ඔයත් Overthinking නිසා දුක් විඳිනවා ද?

overthinking | A thoughtful Sri Lankan woman sits on her bed at night, softly lit by a bedside lamp and moonlight from the window, looking outside with a calm but emotionally heavy expression, representing overthinking and mental stress.

ඔයත් එක එක දේවල් ගැන දවස පුරාම නවත්තගන්න බැරිව හිත හිත ඉන්න කෙනෙක්ද?
රෑට ඇඳට ගියත් නිදාගන්න බැරුව හිත හිත ඉන්නවද?
කෙනෙක් කියපු වචනයක්, එයා බැලුව විදිහක්, හෙට වෙන්න පුළුවන් දේවල්—ඔක්කොම එකට හිතේ ගැටෙනවද?

දුක් වෙන්න එපා එහෙම වෙන්නෙ ඔයාට විතරක් නෙවෙයි.
අද කාලේ බොහෝ දෙනා Overthinking නිසා නිහඬව දුක් විඳිනවා. ඒත් කවුරුත් මේක ගැන කතා කරන්නෙ නෑ හිත ඇතුලෙම තියාගෙන ඒ දුක දරාගෙන ඉන්නවා.

Overthinking කියන්නේ ඇත්තටම මොකක්ද?

Overthinking කියන්නේ එකම දේ ගැන නැවත නැවත හිතන එක.
එහෙම හිතන එකෙන් කිසිදේකට විසඳුමක් ලැබෙන්නෙ නෑ.
හිතට විවේකයක් ලැබෙන්නෙත් නෑ.

අපි හිතනවා:
“මට ඒක වෙනස් විදිහකට කියන්න තිබ්බනේද?”
“එයා ඒක වැරදියට හිතුවද?”
“මං එදා එහෙම කලේ නැත්නම් හොඳයි නේද?”
“හෙට මොනවා වෙයිද?”

මෙහෙම හිතනකොට, හිත වටේම කැරකිලා කැරකිලා එකම තැනටමයි ආපහු එන්නේ. ඒක හරියට එකම මාර්ගයක් වටේ යන බස් එකක් වගේ. ගමනාන්තයට ලඟාවෙන්නේ නෑ.

අපි ඇයි මෙච්චර හිතන්නේ?

බොහෝ වෙලාවට overthinking එකට මුල වෙන්නෙ බය.

තමන් අතින් වැරදි වෙයිද කියලා බයයි.
අපිට කවුරුහරි අකමැති වෙයිද කියලා බයයි.
අනාගතේ අපේ ජීවිතේ හරි යයිද කියලා බයයි.

හිත අපිව ආරක්ෂා කරන්න උත්සාහ කරනවා. “හැම දෙයක්ම හිතලා බලලා කළොත්, දුක අඩු වෙයි” කියලා හිත කියනවා. ඒත් ඒ ආරක්ෂාව වැඩි වෙද්දි, මුලු හිතම බර වෙනවා. අපිට හුස්ම ගන්නවත් ඉඩ නැති වෙන තරමට.

Overthinking සහ Anxiety

Overthinking සහ anxiety එකට එකක් ගොඩක් සම්බන්ධයි.

බය වැඩි වෙද්දි—හිතන එක වැඩි වෙනවා.
හිතන එක වැඩි වෙද්දි—බය තවත් වැඩි වෙනවා.

ඒ නිසා කුඩා දේවල් උනත් ලොකු ප්‍රශ්න වගේ දැනෙනවා. Message එකකට reply එක ටිකක් පරක්කු වුණත්, හිත “මං වැරදි දෙයක් කරලාද?” කියලා හිතන්න පටන් ගන්නවා. එහෙම හිතන එකෙන් ශරීරයටත් මහන්සියක් දැනෙනවා. කිසිම වැඩක් නොකරත් මහන්සි දැනෙන්නේ ඒ නිසයි.

Relationshipsවල Overthinking

සම්බන්ධතා වලදී overthinking කියන දේ ගොඩක් වේදනාකාරී.

අනිත් කෙනාගේ කතාව අහන්නෙ නැතිව හිතනවා.
කතා කරන්නෙ නැතිව නිගමනවලට එනවා.
එයාගේ වචනවලට අර්ථ ගොඩක් දෙනවා.
Reply එකක් පරක්කු වුණත් හිත රිද්දගන්නවා.

ඒකෙන් relationship එක ඇත්තටම බිඳිලා යන්නේ නෑ. බිඳිලා යන්නේ අපේ හිත. කතා කරලා විසඳන්න පුළුවන් දේවල්, හිත ඇතුළේම ගොඩ ගහගෙන අපිම දුක් වෙනවා.

