අපට ඔබගේ විස්තර ටිකක් කියන්න. ඔබ කොහොමද මේ ක්ෂේත්රයට අවතීර්ණ වුනේ කියලා
“මම හෂිනි ආරියරත්න. 2006 තමයි මම පාපන්දු ක්‍රීඩාව ආරම්භ කරන්නේ. ඒ වගේම 2009 තමයි මන් කාන්තා පාපන්දු කණ්ඩායමේ නායිකාව බවට පත්වෙන්නේ. මම පාපන්දු ක්‍රීඩාවට යොමුවන්නට පළමු හේතුව වුනේ මගේ අයියා මොකද අයියා මෙම ක්‍රීඩාව අවරුදු ගණනාවක් කරලා තියෙනවා. ඔහු මටවඩා හුගක් වැඩිමල් ඒකත් එක්ක මන් හිටපු පාසලේ පාපන්දු ක්‍රීඩාව ආරම්භ කරා ඉතින් මන් ඒ ක්‍රීඩාවට හුගක් ආසවුනා ඒ ගැන හුගක් හෙව්වා මොකද ඒ වෙන විට ලංකාවේ හුගක් ජනප්‍රිය ක්‍රීඩාවක් නෙමෙයි මෙය. මන් දිගින් දිගටම හොයද්දි මන් දැනගත්තා මේක ලංකාවේ ප්‍රසිද්ද නැතිවුනාට ලෝකේ හුගක් ප්‍රසිද්ධ ක්‍රීඩාවක් ඉතින් මට ආස හිතුනා. මන් හුගක් තරගාවලි බරනවා පාපන්දු , ක්‍රිකට් , නෙල්බෝල් මේ වගේ හැම තරගවලියක්ම.”

ඔබ කොහොමට ජාතික පාපන්දු (football) කණ්ඩායමට සම්බන්ද වුණේ?
“මන් කියන්නම් මන් කොහොමද ජාතික පාපන්දු කණ්ඩායමට තේරුනේ කියලා ඒකෙ – එක තිබුනේ ටිකක් වෙනස් විදියකට අපිට තියෙනවා 16 පහළ 18 පහළ පාසල් තරග. ඒ වෙනවිට මන් හිටපු පාසල ජාතික මට්ටමෙන් තේරීපත්වෙලා තිබුනේ නෑ. මන් මුලින් සදහන් කලාවගේ මගේ පුරුද්දක් තිබ්බ තරගවලීන් බලන්න යන එක ඒ වගේ මම ජාතික තරගවලියක් බලන්න ගියා එතන මගේ යාළුවොත් හුගක් සෙල්ලම් කරා ඉතින් එයාල ඉවර වුන වෙලාවක මමත් සෙල්ලම් කරා ඒක බලන් හිටපු පුහුණු කරුවෙක් මට කතාකරලා ඇහුවා පුතා සෙල්ලම් කරන්නේ නැද්ද කියල, මන් කිව්වා අපේ කණ්ඩායමට තේරුනේ නැහැ. ඒ සර් මට එන්න කියනවා වෙන දවසක ආයේම තෝරාගන්නවා ඒ දවසට එන්න කියලා ඒ දවසේ මට මතක විදිය හරිනම් ක්‍රීඩකයන් 200කට අධික පිරිසක් හිටියා. ඒ 200යෙන් 150 හෝ 50හක කණ්ඩායමක් හැදුව ඒ 50හට හෝ 150හට ආයෙම වෙන දවසක තෝරාගන්නවා ඒ දවසට එන්න කියල ඒ වෙනවිටත් මම තේරිලා හිටියේ ඒ අය නැවත 35 කණ්ඩායමක් නැවත 22ක කණ්ඩායමක් හැදුවා. එම කණ්ඩායමේ හිටියේ කොළඹ අය විතරක්ම නෙමෙයි ලංකාව වටෙන්ම ක්‍රීඩකයන් තේරිලා තිබුණා. එම කණ්ඩායමේ මම නායකයා වුණා. ඒ වෙලාවේ මන් දක්වපු දක්ෂතා නිසා මට නායකයා වෙන්න පුළුවන් වුණා.ඉතින් එතනින් පස්සේ තමයි මගේ පාපන්දු ක්‍රීඩාව පටන් ගන්නේ.”
