ශ්‍රී ලංකාවේ ඔසප් දරිද්‍රතාවයට (Period Poverty) ඇති පිළියම් මොනවාද? – ගුරුවරියකගේ අත්දැකීම

ඔසප් දරිද්‍රතා

මීගමුව නිව්ස්ටෙඩ් බාලිකා විද්‍යාලයේ උපදේශන අංශය භාර කල්පනි චතුරිකා මහත්මිය සමඟ කතාබහක්

ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ එදිනෙදා ජීවිතයේ සෑම අංශයකටම ඔසප් දරිද්‍රතාවය බලපාන බව මීගමුව නිව්ස්ටෙඩ් බාලිකා විද්‍යාලයේ උපදේශන අංශය භාර කල්පනි චතුරිකා මහත්මිය පවසයි. ඇය ඔසප් දරිද්‍රතාවය අවම කිරීමේ වැඩසටහන් සඳහා දායකත්වය ලබාදෙන ගුරු මහත්මියකි.

ඇය පෙන්වා දෙන්නේ – ශ්‍රී ලංකාවේ පාසල්වල ගැහැණු ළමයින් සෑම දිනකම ඔසප් දරිද්‍රතාවය නිසා ගැටළුවලට මුහුණ දෙන අතර එය ඔවුන්ගේ ජීවිතවලට සහ ඔවුන්ගේ අධ්‍යාපනයට බොහෝ ආකාරවලින් බලපාන බවයි.

ඔසප් දරිද්‍රතාවයේ සැඟවුණු පැත්ත

ඔසප් දරිද්‍රතාවයේ සියලු පැතිකඩයන් සැමවිටම මතුපිටින් පෙනෙන්නේ නැති නමුත් එය පාසල් දිනවලට සහ විෂය බාහිර ක්‍රියාකාරකම්වලට සහභාගී වීම සම්බන්ධව බලපාන අතර එනිසා ගැහැණු ළමයින් අතර අධෛර්යමත්කමක් ඇතිවේ.

“සෑම දිනකම ගුරුවරුන් මෙය පන්ති කාමර තුල සිදුවන බව දකී. ඔසප් කාලය තුලදී ගැහැණු ළමුන්ගේ පැමිණීම අඩු වන අතර එනිසා ඔවුන්ට පාඩම් වැඩ කටයුතුද මඟ හැරේ. ඒවගේම ඔවුන්ට අපහසුතාවයෙන් වාඩි වී පාඩම් කෙරෙහි අවධානය යොමු කළ නොහැකිය. මීට අමතරව, සනීපාරක්ෂක තුවා වැනි සම්පත් ලබාගැනීම දුෂ්කර බව අප දන්නෙමු”

සංස්කෘතික ගැටළු සහ දැනුවත්භාවයේ වටිනාකම

අපේ සමාජය තුළ ඔසප් සෞඛ්‍යය තවමත් සංස්කෘතිකව තහනම් වචනයක් ලෙස දකී. එහි ප්‍රතිඵලයක් ලෙස තරුණ ගැහැණු ළමයින්ට බොහෝ ප්‍රශ්නවලට මුහුණදීමට සිදු වී ඇත. නමුත් ඒවා දැනුවත්භාවය තුළින් පහසුවෙන් ජය ගත හැක.

පාසල්වල ගැහැණු ළමයින් සහ පිරිමි ළමයින් යන දෙපිරිසටම ඔසප් සෞඛ්‍යය නිතිපතා සෞඛ්‍ය විෂය මාලාවට ඇතුළත් කළ හැකි වුවද, දැනුවත්භාවය තුළින් ඔසප් දරිද්‍රතාවය ජය ගැනීම මෙම අගතීන් අවම කිරීම සඳහා සුදුසු වේ.

“සාම්ප්‍රදායිකව සැඟවූ මාතෘකාවන් ගැන විවෘත සංවාදයක් තිබිය යුතුය. එවිට දරුවන්, දෙමවුපියන් සහ ගුරුවරුන් අතර හරවත් සාකච්ඡා ඇතිවිය හැක, එමගින් මෙම කාරණා සම්බන්ධයෙන් දැනුම වැඩි කර ගැනීමට සහ ඔසප් දරිද්‍රතාවය අවම කිරීමට අවශ්‍ය මාර්ග සොයා ගත හැකි වේ.” යැයි ඇය පැවසුවාය.

ගුරුවරුන් එදිනෙදා දකින අභියෝග

ගුරුවරුන්ට පන්ති මට්ටමේද ඉන් පිටතද බොහෝ අවස්තා වල දක්නට ලැබෙන්නේ ඔසප් කාලය තුලදී සිසුවියන් මත පැටවෙන පීඩනයයි. සමහර තරුණියන් ඔසප් දින වලදී උපකාර ඉල්ලන අතර තවත් සමහර තරුණියන් එය නිහඩව දරාගනී. තවත් සමහරුන් මාසික ඔසප් දිනයන්හි පාසල් නොපැමිණෙයි.

“එසේ නොපැමිණීමට හේතුව වන්නේ ඇඳුමේ රුධිරය තැවරෙයි යැයි බිය වීම නිසාවෙනි.”

සමාජයේ සහ පාසල්වල වගකීම

“මේ කාරණය සම්බන්ධයෙන් දැනුම ලබා දීම සෑම ප්‍රජාවකටම අවශ්‍ය මෙන්ම, එමඟින් මේ ගැටළු පහසුවෙන් විසඳා ගත හැකිවේ.” යැයි ඇය පවසයි.

Fems සන්නාමය සමූහ සාකච්ඡාවන් මඟින් මාසික ඔසප් වීම සාමාන්‍ය කිරීම සහ පාසැල් තුල මෙන්ම ප්‍රජාව තුල අඩු මිලට සනීපාරක්ෂක තුවා ලබාදීමද සිදුකරයි.

පිරිමි පාර්ශවය දැනුවත් කිරීමේ අවශ්‍යතාව

කල්පනි චතුරිකා මහත්මිය පවසන ලෙස පිරිමි ළමුන් දැනුවත් කිරීමේ වැඩසටහන්ද දියත් කල යුතුය. එවිට මාසික ඔසප් දින “ගැහැණුන්ගේ මාතෘකාවක් පමණක්” යන මතයෙන් බැහැරවී, සාමාන්‍ය සාකච්ඡාවක් බවට පත් වේ.

අනාගතයට කරන ආයෝජනයක්

ඇය අවසන් වශයෙන් කියා සිටියේ – “ඔසප් දරිද්‍රතාවය (Period Poverty) සෞඛ්‍ය ගැටලුවක් පමණක් නොව. එය ලිංග සමානාතමතාවය සහ මනුෂ්‍ය අයිතිවාසිකම් සම්බන්ධ ගැටලුවක් බැවින් සෑම ගැහැණු ළමයෙකුම තම මාසික ඔසප් දින ආරක්ෂිතව සහ ගෞරවනීය ලෙස ගත කිරීමට අවශ්‍ය සම්පත් සහ සහාය ලබාගත හැකි බව සහතික කිරීම රටේ අනාගතයට කරන ආයෝජනයක් බවයි.”

නිෂ්පාදන ක්ෂේත්‍රයේ සහ අධ්‍යාපනයට පිවිසුම ලබාදීමත්, සම්ප්‍රදායික අදහස් බිඳ දැමීමත් හරහා, ශ්‍රී ලංකාව තුළ කිසිම ගැහැණු ළමයෙකුගේ අධ්‍යාපනය ස්වාභාවික ජෛව ක්‍රියාවලියක් නිසා නතර නොවිය යුතු බව ඇය අවධාරණය කර සිටියාය.