ස්වභාවික ආහාර | වයසට යාම කියන්නේ අපිට නතර කරගන්න පුලුවන් දෙයක් නෙමෙයි. ඒක ස්වභාවික ක්‍රියාවලියක්. නමුත් වයසට යන අතරම අපේ පෙනුම, සමේ තරුණබව, කෙස් කළඹේ සෞඛ්‍යය සහ සමස්ත ශරීර ශක්තිය රැකගන්න අපිට පුලුවන්. ඒකට අවශ්‍ය වන්නේ අධික වියදම් කරන රූපලාවණ්‍ය සත්කාර නෙමෙයි. අපි දිනපතා ගන්න ආහාර වලින්ම වයසට යාමේ ලක්ෂණ ප්‍රමාද කරගන්න පුලුවන්.
සෞඛ්‍ය ගැනත්, පිරිසිදුකම ගැනත්, නිසි ආහාර පුරුදු ගැනත් අවධානය යොමු කරන පුද්ගලයෙකුට වයස වැඩි වුනත් තරුණ පෙනුම රැකගෙන ලස්සනට ජීවත් වෙන්න හැකියාව තියෙනවා. මේ ලිපියෙන් ඔබට කියන්නේ ඔබේ තරුණබව රැකදෙන, ශරීරය ඇතුළතින්ම සෞඛ්‍යවත් කරන ස්වභාවික ආහාර වර්ග ගැනයි.
දෙළුම්

දෙළුම් කියන්නේ ඉතාමත් සෞඛ්‍ය සම්පන්න පළතුරක්. එහි අඩංගු ප්‍රතිඔක්සිකාරක (antioxidants) ඉතා ඉහළ ක්‍රියාකාරිත්වයක් දක්වනවා. මේ ප්‍රතිඔක්සිකාරක ශරීරයේ නිදහස් රැඩිකල් වලින් සිදුවන සෛල හානිය අවම කරලා වයස්ගත වීමේ ක්‍රියාවලිය ප්‍රමාද කරයි. දෙළුම් ආහාරයට ගැනීමෙන් රුධිරයේ අධික සීනි මට්ටම නිසා ඇතිවන හානිය අවම කරගන්නත්, මහ බඩවැලේ පිළිකා වැනි රෝග වල ප්‍රතිකාරවල ප්‍රතිඵල වැඩි දියුණු කිරීමටත් උපකාරී වේ. සම පැහැපත් කරමින්, සමේ සෛල නවීකරණයටද දෙළුම් දායක වෙනවා.
අලිගැටපේර

අලිගැටපේර කියන්නේ හෘදයට හිතකර මේදය, තන්තු, විටමින් E, විටමින් C සහ පොටෑසියම් වැනි ශරීරයට අත්‍යවශ්‍ය පෝෂක වලින් පිරි පලතුරක්. මේ පලතුර සම හිරු කිරණවලින් ආරක්ෂා කරන අතර, හානියට පත් DNA අළුත්වැඩියා කිරීමටත් උපකාරී වෙනවා. සම වියපත් වීම ප්‍රමාද කරමින්, සම මෘදු හා සජලනය තබා ගැනීමට අලිගැටපේර ඉතා ප්‍රයෝජනවත්. ඒ නිසාම බොහෝ රූපලාවණ්‍ය සත්කාර වලටත් අලිගැටපේර භාවිතා කරනු ලබනවා.
කුළුබඩු

කුළුබඩු කියන්නේ ආහාරයට රසය විතරක් එක් කරන දෙයක් නෙමෙයි. ඒවා තුළ සෞඛ්‍යයට හිතකර ශාක සංයෝග බහුලව අඩංගුයි. කුරුඳු කොලජන් නිෂ්පාදනය වැඩි කරන බව පර්යේෂණ මගින් පෙන්වා දී තිබෙනවා. මිරිස් සහ ගම්මිරිස් වල අඩංගු කැප්සායිසින් (capsaicin) වයසට යාමේදී සමේ සෛලවල සිදුවන වෙනස්කම් අඩු කිරීමට උපකාරී වේ. ඉඟුරු වල අඩංගු ජින්ජරෝල් (gingerol) නම් සංයෝගයට ප්‍රති ප්‍රදාහ ගුණ තිබෙන අතර, හිරු එළියට නිරාවරණය වීමෙන් ඇතිවන සමේ ලප වළක්වා ගැනීමටද උපකාරී වෙනවා.
නැවුම් එළවලු

