අද කාන්තාවගේ කාර්යබහුල ජීවිතය බලගන්වන Chetak ඉලෙක්ට්‍රික් ස්කූටරය

Chetak

දශක ගණනාවක විශ්වාසය දිනමින්, ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රිය සන්නාමයක් වූ Chetak, දැන් නවීන යුගයට ගැළපෙන ලෙස වඩාත් ආකර්ෂණීය නිමාවකින් යුතුව ඉලෙක්ට්‍රික් ස්කූටරයක් යළිත් ඔබ වෙත පැමිණ තිබේ. ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි (David Pieris E-Mobility) සමාගම විසින් හඳුන්වා දෙන මෙම නව Chetak ඉලෙක්ට්‍රික් ස්කූටරය, අද කාර්යබහුල ජීවිතයක් ගත කරන කාන්තාවට මහත් වූ අත්වැලක් ලෙස සැලකිය හැක. 

1978 වසරේ සිට ලාංකිකයින්ගේ නොමඳ විශ්වාසය දිනාගත් Chetak, එදත් අදත් ශක්තිමත්භාවයට ප්‍රචලිතය. තිරසාර අනාගතයක් වෙනුවෙන් පරිසර හිතකාමී සහ පිරිවැය අවම විසඳුමක් ලෙස නිර්මාණය වී ඇති මෙම E ස්කූටිය නාගරික මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල වෙසෙන, එදිනෙදා ගමන් බිමන් සඳහා පහසු සහ විශ්වාසදායක ප්‍රවාහන ක්‍රමයක් සොයන කාන්තාවන් වෙනුවෙන්ම නිමවූ කදිම විසඳුමකි.

ශ්‍රී ලංකාවේ ඕනෑම මාර්ගයකට ඔරොත්තු දෙන ලෙස Chetak ස්කූටරය නිර්මාණය කර ඇත්තේ මෙම විශේෂාංග සමඟය:
  • විශ්වාසදායක ලෙස යා හැකි වැඩි දුර ප්‍රමාණයක්: මෙහි ඇති 3.5 kWh ලිතියම්-අයන බැටරිය මඟින් එක් වරක් charge කිරීමෙන් (Single Charge) කිලෝමීටර් 151ක උපරිම දුරක් ගමන් කළ හැකිය. එමඟින් නිතර නිතර charge කිරීමේ පීඩනයෙන් තොරව ඔබේ දෛනික වැඩකටයුතු නිදහසේ කර ගැනීමට අවස්ථාව ලැබේ.
  • ජවය සහ වේගය: 3.1 kW මෝටරයක් සහිත මෙහි උපරිම වේගය පැයට කිලෝමීටර් 63 කි. නගරයේ කාර්යබහුල රථවාහන තදබදය මැදින් ඉතා සැහැල්ලුවෙන් ගමන් කිරීමට මෙය යෝග්‍ය වේ.
  • ශක්තිමත් නිමාව: අනෙකුත් ප්ලාස්ටික් ස්කූටර මෙන් නොව, මෙය ශක්තිමත් වානේ බඳකින් (Steel Unibody) නිමවා ඇත. එමඟින් දිගුකාලීන පැවැත්ම සහ ආරක්ෂාව තහවුරු කරයි.
Chetak කාර්යබහුල දිවියට පහසුවක්

Chetak හී ලීටර් 35කින් යුතු වූ ගබඩා පහසුකම (Storage) මෙවන් ස්කූටි අතර විශාලතම ගබඩා ඉඩකඩ ඇති ස්කූටිය ලෙස සැලකේ. ඔබේ ලැප්ටොප් බෑගය, අත්බෑගය හෝ එදිනෙදා මිලදී ගන්නා බඩු බාහිරාදිය ඉතා පහසුවෙන් එහි තැන්පත් කළ හැකිය.

මීට අමතරව, බ්ලූටූත් (Bluetooth) මඟින් ඔබේ දුරකථනය සම්බන්ධ කරගැනීමේ හැකියාව, සංගීතයට සවන් දීම සහ ඇමතුම් පිළිබඳ දැනුම්දීම් ලබාගත හැකි ඩිජිටල් තිරය සහ කන්දක් නැගීමේ දී රථය පසුපසට ලිස්සා යාම වළක්වන Hill Hold Assist වැනි නවීන තාක්ෂණයන් මෙහි ඇතුළත් වේ.

උපරිම විශ්වාසය සහ සේවාව

ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ දිවයින පුරා විහිදුණු 2,000කට අධික සේවා මධ්‍යස්ථාන ජාලය හරහා ඔබට අවශ්‍ය අමතර කොටස් සහ තාක්ෂණික සහාය ඉතා පහසුවෙන් ලබාගත හැකිය. එමෙන්ම, විද්‍යුත් යතුරුපැදියක් සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට හඳුන්වා දෙන පැය 24 පුරා ක්‍රියාත්මක මාර්ගස්ථ සහාය සේවාව (Roadside Assistance) හරහා ඕනෑම හදිසි අවස්ථාවක දී සහාය ලබා ගැනීමට 011 4 700 551 ඇමතිය හැකිය.

අතීතයේ මතකය අනාගතයේ තාක්ෂණය සමඟ මුසු කළ Chetak, නූතන කාන්තාවට සැබෑ අභිමානයකි.

අංක 47, පන්නිපිටිය පාර, බත්තරමුල්ල යන ස්ථානයේ පිහිටි ප්‍රධාන ප්‍රදර්ශනාගාරය වෙත පැමිණෙන්න. වැඩි විස්තර සඳහා 011 470 0550 අමතන්න.