ඔබත් විදේශ ගතවීමට සිහින දකිනවානම් කිවයුතුම ලිපිය මෙයයි.
මේ දිනවල විශාල ආර්ථික අර්භුදයකට මුහුණදෙමින් පවතී . එම හේතුව නිසා තරුණ තරුණියන්ට මේන්ම ,පවුල් වශයෙන් ද මෙම ආර්ථික කඩාවැටීමට මුහුණ දීමට සිදුවේ . මෙහිදී විදේශ ගත වීමට සුදුසු තීරණයකට එළබෙන්නේ කෙසේද යන්න ඔබට අවභෝදයක් ලබාදීම අපි සිදුකරයි .
1. ආර්ථික අර්බුදයට විදේශ ගතවිම හැමෝටම සුදුසුද?
මේ වනවිට මුලුලෝකයට ආර්ථික අර්බුදයකට දැඩිලෙස ගොදුරුවී ඇත. එම නිසා ඔබ විදේශ ගතවන රටෙහි පවතින ආරථික තත්වය ගැන ඔබ මනා අවබෝදයක් ලබාගත යුතුය. විශේෂයෙන් සංවර්ධිත රටවල් වන ඇමෙරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාවේ පවා ආර්ථික අර්බුධයක් හටගෙන ඇත .ඔබ මැදපෙරදිග හෝ යුරෝපියන් රටකට යන්න සිහින දකිනවනම් ඔබ දැනගන්න අවශ්‍යම කරුණක් ලෙස එම රටේ ආර්ථික මට්ටම ප්‍රධාන වේ. විශේෂයෙන් විශාල ලෙස බදු අයකිරීම් එම රටවල් වල දක්නට ලැබේ. ඔබ ඒ රටෙහි ආදායම ලංකාවේ අදායම හා සසදා තීරණ ගත්තද, එම රටවල භාණඩ හා සේවා මිල සාපේක්ෂව වැඩිවන නිසා ඔබ එහිදී උපයන මුදල ඔබට ලංකාවේ මුදල හා සැසදිය නොහැක.
2. විදේශගතවීමට ඔබ යන ක්‍රමවේදය ගැන සොයා බැලුවද ?
රැල්ලට විදෙශගත වෙන්න හිතන ඔබට කියන්න තියෙන්නේ හරි ක්‍රමයකට රට නොගියහොත් ඔබට එහිදී උදව්වට කිසිවෙකු නොසිටින බවයි. ඒනිසා ඔබ යන රට පිළිබද මනා අවබෝදයකින් යෑම ඉතා වෙදගත් ය . , ඒ වගේම ඔබ විදේශගතවීමට තෝරාගන්නා විදේශ රැකියා ඒජන්සි සම්බන්දයෙන් දැනුවත් භාවයක් ඇතිව විදෙශගත වීම කල යුතුය
3. ඔබගේ වයස් සිමාවන් සමග විදේශගතවීමට ඇති අවස්ථා ඔබ හදුනා ගත්තද ?
ඔබ වයස අවුරුදු 18-30 යන වයස් කාණ්ඩයේ නම් ඔබට විදේශ රටවල රැකියාවන් හා අධ්‍යාපනය සදහා යෑමට අවස්ථාවන් හිමිවේ. එයට හේතුවනම් තරුණ පුද්ගලයන් රටෙහි ශ්‍රම බලකාය ලෙස හදුනාගැනීමයි. එමනිසා විදේශ රටවල් තරුණ තරුණියන්ට රටට ඇතුළුවීමට හා විශේෂයෙන් අධ්‍යාපනයට ඉඩ සලසාදිමටත් ඒ රටවල හොද අධ්‍යාපනයක් ඇති පුද්ගලයන් එම රටෙහි රදවා ගැනීමටත් පෙළබේ.
ඔබ වයස අවුරුදු 30 ඉක්මවා ඇතිනම් ඔබට ඇතිවන ගැටලුවක්නම් ශීත දේශගුණයන්ට ඔරොත්තු නොදීමයි .තරුණ පරපුරට වඩා අඩුවෙන් ශ්‍රමය ලබාගැනීමක් සිදුවන නිසා විදේෂගතව්මේදී බාදා ඇතිවේ . එම රටවල විශ්‍රාම ක්‍රමය සංකීර්න වීමයි.
4.මනා අවබෝධයකින් නොමැතිව විදේශ ගතවීම ඔබ බලාපොරොත්තු වෙනවාද?
ඔබ යන රටගැන පමණක් නොව එම රටේ ආර්ථිකය , භාෂාව , එම රටවල පවතින සංස්කෘතිය ගැන අද්‍යයනයකින් තොරව ඔබ යන්න සිතනවානම් මේ පිලිබදව දැනුවත් වන්න. විදේශගත විමෙදී එම රටෙහි එක් භාෂාවක් පමණ හෝ දැනගෙන සිටීම ඉතා වැදගත්, එයට හේතුවනම් ඔබ යන රටෙහි ඔබ දන්නා කිසිවකුත් නොමැතිවිට ඔබට භාෂාව නොදැන එහි දිවිගෙවීම අපහසුවීමයි ,එම රටෙහි රැකියාවක් කිරීමට අවශ්‍යනම්, හොද භාෂා හැසිරවීමක් තිබීම අවශ්‍යයි,එවිට ඔබට මුහුණදීමට තිබෙන ගැටළු සිමා කරගත හැකිය.