ඔබත් පිටරට රටක රැකියාවකට යන්න හීන දකිනවද?
Covid-19 වසංගතයෙන් පසු බොහෝ රටවල් ආර්ථික උද්ධමනයට ලක්වුණි. එය ලංකාව වගේ කුඩා රටවල් වලට මෙන්ම යුරෝපිය රටවලටද බලපෑමක් ඇති කරණු ලැබීය. මෙහිදී ඔබ යුරෝපිය රටකට රැකියාවකට යන්න සිතනවානම් මෙවැනි ආර්ථිකමය වටපිටාවක් තුල ඔබ සැලකිල්ලට ගත යුතු කරුණු කිහිපයක් අපි මෙහිදී සදහන් කරන්නෙමු.
ඔබ රට යන්න තෝරාගන්නා Visa එක පිළිබද හොදින් දැනුවත් වන්න
යුරෝපිය රටකට රැකියාවකට යෑම තරමක අපහසු කාර්යයක් වීම නිසා වැඩිපිරිසක් නීත්‍යනුකුල නොවන ක්‍රම මගින් යෑම සිදුකරයි එහිදී ඔබ Visit Visa නැතිනම් Tourism visa මගින් රටට ඇතුළුවී එහිදී වැඩ කිරීමට උත්සහ කරයි නමුත් එය නිත්‍යානුකුල නොවන අතර ඔබට Work Visa එකකින් හැරෙන්නට Visit Visa එකකින් එම රටෙහි වැඩ කිරීමට ඉඩ නොලැබේ. එම නිසා හොර Agency මගින් ඔබව රවටා යවන්න හදනවනම් එයට හසු නොවිය යුතුය.
සමාජමය හා ආර්ථික වටපිටාව පිළිබද දැනුවත් භාවයකින් යෑම
අනෙක් කරුණ වන්නේ ලංකාවේ ජිවත් වන ආකාරයට ඔබට යුරෝපා රටවල ජීවත්විය නොහැකි බවයි.එනම් ආර්ථිකමය හා සමාජමය වටපිටාව බෙහෙවින් වෙනස්වන නිසාය ඔබ එවැනි රටක රැකියාවකට යන්නේනම් විදිමත් ලෙස ඔයාගේ ගමන් බලපත්‍රය සකසා ගැනීමේ සිට, එම රටවල අදායම් ක්‍රම මොනවාද? අදායම වියදම කොපනද? එම රටවල සංස්කෘතිය මොනවගේද යන්න හොදින් අධ්‍යයනය කර යෑමට වැදගත් වේ.
එම රටවල පවතින කාලගුණික හා දේශගුණික වෙනස්කම් හදුනා ගැනීම
ඔබ රටකට යනවනම් එම රටෙහි පවතින කාලගුණික හා දේශගුණික වෙනස්කම් හදුනා ගැනීම ඉතා වැදගත්වේ, එනම් එම රටවල් මුහුණපාන ස්වභාවික ආපදා මොනවද? එවැනි රටවල ඒ සදහා පවතින ආරක්ෂක ක්‍රම මොනවාද යන්න හොදින් අධ්‍යයනය කර යෑම ඉතා වැදගත්වේ.
එම රටවල පවතින නීති මෙන්ම ආරක්ෂක විදි හදුනාගෙන යෑම
ඕනෑම රටකට එම අරටට අවේනික විදි විධාන පවතී ඒවා හදුනාගෙන යෑම තුලින් ඔබට එම රටවල් වලට අනුගතවීමට හැකිවේ. එසේ නොමැතිනම් ඔබට එම රටෙහි රැදීමට ඉඩ නොලැබෙනු ඇත.
එම අරටවල් වලදී ඔබගේ Life style වෙනස් කරගත යුත්තේ අයි?
මෙහිදී ඔබට ඇසුරු කරන්නට ලැබෙන පිරිස් හාත්පසින්ම ඔබට වඩා වෙනස් පුද්ගලයන් විමත්, ඔවුන්ගේ හැසිරීම් හා ක්‍රයාවන් ඔබට වඩා වෙනස්වීමත් මෙම රටවලදී ඔබට අත්විදින්නට සිදුවේ.එය ඔබට හැදී වැදුණු පරිසරයට වඩා ඉතා වෙනස් පරිසරයක් බව දැනෙනු ඇත. වැදගත්ම දේ වන්නේ හරි විදියට එම පරිසරයට ඔබ අනුගත නොවුනහොත් ඔබට එම රටෙහි සිටීම ඉතා අපහසු කාර්යයක් වීමයි. එම නිසා මනා අවබෝධයකින් එම රටවල්වල ඔබ ජීවත්විය යුතුය.
අවසාන වශයෙන් ඔබ යුරෝපා රටකට යන්න සිතනවානම් කළ යුතු මුලික දේ වන්නේ නිත්‍යානුකුල ලෙස තම Visa එක ලබා ගැනීමත්. එම රටවල ආර්ථිකම හා සමාජමය වටපිටාව හදුනා ගනිමින් පවතින නීති රීති වලට අනුගතවීමට කල්තියා හැඩගසා ගැනීමට වගබලා ගැනීමයි,