ඔබගේ ජයග්‍රහණ ගැන සදහන් කරනවම්
2009- අවුරුදු 16න් පහළ කාන්තා පාපන්දු ජාතික කණ්ඩායමේ නායිකාව. මම 2023 පාපන්දු සම්මේලනයේ විධායක කමිටුවට තරග කරලා තියෙනවා. 2009 සිට 2012 දක්වා – අන්තර් දිස්ත්‍රික් ක්‍රීඩා නියෝජනය කර ප්‍රථම ස්ථානය දිනා ගැනීම.2011- හොඳම ක්‍රීඩකයා, 37 ජාතික ක්‍රීඩා උළෙල. 2012 – ගුවන් හමුදා කාන්තා කණ්ඩායම නියෝජනය කළා. 2010,2011- මට ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා වර්ණ ප්රදානය කළා. 2014 – මාලදිවයිනේ සමාජ කණ්ඩායම නියෝජනය කළා.2023- Standard Chartered Bank පැසිපන්දු කණ්ඩායමේ නායකයා. මෙවැනි බොහෝ ජයග්‍රහණ වගේම අපේ රටවෙනුවෙන් තරග සහභාගිවීම් තියෙනවා.


ඔබ ක්‍රීඩාවේදී වගේම ඔබේ පෞද්ගලික ජිවිතයේ මුහුණ දුන්න අභියෝග ගැන සදහන් කරනවානම්.
“ඒ 2009 ඊට පස්සේ තමයි මම 2010 ජ්‍යෙෂ්ඨ ජාතික කණ්ඩායමට සෙල්ලම් කරද්දි තමයි මම G.C .E . O/L කරේ. මට එතැනදී තව කතාවක් කියන්න තියෙනවා මේ පාපන්දු ක්‍රීඩාව කරගෙන යද්දී මට ඇතිවුන අභියෝග තමයි. පාසල් යන කාලේ O /L කියන්නේ ලොකු දෙයක් මන් කියන්න ඕන මගේ අම්මා ගුරුවරියක් තාත්තා ව්‍යාපාර කරන්නේ ඉතින් මන් දවස් පහම පාපන්දු ක්‍රීඩාවේ නිරත වෙනවා. පාසල් ඉවර වෙලා අවම මන් කරන්නේ පාපන්දු සෙල්ලම් කරන එක ඉතින් ඔයාලට හිතාගන්න පුළුවන් O /L කරන ළමයෙක් හැමදාම පාපන්දු සෙල්ලම් කරන එක නිසා ගෙදරින් මොනවගේ පීඩනයක් දෙනවද කියලා. එත් මන් පාපන්දු සෙල්ලම් කරන්න යන එක නැවැත්තුවේ නැ. මගේ අම්මට විශ්වාසයක් තිබුනා මන් ගැන මන් O / L සමත්වේවි කියලා. මොකද මන් ගොඩාක් වෙලා පාඩම් කරන ළමයෙක් නෙමෙයි නමුත් මන් පාඩම් කරන වෙලාවට හරියට පාඩම් කරනවා ඒ වෙලාවට හොද ඉලක්කයක් එක්ක මන් පාඩම් වැඩ කරනවා.”
“2010 මන් ජ්‍යෙෂ්ඨ ජාතික කණ්ඩායමට තේරිලා වෙලා ඉද්දි ඒ තරගාවලිය තිබුණේ Bangladesh වල ඉතින් O /L විභාගයට මාස තුනක් තියෙද්දී මන් හිටියේ paapandu kampo එකේ ඉතින් මාස තුනක් තිස්සේ තරගාවලියකට කලින් අපි පුහුණු වෙනවා. ඉතින් හුගක් වෙලාවට ගෙදර යන්න දෙන්නේ නැහැ විශේෂයෙන් තරගාවලිය ලංවෙද්දි නමුත් මට ඉඩ දීල තිබ්බා පුහුණුවීම් වලින් පසුව පාඩම් කරන්න. නමුත් අපිට දෙන වෙලාවේ අපි නිදාගන්න ඕන. මොකද ඒ දිනවල අපි දුෂ්කර පුහුණුවීම් කාලයක යෙදෙන නිසා අපිට හොද නින්දකුත් අවශ්‍යයි. ඉතින් මන් දෙකම කළමනාකරණය කරගත්තා ඊටපස්සේ විභාගය ඉවර වුන ගමන්ම මන් ගියේ දකුණු ආසියානු ක්‍රීඩා වලට.”
“O /L වගේම මගේ A /L වලදිත් මේ වගේම අභියෝග වලට මුහුණ දුන්නා. ඉතින් ඒ වෙලාවෙදිත් මට හුගක් ගෙදරින් සහයෝගය හම්බුණා. ගෑණු ළමයෙක් විදියට මට ගෙදරින් උපරිම නිදහස හම්බුනා ඒ නිදහස මන් කිසි දවසක වැරදියට යොදාගත්තේ නෑ ඉතින් ඒ නිසාම ලොකු සහයෝගයක් මට ගෙදරින් ලැබුණා.”