නැවුම් එළවළු කියන්නේ තරුණබව රැකදෙන ස්වභාවික ආහාර අතරින් ඉහළම ස්ථානයක් ගන්නවා. ඒවායේ කැලරි අඩු වීමත්, පෝෂක බහුල වීමත් විශේෂයි. හෘද රෝග, ඇසේ සුද, සහ පිළිකා වැනි රෝග ඇතිවීමේ අවදානම අඩු කරන ප්‍රතිඔක්සිකාරක බොහෝ එළවළු වල අඩංගුයි. කැරට්, වට්ටක්කා, බතල වැනි එළවළු වල බීටා කැරොටින් බහුලව තිබෙන අතර, එය සමේ සෛල ආරක්ෂා කරයි. විටමින් C බහුල කොළ බෙල් පෙපර්, තක්කාලි, මල් ගෝවා, සාරණ, කතුරු මුරුංගා සහ මුකුණුවැන්න වැනි එළවළු සමේ කොලජන් නිෂ්පාදනයට වැදගත් වේ.
මේද සහිත මාලු

මේද සහිත මාළු වල ඇති ඔමේගා-3 මේද අම්ල හෘද රෝග, දැවිල්ල සහ ආන්ත්‍රික රෝග වලට එරෙහිව සටන් කරයි. සැමන් මාළු වල ඇති astaxanthin නම් ප්‍රතිඔක්සිකාරකය සමේ නම්‍යතාවය සහ සජලනය වැඩි කරමින්, රැලි වැටීම ප්‍රමාද කරයි. කෙලවල්ලා, බලයා, අලගොඩුවා, ඇටවල්ලා වැනි මාළු ශ්‍රී ලංකාවේ පහසුවෙන්ම ලබාගත හැකි සෞඛ්‍ය සම්පන්න මාළු වර්ග වේ.
ඔලිව් තෙල්

ඔලිව් තෙල් වයස්ගත වීමත් සමඟ ඇතිවන බොහෝ රෝග වලින් ආරක්ෂා කරන බව පර්යේෂණ මගින් සනාථ කරලා තියෙනවා. එය රුධිර පීඩනය අඩු කරමින්, හෘදයාබාධ අවදානම අඩු කරනවා. ප්‍රති ප්‍රදාහ ගුණ ඇති ඔලිව් තෙල් හිරු එළියෙන් සමට සිදුවන හානි අවම කරයි. ආහාරයටත්, සම සත්කාර වලටත් ඔලිව් තෙල් භාවිතා කිරීම ඉතා ප්‍රයෝජනවත්.
තක්කාලි සහ ආමන්ඩ්


තක්කාලි සහ ආමන්ඩ් ද තරුණබව රැකගැනීමට වැදගත් ආහාර වේ. තක්කාලි වල ඇති ලයිකොපීන් (lycopene) හිරු එළියෙන් සමට සිදුවන හානි අවම කරන අතර, ආමන්ඩ් වල ඇති විටමින් E සම සහ කෙස් කළඹ නීරෝගීව තබා ගන්නට උපකාරී වේ.
ඔබේ දෛනික ආහාරයට මේ ස්වභාවික ආහාර වර්ග එකතු කරගත්තොත්, ප්‍රමාණවත් ජලය පානය කරමින්, නිතර ව්‍යායාම කරමින්, පිරිසිදුව ජීවත් වෙන්නේ නම්, වයස කුමක් වුවත් ඔබට තරුණ පෙනුමත් සෞඛ්‍යවත් ශරීරයක්ත් දිගු කාලයක් රැකගන්න පුලුවන්.
මෙයට අමතරව, ඔබේ දෛනික ජීවන රටාවත් තරුණබව රැකගැනීමේදී ඉතා වැදගත් භූමිකාවක් ඉටු කරනවා. හොඳ නින්දක් ලැබීම, මානසික ආතතිය පාලනය කරගැනීම සහ අධික සීනි, අධික තෙල් සහිත සකසන ලද ආහාර වලින් හැකි තරම් දුරස් වීමත් අත්‍යවශ්‍යයි. මනස සන්සුන්ව තබාගැනීමත් සමට සහ ශරීරයට සෘජු ලෙස බලපාන නිසා, යෝගා, භාවනා හෝ ඔබ කැමති සරල විවේක ක්‍රමයක් දෛනික ජීවිතයට එක් කරගන්න එකත් හොඳ අදහසක්. සමට පිටතින් කරන සත්කාර වලට වඩා, ඇතුළතින් සෞඛ්‍යවත් වීමයි දිගු කාලීන තරුණ පෙනුමට මූලික කරුණ. ඒ නිසා ඔබ ගන්නා ආහාර ගැන සැලකිලිමත් වීම, සරල නමුත් පෝෂ්‍යදායී ආහාර රටාවක් පවත්වාගෙන යාම, ඔබට වයසට යාම නවත්තන්න බැරි වුණත්, වයස ඔබේ පෙනුමට බලපාන හැටි අඩු කරගන්න උපකාරී වේ.



