මවක් ලෙස තම වෘත්තීය සහ ගෙදර වැඩ සමබර කරගන්නේ කෙසේද?

parents tend to use in raising children.

මවක් වීම යනු සතුටු මෙන්ම, නව වගකීම් සමූහයක් ගෙන එන සුන්දර හා විවිධ පරිවර්තන වලට මුහුණදෙන ගමනකි. කෙසේ වෙතත්, බොහෝ කාන්තාවන්ට, සාර්ථක වෘත්තියක් සමඟ මවක් ලෙස තම කාර්යයන් සමබර කිරීම අදවනවිට අභියෝගයක් බවට පත්ව ඇත. මවකගේ කාර්යබහුල ජීවිතය Balance කර ගැනීමට අවශ්‍ය කරුණු ඔබට ලබා ගත හැකිය.

අභියෝග:

රැකියා කරන මව්වරුන් මුහුණ දෙන මූලික අභියෝගයක් වන්නේ තම දරුවන්ගේ අවශ්‍යතා සපුරාලන අතරම වෘත්තීය වගකීම් කළමනාකරණය කිරීමේ අපහසුතාවයි. රැකියාවේ ඉල්ලීම්, මෙන්ම තම දරුවන් වෙනුවෙන් පෙනී සිටීමට ඇති වගකීම් සමඟ පීඩාකාරී හැඟීමක් සහ ආතතියක් මවකට ඇති විය හැකිය. ප්‍රමාණවත් නිවාඩු ප්‍රතිපත්ති රැකියා ස්ථානයේ නොමැතිකම හේතුවෙන් දරුවන් මවගෙන් ගිලිහෙමින් පවතී එය මවකට විශාල අභියෝගයකි.

රැකියා ස්ථානය මෙන්ම ගෙදර සමබර කර ගන්නේ කොහොමද?

ඔබ මුලිකත්වය දියයුතු දේ ගැන අවධානය යොමු කරන්න :

මෙහිදී වඩාත්ම වැදගත් දේ හඳුනා ගැනීම සහ ඒ සදහා ප්‍රමුඛත්වය දීම අත්‍යවශ්‍ය වේ. පුද්ගලික සහ වෘත්තීය අරමුණු අවබෝධ කර ගැනීම මෙන්ම මව්වරුන් ලෙස දැනුමක් ඇතිව තීරණ ගැනීමට සහ ඒ අනුව ඔවුන්ගේ කාලය හා ශක්තිය වෙන් කිරීමට වගබලා ගත යුතුය.

ඵලදායී කාල කළමනාකරණය( Time Management)

කාර්යක්ෂම කාල කළමනාකරණයකට ගමොටම වැදගත්. දින දර්ශණයකට අදාලව එදිනෙදා වැඩ ලැයිස්තු ගත කිරීම සාර්ථකව ඔබගේ වැඩ නිර්මාණය කිරීමට උපකාරී වන අතර වැඩ සහ පවුලේ බැඳීම් දෙකම සමබර කරගත හැකිය.

අවශ්‍යතාවය අනුව සහය ලබාගන්න (Seek Support)

තම දරුවන්ගේ රැකවරණය සඳහා සහය විය හැකි විශ්වාසවන්ත කෙනෙකු ඔබට සොයාගත හැකිය එමගින් ඔබගේ මනසට තරමක නිදහසක් ලබා ගත හැකිය. උදාහරණයක් වශයෙන් සහය සැපයිය හැකි පවුලේ අය, මිතුරන් සහ විශ්වාසවන්ත රැකබලා ගන්නන් වෙත අවධානය යොමුකළ හැකිය.

නම්‍යශීලීව (Flexible) වැඩ කර ගැනීම:

දුරස්ථ වැඩ, මෙන්ම එදිනෙදා පැවරෙන වැඩ නම්‍යශීලීව ඔබ සැලසුම් කරගන්න, හැකිනම් රැකියා ස්ථානයේ ඔබේ මිතුරන්ගෙන් සහය ලබාගන්න.මනා ලෙස ඔබ ඔබේ වැඩ සහයෝගිව සාකච්ඡා කිරීමෙන් රැකියාව සහ පවුල සමබර කිරීමට හැකි වේ.

තමන් ගැන සැලකිලිමත්වීම (Self-Care)

සෞඛ්‍ය සම්පන්නව වැඩ කිරීමටනම් තමා ගැනම සැලකිලිමත් වීම මූලික වේ. ව්‍යායාම, විවේකී ක්‍රම, විනෝදාංශ වල නිරතවීම, වැනි තමාගැන සිතා කටයුතු කිරීමට ප්‍රමුඛත්වය දෙන්න.

විවෘත සන්නිවේදනය (Open Communication)

ඔබේ අවශ්‍යතාවන් හා අපහසුතා ගැන කාර්යාලයේ නිලධාරීන් සමග අවශ්‍ය කතා කරන්න, ඔබ සමග එකට වැඩ කරන අය සමග ඔබට යම් ගැටළුවක් තිබේනම් කතා කරන්න. පවුලේ සාමාජිකයන් සමඟ විවෘත හා අවංක සන්නිවේදනයක් තබාගන්න ඔවුන් සමග කතා බහ කිරීමෙන් ඔබට මානසිකව ඇතිවන ගැටළු අවම කරයි,මවක් ඔබේ පවුල සහ රැකියා ස්ථානය සමබර කර ගැනීමට එය උදව් වේ.

අවසාන වශයෙන් මවක් තම රැකියාව මෙන්ම පවුල සමතුලිත කිරීම යනු ඉවසීම, ඔරොත්තු දීමේ හැකියාව සහ අනුවර්තනය වීමේ හැකියාවයි.මවක් නිතරම අභියෝග වලට මුහුණදීම සිදුවේ , එහිදී මුහුණදෙන ප්‍රධාන ගැටළුවක් ලෙස මවක් ලෙස තම පවුල මෙන්ම රැකියා ස්ථානය සමබර කරගැනීම පේනවාදිය හැකිය. ඒ අනුව මුලින් සදහන් කල බොහෝ ක්‍රම අනුගමනය කිරීම තුලින් ඔබගේ රැකියාව මෙන්ම පවුල සමතුලිතව පවත්වා ගැනීමට ඔබට හැකියාව ලැබෙනු ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *