විලාසිතා කරද්දී ඔබත් මේ වැරදි කරනවාද ? නොදැනුවත්ව හෝ දැනුවත්ව කරන fashion Mistakes මෙහිදී අපි කතාකරනවා
1. ඕනවට වඩා ඔබගේ අවයවයන් පෙන්විම.
ආකර්ෂණීය සරගී පෙනුමේ වරදක් නැත, නමුත් ඔබ ඒවා අනිවාර්යෙන් තැනට ගැලපෙන ලෙස සකසාගත උතුය.
ඔබේ සිරුර බොහෝ නිරාවරණය වන ලෙස Fashion කිරීම නොගැලපෙන අවස්තා ඇත.
2.ඔබගේ ශරීර ප්‍රමාණයට වඩා ලොකු ඇදුම් විලාසිතා කිරිම.
ඔබේ රුපයට වඩා විශාල බෑගයක් , විශාල ඇදුම් ඇදීම වරදකි. බොහෝ කාන්තාවන් සිතන්නේ තමාගේ සිරුර විශාල ඇදුම් මගින් සැගවිමටයි .නමුත් එය ඔබගේ සිරුරේ හැඩයට වඩා විශාල පෙනුමක් ලබා දෙනවා. බොහෝ දෙනෙකු නොදන්නා දෙයක්නම් උඩ කොටසට විශාල ඇදුමක් අදිනවානම් පහල කොටසට සිරුරට තද ඇදුමක් ඇදීම සුදුසු වගේම සිරුරේ පහල කොටස විශාල ඇදුමක් අදිනවානම් සිරුරේ ඉහල කොටසට තද (Tight) ඇදුමක් සුදුසුවේ.
3.උපාංග අඩුවෙන් මෙන්ම වැඩිපුර ඇදීම.
මෙහිදී මුලින්ම සදහන් කරන කරුණ ලෙස එක ඇදුමකට උපාංග විශාල ලෙස පලදීම , සමහර කාන්තවන් රතුපාට සපත්තුවලට ගැලපෙන රතුපාට බෑගයක්, රතු කරාබු ,රතු මාලයක් , රතු scarf පලද සිටී. මේ ආකාරයට අනවශ්‍ය ලෙස උපාංග බහුලලෙස යොදාගැනීම ඔබේ පෞර්ෂයට අහිතකර බලපෑම් කරයි.
කාන්තාවන් තවත් අවස්ථාවක් කරන වරදක් නම් ඇදුමට කිසිදු උපාන්ගක් නොපලදීම. උදහරලෙස කරාබු , සමහර අවස්ථාවල මාලයක් නොමැතිවිම. මේ ආකාරයට සමහර උපාංග නොමැතිකම ඔබගේ පෞර්ෂයට බලපෑම් කරයි. ඔබගේ ඇදුමට ඔබ එක් කරන කුඩා උපාංගයක් උවද ඔබේ ඇදුමට වටිනාකමක් එක කරනවා.
4. කාලෙන් කාලෙට විලාසිතා තෝරාගැනීම .
බොහෝ කාන්තාවන් කාලෙන් කාලෙට එන Fashion කිරීමට හුරුව ඇත. නමුත් වරදනම් කාලෙන් කාලෙට එන Fashion ඒ කාලය අභිබවා භාවිතා කිරීමයි එය බොහෝ අවස්ථාවල ඔබේ පෞර්ෂය හීන කරයි. එම නිසා එන හැම Fashion එකම කරනවා වෙනුවට තමාට ගැලපෙන හැම කාලයකටම සුදුසු විලාසිතාවක් තමාට සුදුසුලෙස පවත්වා ගැනීම වැදගත් , එම විලාසිතාව ඔබට යවථ්කාලීන කිරීම (Updates ) කිරීම කල හැකිය.
5. සිරුරට නොගැලපෙන ලෙස ඇදුම් හිරට ඇදිම.
බොහෝ කාන්තාවන් තමගේ සිරුරෙහි හැඩය පෙනෙන ලෙස විලාසිතා කිරීමට දැඩි කැමැත්තක් ඇත. නමුත් ඔවුන් කරණ වරදක් ලෙස Tight ඇදුම් ඇදීමේදී අවයවයන් ඕනවටවඩා පෙන්වීම මෙන්ම ඔබගේ Underwear පෙනෙන ලෙස ඇදීම නොකර යුතුය. එයට හේතුවක්නම් ඔබ ඒ ආකාරයට විලාසිතා කිරිම අවස්ථාවට අනුකුලව නොගැලපෙන්න පුළුවන , එමෙන්ම විටක එය ඔබට අවල්ස්සන්ක් ගෙන දෙන්නට පුළුවන. ඔබ අදින bra පිටතට නෙරා ඇත්නම් ඒ සදහා ඔබට Tube Bra නැතිනම් පටි රහිත bra ඇදිය හැකිය.
6. සෑම තැනම සෑම විටම එකම Bag එක රැගෙනයෑම .
සමහර ය හිතන්නේ බෑගයක් යනු ඔබට විවිද භාණ්ඩ තැබිය හැකි දෙයක් බවයි. තවද එය කුමන වරණය හා ගුණාත්මකභාවය වනු ඇත්ද යන්න එතරම් වැදගත් නොවේ.
ඔබට හැඩකාර පෙනුමක් අවශ්‍යනම් බෑගය ඔබේ ඇදුම් සමගයන්නේ කෙසේදැයි සලකා බැලිම වැදගත්ය. ඔබේ ඇදුම් ආයිත්තම් කට්ටලයේ විවිද තත්වයන් සදහා විවිද bag තිබිය යුතුය . ඔබ කාර්යාලයට රැගෙන යන බෑගය ප්‍රසංගයකට රැගෙනයාම සුදුසු නොවේ.
මතක තබාගන්න , ඔබේ රූපය ඔබ පැලද සිටින සෑම දෙයක්ම සහ ඔබ ඔබේ අතේ ගෙන යන සෑම දෙයක්ම බලපෑමක් එක කරයි .
7. බොරු ඇදීම.
ඔබ විශේෂයෙන් bag , සපත්තු සහ අව් කණ්නාඩි සියල්ල ව්‍යාජය. ඔබට branded බාන්ඩයන් මිලදී ගනිමට නොහැකිනම් බොරු පලදීම නවත්වන්න ඔබ බොරු Brand හිතාමතා හෝ රැවටී අදිනවානම් එය ඔබේ පව්ර්ශ්යට වැරදිලෙස බලපෑම් කරනවා .
8. අනවශ්‍යලෙස කරන online Fashion
කාන්තාවන් දැන් පුරුදුව සිටින්නේ Online Shopping සහාය එහිදී ඔබ දකින දකින විලාසිත ඇනවුම් කරන අතර එය ඔබට නොගපෙනවාද යන්න හෝ සොයබලන්නේ නැත.
සමහරවිට, ඔබේ අඩුම කට්ටලයක් මිලදී ගත්තද එහි උද කොටස නොගැලපේනම් ,ඔබ එය කිසිසේත් ඇදීමට කමතිවන්නේ නැත. එම නිසා දකින දකින දේ මිලදී ගන්නවා වෙනුවට ඔබට පවතින අවශ්‍යතාවය අනුව ඇදුම් මිලදී ගන්න වගබලාගන්න.