One-sided love එකේ දී කරන මෝඩ දේවල් (ඔයත් මේවා කරලා තියෙනවද?)

මම | A young South Asian woman stands by a rain-streaked window, a tear on her cheek as she looks at her reflection, while a happy couple walks outside under a red umbrella, symbolising one-sided love and emotional longing.

One-sided love කියන්නේ ඉතා නිහතමානීව, හිමින් හිමින් ජීවිතයට ඇතුළු වෙන දෙයක්.

ඒ ආදරය ඔබට කියන්නේ,
ඉවසීම කියන්නේ ආදරය කියලා.
තමන්ව අත්හැරීම කියන්නේ කැපවීම කියලා.

එහෙම හිමින් හිමින්, ඔබේ සම්පූර්ණ හැඟීම්, ඔබේ ලෝකය, ඔබ ගැන කවදාවත් හිතුවෙ නැති කෙනෙක් වටා ගොඩනැගෙයි.

මේක කෙනෙකුට වරද පටවන කතාවක් නෙමෙයි.
මේක අවබෝධ කරගන්න ඕන කතාවක්.
බොහෝ දෙනා කවදාවත් කතා කරන්නේ නැති සත්‍යයක්.

මේ මම One-sided love එකේ දී කරපු දේවල්.
මං මේ දේවල් කලේ දුර්වල නිසා නෙමෙයි.
සීමා නැතුව මම එයාට ආදරේ කරපු නිසා.

එයාගෙන් Message එකක් එනකන් නිතරම බලන් ඉන්න එක

මගේ දවස ආරම්භ වුණේ අරමුණක් එක්ක නෙමෙයි. බලාපොරොත්තුවක් එක්ක.

Notification sound එකක් ආව හැම වෙලාවකම හදවත ගැස්සුනා.
Reply එකක් නැති හැම මිනිත්තුවක්ම හිතට ලොකු බරක් වුණා.

මට වැඩ තිබුණා. වගකීම් තිබුණා. මං වටා මිනිස්සු හිටියා.

ඒත් එයාගෙන් එන එක message එකක් තරම්, ඒ කිසිදෙයක් වැදගත් වුණේ නෑ.

Message එකක් ආවොත් — දවස හොඳයි.
Message එකක් නැත්නම් — දවසම හිස් වගේ.

මම මටම කිව්වා
“මම busy, ඒත් එයාට available” කියලා.

ඒත් ඇත්තටම උනේ මම ජීවිතේ pause කරගෙන එයා වෙනුවෙන් බලන් හිටිය එක විතරයි.

ඒකපාර්ශවික ආදරය ඔබට අනිත් කෙනාගේ අවධානය හම්බ වෙනකන් ඔයාගෙ ජීවිතේ අත්හැරලා, බලන් ඉන්න උගන්වනවා.

මගේ අවධානය නැති වුනා.
මගේ ශක්තිය අඩු වුණා.

ලොකුම වේදනාව නම් — එයාට මං ආදරෙයි කියලා කිසිම අදහසක්වත් තිබුණේ නෑ.

මට කොච්චර වැඩ තිබුණත් එයාට උදව් කරන එක

එයාට උදව්වක් ඕනේ වෙලාවට, මම හැමදේම නවත්තුවා.

Deadline වැදගත් වුනේ නෑ මට. මගේ අරමුණු පස්සට ගියා.

මම හිතුවේ ආදරය කියන්නේ හැම වෙලාවෙම available වෙන එක කියලා.

එයාට උදව් කරන එකෙන් මම එයාට ලඟයි කියලා දැනුණා.
මට එයා ලඟ වටිනාකමක් තියෙනවා කියලා දැනුණා.

නමුත් ඇත්තටම මම කරලා තියෙන්නේ,
මගේ කාලය එයාගේ කාලය වගේ වැදගත් නෑ කියලා මටම කියන එකයි.

මගේ වර්ධනය
මාව තාවකාලිකව නවත්තපු කෙනෙක් වෙනුවෙන් පස්සට දැම්මා.

එකපාර්ශවික ආදරේදි,
උදව් කරන එක මුදල් වගේ වෙනවා.

ඔබ දෙනවා, දෙනවා, දෙනවා — ආදරය වෙනුවෙන්.

නමුත් ආදරය ගනුදෙනුවක් නෙමෙයි.
අවසානයේ ඉතිරි වෙන්නේ දුක විතරයි.

හැම ගැටළුවක්ම මම විසඳන්න උත්සාහ කරන එක

මොකක් හරි argument එකක් වුණාම, ඒක විසඳන වගකීම මගේ වෙලා.

මට වේදනාව දැනුනත්, මම පැහැදිලි කරන්න උත්සාහ කළා.

මගේ කිසි වැරැද්දක් නැති වෙලාවෙදිත්, මම සමාව ගත්තා.

කතා කරන්න කලින් දහ සැරයක් විතර හිතලා, හොඳ වචන, මෘදු හඬ, තවත් පැහැදිලි කිරීම් හොයලා, මම හිතුවා සන්නිවේදනයෙන් හැමදේම විසඳන්න පුළුවන් කියලා.

නමුත් පස්සේ තේරුණා:

සම්බන්ධයක දී දෙදෙනාම සමානව care කරන්නෙ නැත්නම්, ඔබට තනිවම ප්‍රශ්නයක් විසඳන්න බැහැ.

එකපාර්ශවික ආදරය ඔබව මධ්‍යස්ථයෙකු කරයි, ඔබව හැඟීම් පරිවර්තකයෙකු කරයි.