Overthinking නිසා තීරණ ගන්න බැරිවීම

Overthinking නිසා අපි තීරණ ගන්න බය වෙනවා.

“මේක හරිද?”
“පස්සේ පසුතැවෙන්න වෙයිද?”
“වෙන option එකක් තෝරගත්තොත් හොඳ වෙයිද?”

Perfect decision එකක් කියලා දෙයක් නෑ. හැම තීරණයකම අවදානමක් තියෙනවා. ඒත් overthinking නිසා අපි තීරණයක් නොගෙන ඉන්නවා. ඒකෙන් ජීවිතේ නවත්වලා තියනවා වගේ හැඟීමක් දැනෙනවා.

“හිතන එක නවත්තන්න” කියලා කියන එක අමාරු ඇයි?

හිත කොහොමත් naturally හිතනවා. ඒක නවත්තන්න බැහැ.

“හිතන්න එපා” කියලා කියනකොට, ඒ හිත තවත් බලවත් වෙනවා. හිතට විරුද්ධව සටන් කරනකොට, හිත ජයගන්න උත්සාහ කරනවා. ඒ නිසා හිත නවත්වන්න නෙවෙයි, හිතට respond කරන විදිහ වෙනස් කරන එකයි වැදගත්.

Overthinking අඩු කරන්න පුළුවන් සරල පියවර

Overthink කරන එක රෑකින් නවතින්නේ නෑ. ඒත් පොඩි පියවර ගන්න පුළුවන් Overthinking නවත්වන්න.

පළමුව, “මං දැන් overthink කරනවා” කියලා හඳුනාගන්න. ඒකම ලොකු පියවරක්.
ඊළඟට, “දැන් මට කරන්න පුළුවන් දේ මොකක්ද?” කියලා තමන්ගෙන්ම අහන්න.
තීරණ ගන්න කාලය සීමා කරන්න. දිගටම කල් දාන්න එපා.
ශරීරය චලනය කරන්න. පොඩි ඇවිදීමක්, හුස්ම ගැන්මක් හිතට විශාල විවේකයක් දෙන්න පුළුවන්.
“මේ ගැන පස්සේ හිතන්නම්” කියලා හිතන එක පස්සට දාන්න. බොහෝ වෙලාවට ඒ හිතන එක පස්සේ වැදගත් නැති වෙනවා.

Overthinking කියන්නේ දුර්වලකමක් නෙවෙයි

Overthinking කියන්නේ,
ඔයා care කරනවා කියන එක.
ඔයා responsible කියන එක.
ඔයා හිතන කෙනෙක් කියන එක.

ඒත් හැම දෙයක්ම හිතලා විසඳන්න බැහැ. ජීවිතේ සමහර උත්තර අනවශ්‍ය විදියට හිතන එක නවත්තද්දිම ලැබෙනවා. හැම දෙයක්ම control කරන්න බැරි බව පිළිගත්තම, හිත ටිකක් නිදහස් වෙනවා.

Overthink කරන එක ගොඩක් වැඩි නම් මොකද කරන්නේ?

Overthink කරන එක ගොඩක් වැඩි නම්, ඒක anxiety, stress, trauma, burnout වගේ දේවල් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. නිදාගන්න බැරි නම්, දවස පුරාම හිත බර නම්, දිනපතා ජීවිතයට බාධා වෙන්නෙ නම්, උදව් ගන්න එක දුර්වලකමක් නෙවෙයි. ඒක තමන් ගැන care කරන නිසා තමන් තමන් වෙනුවෙන් කරන දෙයක්.

ඔයත් Overthinking නිසා දුක් විඳිනවා නම්, ඔයා තනි වෙලා නෑ කියලා මතක තියාගන්න. බොහෝ දෙනා මේ දුක නිහඬව දරාගෙන ඉන්නවා.

හිතට ටිකක් විවේකයක් දීලා, ජීවිතේට ටිකක් space දීලා, පොඩි පියවරක් ඉදිරියට යන්න පුළුවන්. සමහර වෙලාවට, හිතන එක නවත්තද්දිම ජීවිතේ පැහැදිලි වෙනවා.

ඔයා හැම දෙයක්ම හිතලා විසඳන්න අවශ්‍ය නෑ. සමහර දේවල් ජීවිතේ අත්දැකලා ඉගෙනගන්නත් පුළුවන්.

ඔයාටත් කාටවත් කියන්න බැරි දෙයක් තියනවා නම් ලියට කියන්න ඔයාට සවන් දෙන්න අපි සූදානම්