ඔබේ දරුවා තරුණ වියට පැමිණීමත් සමග කායිකව මෙන්ම මානසිකව විවිධ වෙනස්කම් වලට භාජනය වේ.දෙමපියන් ලෙස ඔබ මේ ගැන සැලකිලිමත්විය යුත්තේ ඇයිද යන්න අපි අද ඔබට දැනුවත් කරන්නෙමු.
1. තරුණ දරුවන් තමා ගැන ඇති කරගන්නා අඩු තක්සේරුව
තරුණවියේ දරුවන්ට ඇතිවන අඩුතක්සේරුවට මුලික වශයෙන්ම බලපාන්නේ , දරුවාගේ සමාජමය පසුබිම, අධ්‍යාපනය තුල පවතින තරගකාරීත්වය,ඇසුරුකරන මිතුරන් මෙන්ම තමාට තමා ගැන නොතිබෙන විශ්වාසයයි. දරුවන් තමාව තමන්ගේ මිතුරන් සමග සංසන්දනය කිරීමට යොමුවන්නේ එම නිසාය.
මෙයට විසදුමක් ලෙස දෙමව්පියන්ට කල හැක්කේ හැකිතරම් දරුවාට සමීප වී ඔවුන්ගේ ඇති දක්ෂතා වැඩිදියුණු කිරීමට සහයෝගය ලබාදියමයි. තවද දරුවට අනෙකාගෙන් තමන්ව වෙනස්වන ආකාරය ගැන ඔබට කියාදිය හැකිය. ජයග්‍රහණයකදී මෙන්ම පරාජයකදීද දරුවාට එක සේ සහයෝගය ලබා දිය යුතුය.
2. මිතුර මිතුරියන්ගෙන් ඇතිවන බලපෑම. (Peer Pressure)
දරුවන් අදවනවිට මිතුර මිතුරියන් කරනදේ කිරීමට වැඩි උනන්දුවක් දක්වයි. මෙහිදී දෙමාපියන් ලෙස දරුවන්ට සමීපව කලයුතුදේ මෙන්ම නොකළයුතු දේ කියාදිය යුතුය.එහිදී යහළුවන්ගේ ජිවන රටා , පවුල් පරිසරය,මෙන්ම ඔවුන් කැමති අකමැති දේ වෙනස්වන ආකාරය ගැන මෙන්ම තමාට ගැලපෙන ලෙස ජිවත් වීමට දරුවන් යොමු කල යුතුය.එබැවින් දෙමාපියන් ලෙස හැමවිටම දරුවන් සමග මනා සම්බන්ධතාවයක් පවත්වාගැනීම, හොද මග පෙන්වීමක් මෙන්ම දරුවන්ට සමීපතමයන් වශයෙන් ඔවුන්ව තේරුම් ගැනීමත්ද ඉතා වැදගත් වේ.
3. දරුවන්ගේ පෞර්ශ්‍යත්වය ගොඩ නැගෙන දේ නිතර කිරීම.
තරුණවියේ දරුවන්ගේ පෞර්ශ්‍යත්වය ගොඩනැංවීම ඉතා වැදගත් කරුණකි.මෙහිදී ඔවුන්ට ඔවුන් ගැන ආත්මවිශ්වාසයක් ඇති කිරීම දෙමපියන්ලෙස සහය ලබාදීම ඉතා වැදගත් වන්නේ එම නිසාය.
දරුවන් මනසින් කඩා වැටෙනවිට ඔවුන්ට දැන හෝ නොදැන භාවිත කරන වචන ගැන දෙමාපියන් ලෙස සැලකිලිමත් විය යුතුය. නිතර ඔවුන්ව දිරිමත් කරන වචන භාවිත කිරීම ඔවුන්ව දිරිමත් කිරීමට හේතුවක් විය හැකිය.
මෙහිදී ඔබ තේරුම්ගත යුත්තේ ඔබේ දරුවන් යහපත් ලෙස ගොඩනැගීමට පෞර්ශ්‍යත්වය ඉතා වැදගත් කරුණක් බවත් දෙමාපියන් ලෙස දරුවන්ගේ පෞර්ශ්‍යත්වය වර්ධනයට ඔවුන්ව අගය කිරීම, දිරිගැන්වීම, ඔවුගේ අඩුපාඩු හදා ගැනීම සහය දීම ඉතා වැදගත් කරුණුවේ.
4. කඩා වැටීමට ලක්නොවන ශක්තිමත් මනසක් ඇති දරුවන් ගොඩ නැගීම.
මෙහිදී දෙමාපියන් ලෙස දරුවන්ව ශක්තිමත්ව ගොඩනැංවීමට ඔවුන්ට නිවැරදි මාර්ගය පෙන්වාදීම ඉතා වැදගත් වේ. මානසිකව වැටුණු දරුවන් නැවත ගොඩ නැගීම ඉතා අපහසු කාර්යයක් වේ. එම නිසා ඔබ දරුවන් එම තත්වයට පත්වන්නට නොදී බලාගත යුතුය.එලෙස මානසිකව ඇද වැටුණු දරුවෙකුට හොදම බෙහෙත ආදරය සහ රැකවරණයයි. එබැවින් ඔබේ දරුවන්ට නිසි ආදරය රැකවරණය ගෞරවය ලබා දෙන්න.
5. යහපත් වචන දරුවනට භාවිත කිරීම.
මවක් හෝ පියෙක් ලෙස අපට දියහැකි වැදගත්ම තෑග්ග වන්නේ දරුවන්ට නිසි ආකාරයෙන් ආමන්ත්‍රණය කිරීමයි. බොහෝ දෙමාපියන් දරුවන්ට දැන හෝ නොදැන කතා කරන වැරදි ආකාර හේතුවෙන් දරුවන් මානසිකව වැටීමක් සිදුවිය හැකිය . එහිදී දෙමාපියන් සමග දරුවා ගොඩනගා ගන්නා සම්බන්දතාවය ශක්තිමත් නොවිය හැකිය. දෙමාපියන් ලෙස ඔබ සැමවිට ඔවුන් සමග කතාබහ කරන විට කෝපය පාලනය කරගත යුතුය, එමෙන්ම දරුවාට සිටින හොදම සහ එකම මිතුරන් වන්නේ තමන් බව දැනෙන්නට ඉඩදිය යුතුය.
අවසාන වශයෙන් දෙමාපියන් වශයෙන් දැන හෝ නොදැන කරන වැරදි ළමයින්ව අයහපත් දේ සදහා යොමු කරවීමක් සිදුවිය හැකි බැවින් , හැම විටම ඔබ ඔවුන්ගේ සමීපතම මිතුරන් වීමට උත්සාහ කරන්න, ඔවුන්ට යහපත් සහ අයහපත කියාදෙන්න.