පුළුල් ලෙස කටයුතු කර ඇති ඇය පවසන්නේ මිනිස් සිරුර ක්‍රියා කාරකම් සහ ඔසප් වීම පිළිබඳව ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට අවබෝධයක් නොමැති බවයි. මෙම ක්‍රියාවලීන් පිළිබඳව තම දියණියන් යාවත්කාලීන කිරීමට මව්වරුන්ට පවා ප්‍රමාණවත් දැනුවත්භාවයක් නොමැත – එබැවින්, එය ප්‍රජාව අතර සමාජ අපකීර්තිය සහ නොදැනුවත්කම ඇති කර ඇති නොසලකා හරින ලද විෂයක් වී ඇත .
ඔසප් දරිද්‍රතාවය (menstrual poverty) අවම කර ගැනීමේ වැදගත්කම දරුවන්ට පහදා දීමට අවශ්‍ය වැඩසටහන් රැසක් සැලසුම් කරමින් තිබෙන බව ඇය පවසයි. මෙම මුලපිරීම් තවදුරටත් ඉදිරියට ගෙන යාමට බොහෝ දේ කළ යුතුව තිබේ. ශ්‍රී ලංකාව පුරා පාසල් සහ ප්‍රජාවන් අතර ඔසප් දරිද්‍රතාවය (menstrual poverty) පිලිබදව දැනුවත් කිරීම් ඉතා සාර්ථකව FEMS Sri Lanka සහ ඇ පදනම විසින් දියත් කර ඇත.
“ආර්ථික වශයෙන් අභියෝගවලට මුහුණ දෙන ප්‍රජාවන් අතර, ගුරුවරුන් ලෙස අපට පෙනී යන්නේ පාසල් යන වියේ ගැහැණු ළමයින්ට ඔසප් වීම සිදුවන දිනවල පාසල් පැමිණීම මඟ හැරීම අභියෝගාත්මක ගැටලුවක් බවයි. එය මෙම ප්‍රජාවන් අතර මානසිකව ද පීඩාවක් ඇති කරන එකකි. එය තරුණ ගැහැණු ළමයින්ගේ මානසික යහපැවැත්මට බාධා කරන අතර එය ඔසප් වීම යම් ආකාරයක රෝගයක් බව ඔවුන්ට හැඟවීමට සලස්වයි.”
“ගුරුවරුන් ලෙස අපි තරුණ ගැහැණු ළමයින්ට මෙම කාලය තුළ නිසි සනීපාරක්ෂක ක්‍රියා පටිපාටි අනුගමනය කිරීමේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම දිගටම කරගෙන යා යුතුය . එය ඔවුන්ගේ ශරීර සමඟ සම්බන්ධ වීමට සහ මිනිස් කාන්තා ශරීරය සිදු කරන සාමාන්‍ය ක්‍රියාවලියක් තේරුම් ගැනීමට ද හැකියාව ලබා දෙයි.” ඇය පවසයි.
එවැනි දැනුවත්භාවයක් ඇති වූ විට, තරුණ ගැහැණු ළමයින්ට තම අධ්‍යයන කටයුතු ඵලදායී ලෙස කළමනාකරණය කිරීමට පහසු වන අතරම ඔසප් වීම ශරීරයේ සාමාන්‍ය, එදිනෙදා කාර්යයක් ලෙස තේරුම් ගන්නා බව ඇය පෙන්වා දෙයි.
හෙට්ටිආරච්චි මහත්මිය නැවත අවධාරණය කරන්නේ සිසුන් යාවත්කාලීන වන අතරම, මව්වරුන් යාවත්කාලීන කිරීම ද සුදුසු බවයි; “විශේෂයෙන් වයස අවුරුදු 10-14 අතර තරුණ ගැහැණු ළමයින් ඔසප් වීම ආරම්භ වන විට සනීපාරක්ෂාව සහ ශාරීරික යහපැවැත්මේ අවශ්‍යතාවය පිලිබදව තේරුම් ගැනීම වැදගත් වේ ”
හෙට්ටිආරච්චි මහත්මිය වසර ගණනවක් පුරා සිසුන් සමග සමීපව කටයුතු කල ගුරුවරියක් වේ. ඔසප් දරිද්‍රතාවය (menstrual poverty) ජය ගැනීම පිළිබඳ වැඩ සටහන් රැසකට දායකත්වය ලබා දුන් ඇය අවසන් වසයෙන් පවසා සිටින්නේ ඔසප් වීමේදී තරුණ ගැහැණු ළමයින් මුහුණ දෙන මානසික හා ශාරීරික අභියෝග තේරුම් ගැනීම සහ ඒවාට නිසි ප්‍රතිචාර දැක්වීම ඉතා වැදගත් බවයි. මිට අමතරව ශ්‍රී ලංකාවේ පාසල් දරුවන්ට මනෝ උපදේශනය ලබා දීමේ වටිනාකම අවබෝධ කර ගැනීම ද මෙයට ඇතුලත් වේ .