ඔබ පැහැදිලි කිරීමක් වෙනුවෙන් සටන් කරනවා.
නමුත් අනිත් කෙනා අවුල්වෙලා හිටියත් ඔබ ගැන සැලකිල්ලක් දක්වන්නේ නෑ.

ඉතින් ඔබ, සම්බන්ධය රැකගන්න ඔබේම වේදනාව ගිලගන්න ඉගෙන ගන්නවා.

විශ්වාසය පෙන්වන්න වෙනත් පිරිමි යහළුවන්ව අත්හැරීම

මම පිරිමි යහළුවන්වට කතා කරන එක නවත්තුවා.

අපි සම්බන්ධයක් තිබුණ නිසා නෙමෙයි. එයාට මම විශ්වාසවන්තයි, මම වෙනස්, මම serious කියලා පෙන්වන්න ඕන වුනා.

මම හිතුවා මගේ ලෝකය එයාට සීමා කළොත්, එයා මාව තෝරගනී කියලා.

නමුත් සත්‍යය පැහැදිලියි:

මම සම්බන්ධයක හිටිය වගේ ජීවත් වුණා. ඒත් එයාට මාව තෝරාගැනීමක් විතරක් වුනා.

ඒකපාර්ශවික ආදරය, ආදරයක් නැති වුනත් විශ්වාසවන්ත ඉන්න practice කරන්න උගන්වනවා.

ඒකපාර්ශවික ආදරයේ දී ඔබ ඔබේ ජීවිතේ දොරවල් වහනවා. හැබැයි ඇත්ත කතාව අනිත් කෙනා ඔයාගෙන් එහෙම කරන්න කියලා ඉල්ලලා නෑ.

එයාට “විශේෂ කෙනෙක්ට” වගේ සැලකීම

එයාව හැමෝටම වඩා වැදගත් වුණා.
මගේ පවුලට වඩා, මගේ හොඳම මිතුරන්ට වඩා, විවේකයට වඩා, කොටින්ම කිව්වොත් මටම වඩා මට එයාව වැදගත් වුනා.

එයාගෙ ප්‍රශ්න මම හොඳින් අහලා.
එයා ගැන පොඩි පොඩි දේවල් පවා මතක තියාගත්තා.
හැම වෙලාවෙම emotionally එයා වෙනුවෙන් available වුණා.

නමුත් ඒකපාර්ශවිකව දෙන විශේෂ සැලකිල්ල, කාලයත් එක්ක emotional labour එකක් බවට පත් වෙනවා.

දෙදෙනාම ආදරේ කළොත්, උත්සාහය බෙදාගන්න පුළුවන්.
නමුත් ආදරය එකපාර්ශවික නම්, ඒ උත්සාහය පවා බරක්.

අගෞරවයට පත් වුනත් නොසලකා හැරීම

මේක තමයි නිහතමානීම හානිය. Sarcasm, Reply පරක්කු වෙන එක, මාව පහත් කරලා දමන වෙලාවල් මේ හැමදේකදිම මම මටම කිව්වා,
“මම හිතනවා වැඩී” කියලා.

වේදනාවක් දුන්න හැසිරීම් excuse කළා. ඒක ප්‍රශ්නයක් කරන එක, සම්බන්ධය අවදානම් කරනව කියලා හිතුනා.

එයාව නැති වෙන එක, මගේ ආත්ම ගෞරවය නැති වෙන එකට වඩා බය වුණා.

ඒකපාර්ශවික ආදරය ඔබේ ප්‍රතිපත්ති මට්ටම් හිමින් හිමින් අඩු කරනවා.

ගෞරවය අත්හැරලා, එයාට ලඟා වෙන්න තෝරගන්නවා.

ඒක පිළිගන්න පිළිගන්න, අගෞරවය නැවත නැවත සිද්ධ වෙනවා.

මාස ගණනක් දුක ඇතුලේ නාස්ති වීම

මාස ගානක්, සතුටත් නැතුව අතරමං වෙලා හිටියා.

“සමහරවිට කවදාහරි වෙයි” කියන සිතුවිල්ලෙන් පිරි දවස්.

ඔබ එකම කාමරයක ඉන්නවා, නමුත් පිටවෙන්න බයයි — මොකද ගොඩක් කල් බලාගෙන හිටිය නිසා.

කාලය ගතවෙන්නේ නෑ. කාලය දියවෙනවා.

පස්සේ එන හරිම දුකදෙන සත්‍යය:

ඔබ ආදරය ලැබෙනකන් බලාගෙන හිටියේ නෑ. ඔබ පැහැදිලි කිරීමක් ලැබෙනකන් බලාගෙන හිටියා — ඒත් ඒක කවදාවත් ලැබුනෙ නෑ.

One-sided love එකක දී කල් ගත වෙලා තේරුම් යන වෙන පාඩම

ඒකපාරශවික ආදරය ඔබව නැති කරන්නේ නෑ. නමුත් සීමා නැතුව එතැන රැඳී හිටියොත්, ඔබ හිමින් හිමින් හිස් වෙනවා.

ආදරය කියන්නේ තමන්ව අත්හැරීමක් නෙමෙයි.
සැලකිල්ල කියන්නේ නිහතමානීව ඉන්න කියන ඉල්ලීමක් නෙමෙයි.
ආදරය කියන්නේ ඉල්ල ගන්න ඕන දෙයක් නෙමෙයි.

මේක මතක තියාගන්න:

ඔබ වැඩියෙන් ආදරය කළේ නෑ.
ඔබට ලැබුණේ නැති ආදරයක් දුන්නා.

තවත් කෙනෙක් ඔබව තෝරගන්න බලාගෙන ඉන්න එක නවත්තන මොහොතේ, ඔබ ඔබවම තෝරගන්න පටන් ගන්නවා.