ඉගැනුම් පසුබටතා ඇති දරුවන් හදුනා ගන්නේ කෙසේද?

How to identify children with learning disabilities?

ඉගනුම පසුබටතා ඇති දරුවන් යනු ඔහුගේ වයසේ සිටින අනිකුත් සාමාන්‍ය  දරුවන් සමග සන්දන්දන්ය කිරීමේදී  සැහෙන තරමක අධ්‍යාපනික   දුර්වලතාවක්  දක්වන දරුවෙකි.

මෙම දුර්වලතාව එක් විෂයකට හෝ විෂයන් කිහිපයකට ඇති වියහැක  එසේම මෙම  දුර්වලතාව කැපී පෙනෙන අතර  එය නොවෙනස්ව පවතී මෙය මානසික අබාධයක් ලෙස වරදවා වටහා නොගත යුතු වේ.

සමාජ පිළිගැනීමක් ඇති  වැදගත් විෂයන පන්ති කාමරය තුල අනෙකුත් සාමාන්‍ය ළමුන් සමග වැඩ කිරීමේදී ඔවුන් දක්වන දක්ෂතා  මට්ටම සමග සමාන ලෙස හෝ ආසන්න  ලෙස ලබා ගැනීමට  නොහැකි කම අධ්‍යාපන පසුබටතාවයි.

ඉගැනිමේ අපහසුතආති දරුවන් හදුනා ගන්නේ කෙසේද ?

  • සංජානන අපහසුතා
  • ආකල්පමය දුබලතා
  • භාෂා අක්‍රමිකතා
  • චර්යා අක්‍රමිකතා
  • ගණිතමය දුබලතා

ඉගැනුම් පසුබටතා ඇති දරුවන්ගේ ලක්ෂණ,

  • පාසල් වැඩකටයුතුවලට බලපෑම් ඇති  කරන  කිවීමේ හා ලිවීමේ ගැටළු රාශියක් තිබීම
  • ඔවුන්ගේ බුද්ධියට සරිලන සේ පාසෙලේ ඇති කිරියකාරකම් නොගැලපීම
  • බෝහෝ සෙමින් වැඩ කිරීම
  • කායික දුබල තවක ඇත්නම් මතක තබා ගැනීම අසීරු වේ
  • චිත්ත වේග වල ඇති නොසන්සුන් බව  නිසා පන්තිකාමරය දගලන සුළු බව

ඉගැනුම් පසුබටතා ඇති දරුවන් වෙනුවෙන් කල යුතු දේ,

  • ළමා වෛද්‍ය පර්යෙෂ්ණ  පැවැත් වීම
  • බුද්ධිය පරීක්ෂණ හා මනෝවිද්‍යා පරීක්ෂණ පැවැත්  වීම
  • පෙනීම ඇසීම භාෂණය කථනය මන බැලීම
  • බුද්ධි ම්මට්ටම මැන බැලීම
  • පාසලට දිනපතා යැවීම
  • දෙමාපියන් විසින් නිරතුරුව දරුවාව  අධ්‍යාපන කටයුතු සඳහා යොමු කිරීම
  • නිරතුරුව ගුරුවරිය සමග සාකච්ජා  කරමින් දරුවා ව නිවසේදී අධ්‍යාපනය  කටයුතු සදහා යොමු  කරවීම
  • විශේෂයෙන්ම මෙහිදී කලයුතු වන්නේ දරුවට එකම පාඩම නැවත නැවත කියා දීම හා දරුවා පන්තියේ පාඩම කිරීමට පළමුව
  • ගුරුවරයාගේ  අනු  දැනුම  යටතේ එය කියවීම හැක එහි ඇති ක්‍රියාකාරකම් කිරීම   ඉගනුමට අපහසුතා ඇති දරුවන්  හදුනා ගෙන දරුවන් කෙරේ වැඩි අවධානය යොමුකරවීම මගින් ඔවුන් දක්ෂයන්  බවට පත් කල හැක එහි මුලික වගකීම අටඇත්තේ දෙමාපියන්ගේ කැපවීම මතය