දෙමව්පියන් දරුවන්ව විභාගය සදහා සුදානම් කරන්නේ ඉතා ආදරයෙන් සහ උනන්දුවෙන් දෙමව්පියන්ගේ එකම ආශාව දරුවන් හොදින් ඉගෙන ගෙන හොද තැනකට එනවා බලන්නයි. ඒ සදහා දෙමවිපියන් දරුවන්ව මෙහෙය වන්නේ විභාග සදහා මහත් උනන්දුවකින්. දැනට පවතින සාමාන්‍යය පෙළ විභාගය හේතුවෙන් මේ දිනවල දරුවන්ට වඩා දෙමව්පියන් කලබල වී දරුවන්ව සුදානම් කිරීම දැකගත හැකිය.මෙලෙස ක්‍රියා කිරීම හොදද? නරකද? යන්න මෙහිදී අපි කතා කරමු.
දෙමව්පියන් ලෙස ඔබ දරුවන්ව විභාග සදහා හරියට සුදානම් කරාද? ඔබත් වෙහෙසට පත්වුනාද?
විභාගය යනු, දරුවන්ව තමන්ගේ අරමුණු වලට ළගා කරවන එක කඩඉමකි. මෙහිදී දෙමව්පියන් දරුවන් මෙහෙය වන්නේ, විභාගය සමත්වීම දරුවාගේ මෙන්ම දෙමාපියන්ගේද ජිවිත තීරණය කරන කඩඉමක් ලෙසය. එහිදී දෙමව්පියන් දරුවන්ට අසාමාන්‍ය ලෙස වෙහෙසට පත් කරන්නට උත්සහ කරයි. එමගින් දෙමව්පියන් දැනුවත්ව හෝ නොදැනුවත්ව දරුවා කායිකව මෙන්ම මානසිකද වැටීමකට ලක් කරයි. මෙහිදී දෙමව්පියන් මතක තබාගතයුතු කරුණක් වන්නේ දරුවන්ව අධිකලෙස වෙහෙසට පත් කරනවා වෙනුවට ඔවුන්ගේ විභාග ආතතිය සමනය කිරීමට සහය වීමයි.එයට හේතුව වන්නේ දෙමව්පියන් දරුවන්ට වඩා ආතතියට පත්ව ඇති බවය. දෙමව්පියන් මෙම කාලයේදී දරුවන්ව තේරුම් ගැනීමට උත්සහ කිරීම ඉතා වැදගත් වේ.
දෙමව්පියන් දරුවන්ගේ මනස තේරුම් ගත යුත්තේ ඇයි?
විභාග කාල සීමාව යනු දරුවන්ගේ මානසික මෙන්ම කායික වටපිටාව හොදින් පවත්වා ගතයුතු කාල සීමාවකි. එහිදී දෙමව්පියන්ගේ සහය ඉතා වැදගත් වේ.දරුවන් මෙවැනි කාල සීමාවක අසාමාන්‍යය හැසිරීම් රටා පෙන්වයි, එයට හේතුව වන්නේ දරුවන් තුල තියෙන අධික විභාග අතතියයි. දෙමව්පියන් මෙහිදී දරුවන්ගේ හැසිරීම් කෙරෙහි වැඩි අවධානයකින් සිටිය යුතුයි. එමෙන්ම විභාගය සාමාන්‍යය දෙයක් ලෙස කරගැනීමට ඔවුන්ගේ මනස සැකසීම ඉතා වැදගත් වේ.
දෙමව්පියන් ලෙස තම ඉලක්කයන් දරුවන් ලවා ඉටු කරගැනීම සුදුදුද?
දෙමව්පියන් හීන දකින එක් කඩඉමක් ලෙස දරුවන්ගේ විභාග පෙන්වා දිය හැකිය.සමහර දෙමව්පියන් දරුවන් මගින් තමාගේ අරමුණු ඉටු කරගැනීමට කටයුතු කිරීමට පෙළඹේ. මෙය ඉතාමත් නරක ලෙස දරුවට බලපෑම් කරයි. ඒ වෙනුවට ඔවුන් යහපත් පුරවැසියන් ලෙස නැගී සිටීමේ මුල් අවස්ථාවක් ලෙස විභාග දැකිය යුතුය.
දරුවන්ගේ දක්ෂතා දෙමව්පියන් හදුනාගත යුත්තේ ඇයි?
දෙමව්පියන් හැම විටම දරුවාව ගැන තේරුම් ගත යුතු දෙයක් වන්නේ ඔවුන් ආසකරන දේ, දක්ෂ දේ තුලින් නොහිතන තරම් දියුණුවක් ඔවුන්ට ලබාගත හැකි බවයි. එයට හේතුව ඔවුන් ආසදේ කැමැත්තෙන් ආශාවෙන් සිදු කිරීමයි. එම නිසා දෙමව්පියන් ලෙස ඔබ ඔවුන්ට ඔවුන්ගේ ජීවිතය ජය ගත හැකි එකම මාර්ගය විභාගය ලෙස ඔවුන්ට වෙහෙසට පත් කිරීමෙන් වැළකිය යුතුය. දරුවට හරිදේ කිරීමට හොද මග පෙන්වීමක් දීම දෙමව්පිය ඔබේ වගකීම විය යුතුය. එය දිනට දරුවාගේ සාර්ථකතාවයේ ආරම්භය විය හැකිය.
විභාග දරුවන්ගේ ජිවිත තීරණය කරනවද ?
සිතන්න, සියලුම දරුවන් එක වගේ බුද්ධි මට්ටම්වල නොසිටන විට දෙමව්පියන් ලෙස ඔබ දරුවන්ට ඔබ Doctor කෙනක් වෙන්න Engineer කෙනෙක් වෙන්න ,ඔබ අර කෙනා වගේ වෙන්න කියමින් දරුවන් වෙහෙසට පත් කිරීම සුදුසුද?
දරුවන් දක්ෂ දේ හදුනාගන්න හැමවිටම ඔවුන් දක්‍ෂ දේ වෙනුවෙන් ඔවුන්ව මෙහෙයවන්න. එය ඔබ දරුවා වෙනුවෙන් කරන හොදම ආයෝජනය වනු ඇත.
අවසාන වශයෙන් දෙමව්පියන් ලෙස ඔබ මතක තබා ගත යුතු දේ වන්නේ ඔබගේ ජිවිතයේ දේවල් සමග දරුවාගේ ජීවිතය සංසන්ධය කිරීමෙන් වැළකී, දරුවන්ගේ දක්ෂතාවන් හදුනාගෙන ඒ සදහා දරුවා මෙහයවමින්, විභායග නම් වූ එක කඩඉමක් දරුවන්ගේ ජීවිතය තීරණය කිරීමට ඉඩ නොදීමට වග බල ගැනීමයි.