ඔබේ අත්දැකීම් එක්ක කාන්තාවන්ට දෙන්න පුළුවන් උපදෙස් මොනාද?
මට දෙයක් දුන්නම මන් විශ්වාස කරන දේවල් ටිකක් තියෙනවා මාව කවුරු විශ්වාස කරේ නැතත් මන් මාව හුගක් විශ්වාස කරනවා . මන් කිසිම වෙලාවක සැකයෙන් කිසිම දෙයක් පටන් ගන්නේ නෑ සහ මට තියෙන අනිත් දේ තමයි මගේ ඔලුවෙන් හදාගත්ත ඉලක්කයක් බලාගෙන වැඩ කරන කෙනෙක්. උදාහරණයක් විදියට මන් පාපන්දු සෙල්ලම් කරන එක එක පාසල් යන කාලේ වගේම රැකියාවක් කරද්දීත් කරා , දැනටත් කරනවා. මගේ තිබුනේ නෑ මේක නවත්තන්න ඕන කියලා .මන් දැකල තියෙනවා හුගක් මිනිස්සු බලන්නේ දවසින් දෙකෙන් කරනදේ ප්‍රතිඵල ගන්න එත් මන් කියන්නේ කරනදේ දිගටම ඉවසීමෙන් කරන්න තමන්ව විශ්වාස කරලා ඉක්මනින් ප්‍රතිඵල ගන්න බලාගෙන වැඩකරන්න එපා. තමන් කරනදේ ගැන ඉලක්කයක් තියාගෙන වැඩ කරන්න. පාඩම් කරද්දී පාඩම් කරේ නැත්නම් සෙල්ලම් කරද්දි හරියට කරේ නැත්නම් මට දැන් ඒ දෙක ගැන කතා කරන්න වෙන්නේ නෑ. මම පෞද්ගලික බැංකුවක වැඩ කරන්නේ ඒ දේවල් මට කරගත්තේ ඒ මගේ තිබුන උනන්දුව කැපවීම නිසා.”
“ඒ වගේම අනිත්දේ තමයි තමාගේ ශරීර සෞඛ්‍යය ගැන බලාගන්න එක. එතැනදී ක්‍රීඩා කරන එකම නෙමෙයි තමන් කන කෑම වලින් උනත් පරිස්සම්වෙලා තමාගේ සෞඛ්‍යය ගැන බලාගන්න ඕන. එතැනදී ඔයාලට පහසු විදියට යෝගා, වගේම ව්‍යායාම වල නිරතවෙන්න පුළුවන්. ඇවිදින්න පුළුවන්.”
ඔබ කොහොමද ඔබගේ ජිවිතයේ කළමනාකරණය කරගත්තේ?
“එතැනදී මන් තව එකක් කියන්නම් 2016-2018 මන් වැඩකරා පොද්ගලික බැංකුවක . ඒ වන විටත් මන් ජාතික කණ්ඩායමට තේරිලා තිබුනේ. ඉතින් එතැනදී මට බැංකුවෙන් කිව්වා දවල් වරුවේ ඇවිත් වැඩ කරන්න කියලා එතැනදී 100% එයාලට බැහැ මාව මගේ වැඩවලට නිදහස් කරන්න. මන් උදේ පුහුණුවීම් ගිහින් බැංකුවේ වැඩට එනවා නැවත වැඩ ඉවර වෙලා 6.30 වගේ වෙද්දී යනවා ඉතින් එන්නේ හුගක් රෑ වෙලා ඒ වගේ මාස තුනක් එකදිගට මට ඒ වගේ වැඩකරන්න වුණා. ඒක ලොකු අභියෝගයක් එකක් එය පහසු දෙයක් වුනේ නෑ මොකද හැමෝම දවල් සෙල්ලම් කරලා විවේක ගනිද්දී මන් ගිහින් වැඩ කරා එත් මන් මාව විශ්වාස කරලා අසාවෙන් ඒ දෙකම කළමනාකරණය කරගත්තා.”
“ඒ වගේම තමන් කරනදේ ගැන හොද දැක්මක් එක්ක වැඩ කරන්න. එතැනදී මම හිතනවා ක්‍රීඩා විතරක් නෙමෙයි වෙනත් බාහිර ක්‍රියාකාරකම්වල යෙදුනත් අපිට ඕනෑම අභියෝගයකට හොදට මුහුණ දෙන්න පුළුවන් කියල.”