වත්මන් සමාජයේ අතිශයින් සාකච්ඡාවට ලක් වන කරුණක් වන්නේ \’Facebook පෙම්වතුන් \’ය.වර්තමාන සමාජයේ ශ්‍රී ලංකාව තුළ බොහෝ කාන්තාවන් ,තරුණියන් ,නව යොවුන් වියේ පසුවන් දරුවන් Facebook සමාජ ජාලාව ඔස්සේ විවිධ සම්බන්ධතා පවත්වාගෙන යාමට සමත් වී ඇත.මෙය ඉතාමත් අවධානම් සහ භයානක තත්වයක් බවට පත් වී ඇත.මෙලෙස අප රට තුල කාන්තාවන්ට ,දරුවන්ට සහ තරුණ ප්‍රජාවට මෙවැනි භයානක අවස්තාවන් තුළින් ගමන් කිරීමට සිදු වීම තුලින් බොහෝ පීඩාවන් වලට පත් වීමට සිදු වී ඇත.උදාහරණයක් ලෙසට මේ Facebook පෙම්වතුන් විශ්වාස කිරීමෙන් සිදු වන්නාවූ අතපසු වීම් කරණකොටගෙන ඒවා සාක්ෂියක් කර ගනිමින් දැඩි ලෙස පීඩාවට පත් කරන මිනිසුන් අපේ රටේ සිටී.
මෙලෙස සිදු වීමට හේතු මොනවාද?
ආර්ථික උද්ධමනයත් සමග අපිට අකමැත්තෙන් උනත් කාර්යබහුල ජීවිතයක් ගත කරන්නට සිදු වී ඇත.මේ නිසා අපට අපගේ සමීපතයන්ට වැඩි අවධානයක් දෙන්න,ඔවුන් ගැන හොයල බලන්න තිබෙන කාලය ටිකෙන් ටික අඩු වෙමින් යන කාල වකවානුවකයි අපි ජීවත් වෙන්නේ.විශේෂයෙන් තරුණ අවධියේ පසු වන දරුවන් මේ නිසා බොහෝ ලෙස පීඩාවට පත් වී තිබෙනවා.අපි දන්නවා, තරුණ දරුවන්ගේ ජීවිත රහස් ගබඩාවක්.ඔවුන් නිතරම තමන්ගේ රහස් දෙමව්පියන් සමග බෙදා ගන්නවාට වඩා සමීපතම යහළුවන් සමග ඔවුන්ගේ කාරනා බෙදා ගන්න කැමැත්තක් දක්වයි.ඇත්තටම ඔබ සිතනවාද මෙයින් ඔබේ දරුවාට යහපතක් සිදු වෙයි කියලා.\’නෑ \’….එය එසේ නොවේ.
මෙවැනි අවස්ථාවන් වලදී දරුවන් ප්‍රතිචාර දක්වන ආකාරය වෙනස්. නිවැරදි ලෙස ඔවුන්ට මගපෙන්වීමක් නොමැති වුනොත් ඔවුන්ගේ අනාගතයට එය විශාල බාධාවක් වන බව ඔබ තරයේ මතක තබා ගන්න.ඔබ ඔබේ දරුවාට හොද යහළුවෙක්,හොද සවන් දෙන්නෙක් වන්න.නැතහොත් Facebook සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හමුවන පෙම්වතුන්ට ඔවුන් සියල්ල පැවසීමට යාමෙන් ඒ මගින් සමන්ධතා ඇති කර ගැනීම තුලින් ඔවුන්ගේ අනාගතය අදුරු වීමට ඇති ඉඩකඩ වැඩියි.දෙමව්පියනි , ඔබ ඔබේ දරුවන් පිළිබද සැලකිලිමත් වන්න,ඔවුන් වෙනුවෙන් කාලය වෙන් කරන්න.එවිට ඔවුන්ගේ ජීවිතය වඩාත් සාර්ථක වනු ඇත.
එසේම පවුල් සංස්ථාව තුළ ස්වාමිපුරුෂයා සහ භාර්යාව ලෙස ජිවත් වීමේදී එකිනෙකා පිළිබද සොයා බලමින් මනා අවබෝධයකින් යුතුව ජීවත් වීමද ඉතා වැදගත් වේ.ඔබ රැකියාවක් කරනවා නම් එයට යොදවන කාලය හා සමාන කාලයක් ඔබේ පවුල වෙනුවෙන් යොදවන්න.එකිනෙකා වෙනුවෙන් වටිනාකමක් දෙන්න.කතා බහ කරන්න. ඉදිරි අනාගතය සැලසුම් කරන්න.නැතහොත් මෙවැනි සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අනියම් සම්බන්ධතා පවත්වාගෙන යාම තුළින් පවුලේ සාමය නැති වී යාමට ඉඩ ඇත.
අපි Facebook පෙම්වතුන්ගෙන් ප්‍රවේසම් වෙමු.